නිවැරදිව ආහාර ශීත කිරීමට උපදෙස් 5ක්

June 18, 2021
5,890
5 tips to freeze foods the right way
බොහෝවිට ඔබ රැකියාවක් කරන කාර්‍යබහුල කාන්තාවක් නම් සති අන්තයේ එක දවසක් ආහාර පිස ශීත කරනවා වෙන්න පුළුවන්.. නැතිනම් එසේ ආහා‍ර වර්ග ශීත කිරීම පිළිබද යම් දෙගිඩියාවකින් පසුවනවා වෙන්නත් පුළුවන්.. එසේනම් මෙන්න ඔබ සියලු දෙනාටම ප්‍රයෝජනවන නිවැරදිව ආහාර ශීත කිරීමට උපදෙස්..

1. කුමන ආකාරයේ ආහාර ශීත කළ හැකිද යන්න පිළිබද මූලික අවබෝදයක් ලබාගන්න (ලේබලය පරීක්ෂා කරන්න)



ඔබ දන්නවා ඇති ඇතැම් ආහාර ශීත කිරීම නුසුසුයි. සාමාන්‍යයෙන් අමු එළවලු, පළතුරු සහ පිසින ලද ආහාර ශීත කිරීම කළ හැකියි. නමුත් ඇතැම් මස් වර්ග සහ අධිශීත කරන ලද ආහාර නැවත නැවත ශීත කිරීම නොකල යුතු වනවා. නමුත් ඔබට මස්වර්ග කලින් පිස ශීත කිරීමට හැකි අතර භාවිතයට පෙර ශීතකරණයෙන් ඉවත් කර කැමති නම් රත්කර හෝ මයික්‍රොවේව් උදුනට දමා ආහාරයට ගත හැකියි.


2. ආහාර අවශ්‍ය ප්‍රමාණවලට බෙදා ශීත කරන්න



ඔබ රැකියාවට යන කාන්තාවක් නම් ඔබ සති අන්තයේ එකදිනකදී ආහාර පිළියෙල කරනවා හෝ නැතිනම් ඉදිරි සතියට අවශ්‍ය ආහාර සෝදා කපා තබනවා ඇති.. එසේ නම් එසේ පිසින ලද ආහාර හෝ සෝදා කපා තබන ආහාර ඔබට එක් එක් වේල සඳහා අවශ්‍ය වන ප්‍රමාණයන්ගෙන් සකසා ඇසුරුම්කර තැබිය හැකියි.. එවිට ඔබගේ කාලය ඉතිරි වන අතර අවශ්‍ය විටදී අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් පිළියෙල කරගත හැකියි. නැවුම් එළවලු වල රසය සහ වර්ණය ආරක්ෂා වීමට උණුවතුරෙන් සෝදා නැවත ශීත වතුරෙන් සෝදා වියළුණු පසු ශීතකරණයේ තැන්පත් කිරීමත් කලයුතුයි..


3. කල් ඉකුත් වන දිනය පිළිබඳ සැලකිලිමත් වන්න



ඔබ ශීතකරණයේ තැන්පත් කරන ආහාරයන් හි කල් ඉකුත්වීමේ දිනය පිළිබඳ අවදානයෙන් සිටීමත් වැදගත් ඒ වගේම ඔබ සතියකට වරක් හෝ පැරණි ආහාර ඉදිරියට ගෙන අලුත් ආහාර පිටුපසට වන සේ තැන්පත් කරන්න.. ඔබට හැකිනම් අසුරනයන් සහ පෙට්ටි ලේබල් කිරීම මගින් ඔබට ආහාර පහසුවෙන් සොයා ගැනීමටත් හැකියාව ලැබෙනවා.. එමෙන්ම ඔබ ශීතකරණයේ තැන්පත් කරන ද්‍රව්‍යයන්හි ලැයිස්තුවක් තබාගැනීමත් කාර්‍යබහුල ජීවණ රටාවක් ගතකරන ඔබට කදිම විසඳුමක් ලෙස දැක්වීමට පුළුවන්..


4. ශීතකරණයේ ඉඩ ප්‍රමාණය ඵලදායිව භාවිතය



කාර්‍යබහුල ඔබට ශීතකරණය තුලත් දේවල් සෙවීමට වීමම අමතර කරදරයක් නේද..? එසේ නම් ඔබ ශීතකරණය තුළ තැන්පත් කරන ද්‍රව්‍ය අපිලිවෙලට දැමීමෙන් වැළකී ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඉඩ ප්‍රමාණය කළමණාකරනය කරගත යුතුයි.. මස් මාළු වර්ග වෙන වෙනම ඇසුරුම් කර තැන්පත් කරන්න.. නැවුම් එළවලු, පිසින ලද එළවලු, පළතුරු සහ කුඩා දරුවන් සිටී නම් ඔවුන්ගේ ආහාර, බීම වර්ග ආදිය පිළිවෙලට ගබඩා කළ යුතුයි.. ඔබට අවශ්‍ය පරිදි රාක්ක බෙදා ගැනීමත් සිදු කල හැකියි..


5. ශීත කිරීමට අවශ්‍ය ආහාර දැමීමට සුදුසු බහාළුම් තෝරාගත යුතුයි



ආහාර ගබඩා කිරීමේදි ප්ලාස්ටික් පෙට්ටි වෙනුවට ශීතකිරීමට හැකි බෑග් (freezer bags) භාවිතයෙන් වැඩි ඉඩ ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමටද ඔබට හැකි වනවා. නමුත් මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතුයි ඔබ ගබඩා කරන ආහාරයට ගැලපෙන පරිදි ඇලුමිනියම් / ප්ලාස්ටික්/ වීදුරු බහාලුම් හෝ ශීතකවර ආදිය තෝරා ගැනීම සම්බන්දයෙන්.. ඇතැම් විට ඉවත් කිරීමට යාමේදී වීදුරු භාජන /බෝතල් බිදීමට ඉඩ තිබෙනවා.. ඒ වගේම ඔබ අනන ලද පිටි මෝලි (cookie and pastry dough) ශීතකරණයේ තැන්පත් කරනු ලබන සෑම විටම ඒවා බේකින් කඩදාසි වල ඔතා ප්ලාස්ටික් බහාළුම් වල දැමිය යුතුයි.. ඒ වගේම කප් කේක්, මෆින් වැනි ආහාර හොඳින් ඔතා ශීතකරණයේ තැබිය යුතු වනවා..


ඉතින් ඔබටත් ඔබගේ කාර්‍යබහුල ජීවණ රටාවට යම් ඉසිඹුවක් ලබා ගැනීමට වුවමනා නම් වඩාත් ලේසි පහසු ක්‍රම අදහදා බැලිය යුතුයි.. ඉතින් මේ විවේකි සති අන්තයේ පොඩි වේලාවක් ගෙන ඔබේ ශීතකරණය හොඳින් සංවිදානය කර ගත්තොත්, නිසි පරිදි කාල කලමණාකරනය කරගෙන විශ්වාසයෙන් ඉදිරි සතියට මුහුණ දීමට ඔබටත් පුලුවන්කමක් ලැබේවි..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1991 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:13:43 PM
Script:/article/1991/5-tips-to-freeze-foods-the-right-way.html
Referer:https://priceline.com/

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:13:44 PM
Script:/article/1991/5-tips-to-freeze-foods-the-right-way.html
Referer:https://priceline.com/