පැපොල් හෙවත් දේවදූතයාගේ පළතුරේ අනේක ප්‍රයෝජන

May 2, 2020
2,876
Benefits of papaw
හැඩකාරියෝ තවමත් නොදැන සිටියත් පැපොල් කියන්නේ ඉතාම ගුණදායක පළතුරක්. ක්‍රිස්ටෝපර් කොලම්බස් විසින් පැපොල් හැදින්වූයේ “දේවදූතයාගේ පළතුර” විදිහටයි. ඉතින් මේ ගුණදායක පැපොල් පළතුරක් විදිහට වගේම අමුවෙන් ව්‍යංජනයක් විදිහටත් පිළියෙල කර ගන්න පුලුවනි. අච්චාරුවලට වගේම මස් පිසින විට එය මෙලෙක් කිරීමටත් අමු පැපොල් පෙති කීපයක් එකතු කරන්න. ඉදුන පැපොල් පානයක් වගේම ජෑම් සකස් කිරීම වෙනුවෙනුත් යොදා ගත හැකියි. සේරටම පළමුව අපි බලමුකෝ පැපොල්වලින් ලැබෙන ගුණ මොනවාද කියලා...?

කොලස්ටරෝල් පාලනය
ඉස්සරවගේ දැන් හැඩකාරියන්ට ව්‍යායාම ලැබෙනවා අඩුයි. ඒ වගේම ආහාරවලින් මේද ගබඩාවීම තවත් පැත්තකින් සිදු වෙනවා. ඒ නිසා අහිතකර විදිහට කොලස්ටරෝල් ගිණුම ඉහළට යා නොදී පාලනය කිරීමේ හැකියාව පැපොල්වලට තිබෙනවා.

පැපොල් ප්‍රතිඔක්සිකාරක ගුනයෙන් යුක්ත නිසා සිරුරේ ප්‍රතිශක්තිකරණය ඇති කරනවා

මළ බද්ධයට ඉතාම ගුණයි.
උදේ ආහාරයට පෙරාතුව පැපොල් කෑල්ලක් ආහාරයට ගත් විට හොඳින් මලපහ වෙනවා. ඒ වගේම අමු පැපොල් තම්බා ආහාරයට ගැනීමත් මලබද්ධයට ගුණදායකයි.

සිරුරේ අධික දැවිලි සහ උෂ්ණගතිය ඇති අයට පැපොල් බොහොම ගුණදායක පළතුරක්.

පැපොල්වල අන්තර්ගත විටමින් '' සි" සහ ''ඊ " නිසා වියපත් වීම පාලනය වෙනවා.

සම සිනිදු කරන ගුනයෙන් යුක්තයි.
පැපොල් මදය සූරාගෙන එයට මීපැනි මිශ්‍ර කරමින් හොඳට පොඩි කරන්න. දැන් මෙය පැය බාගයක් පමන තබා එයින් පසුව මුහුණ හොඳින් පිරිසිදු කර ගෙන සාදාගත් පැපොල් තලපය මුහුණේ ආලේප කරන්න. සතියකට දින තුනක් පමණ මේ සත්කාරය කිරීමෙන් සම සිනිදු වෙනවා.

අමු පැපොල් මැල්ලුමක් සාදා ගන්නේ මෙහෙමයි.

අවශ්‍ය දේ :

අමු පැපොල් ගෙඩියක්
සූදුරු තේ හැඳි 1/2
ගම්මිරිස් ඇට තේ හැන්දක්
සුදුළූණු බික් පහක්
අමු මිරිස් කරල් 5ක්
රතුළූණු ගෙඩි තුන හතරක්
රම්පෙ, කරපිංචා
කහ ස්වලපයක්
ලුණු
අබ ඇට කීපයක්
පොල් මිටක් පමණ
තෙල්

සාදන අන්දම :

01. පැපොල් ගෙඩිය පෙති කපා කහ, රතුළූණු, රම්පෙ, කරපිංචා අමුමිරිස් සහ ලුණු දමා තම්බා ගන්න.

02. සුදුළූණු, සූදුරු, ගම්මිරිස් සමග පොල් අඹරා ගන්න.

03. තැම්බීගෙන එන පැපොල් මත අඹරා ගත් පොල් තබන්න.

04. පොල් වෙතින් දුම් නගින විට එය හොඳින් කූරු ගාන්න.

05. තෙල් ලිප තබා එයට අබ පුපුරවා පැපොල් තෙම්පරාදු කර ගන්න.

පැපොල් ව්‍යංනයක් විදිහටත් සාදා ගන්න පුලුවනි.

අවශ්‍ය දේ :

අමු පැපොල් ගෙඩියක්
තුනපහ තේ හැඳි 1/2
මිරිස් තේ හැන්දක්
අමුමිරිස්
රතුළූණු ගෙඩි තුන හතරක්
රම්පෙ, කරපිංචා
කහ ස්වලපයක්
ලුණු
අබ ඇට කීපයක්
පොල් කිරි කෝප්ප බාගයක්
තෙල්

සාදන අන්දම :

01. පැපොල් ගෙඩිය අගලක පමණ කැට කපා කහ රතුළූණු, රම්පෙ, කරපිංචා, අමුමිරිස්, මිරිස්, තුනපහ සහ ලුණු ද එකතු කරන්න.

02. වතුර කෝප්ප බාගයක් පමණ එක් කර තම්බා ගන්න.

03. හොඳින් මෙලෙක්ව තැම්බුන පසුව තෙල් ලිප තබා එයට අබ පුපුරවා පැපොල් තෙම්පරාදු කර ගන්න.

04. දැන් මිටිකිරි කෝපප් බාගය එකතු කර එය පැහෙන විට ලිපෙන් ඉවතට ගන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1579 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:29:56 PM
Script:/article/1579/benefits-of-papaw.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:29:56 PM
Script:/article/1579/benefits-of-papaw.html