ඔබත් ඇපෙන්ඩිසයිටිස් හඳුනා ගන්න නම් මේ ලක්ෂණ දැන ඉන්න ඕනේ

July 30, 2020
7,585
How to identify appendicitis
බඩේ කැක්කුම කියන්නේ හරිම අසහනකාරි දෙයක්. හැබැයි සාමාන්‍ය බඩේ කැක්කුම හොඳ කරගන්න හෝ අඩු කරගන්න අපිට ක්‍රම තියෙනවා. ඒත් ඇපෙන්ඩිසයිටිස් හැදුනාම ඇති වෙන බඩේ කැක්කුම මොන ආකාරයෙන් වත් සමනය කරන්න බෑ. වැරදි ආහාර රටාවන් එක්ක සමාජයේ ඇපෙන්ඩිසයිටිස් තත්වය සුලබ සෞඛ්‍ය ගැටලුවක් වෙලා.

ඇපෙන්ඩිසයිටිස් කියන්නේ උණ්ඩුකපුච්ඡයේ ඇතිවන ඉදිමීමයි. මෙය මලපහ ඝන් වී සිර වීම, පළතුරු හෝ එළවළු වල ඇට නිසා හෝ පිලිකාවක් නිසා ඇති වන ආසාදනයකින් සිදු වේ.

ඉතින් ඇපෙන්ඩිසයිටිස් තත්වයක් ඇති වෙලා නම් එය හඳුනා ගන්න මේ ලක්ෂණ හත උපකාරී වේවි.

- ඔයාගේ බඩ වටා හදිසියේම ඇති වන අධික වේදනාව
- පැය දෙකකට වගේ පසුව, වේදනාව ඔයාගේ යටි බඩේ දකුණු පැත්තට ගමන් කරයි
- වේදනාව එන්න එන්නම උග්‍ර වෙනවා
- වේදනාව දැනෙන්නේ ඔයා මීට පෙර කවදාවත් අත්විඳ නැති විදිහටයි
- ඔයාගේ බඩ ස්පර්ශ කිරීම, කැස්ස, ගැඹුරින් ආශ්වාස කිරීම හෝ වෙනත් කම්පනකාරී චලනයන් මගින් තියුණු වේදනාවක් ඇති වෙනවා
- ශරීර උෂ්ණත්වය ඉහල යනවා 
- බඩේ වේදනාව සමග ඔක්කාරය, ආහාර අරුචිය, මලබද්ධය සහ වමනය ඇති විය හැක

එය සුව කරන්නේ කොහොමද?
කනගාටුවට කරුණ නම් ඇපෙන්ඩිසයිටිස් ඉබේ හෝ බෙහෙත් වලින් හොඳ කරන්න බෑ. මෙයින් මිදීමට උණ්ඩුකපුච්ඡය හැකි ඉක්මනින් ඉවත් කළ යුතු යි. මෙය සිදු වන්නේ නිර්වින්දනය භාවිතා කර සැත්කමක් මගින්. උණ්ඩුකපුච්ඡය නියමිත වේලාවට ඉවත් නොකළ හොත් එය පුපුරා යාමට ඉඩ තියෙනවා. 

ඉතින් මේ වගේ වද විඳින්නේ නැතිව හොඳින් වතුර බොන්න. අඩුම තරමින් වැඩිහිටියෙක් නම් බෝතල් දෙකක් වත් දිනකට. හොඳ ආහාර රටාවක් පවත්වා ගන්න. බේකරි ආහාර, බිස්කට්, ක්ෂණික ආහාර වැනි ආහාර අඩුවෙන් සහ එළවලු, පළතුරු, බතල වගේ තන්තු බහුල ආහාර වැඩියෙනුත් ආහාරයට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1737 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:52:20 AM
Script:/article/1737/how-to-identify-appendicitis.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:52:20 AM
Script:/article/1737/how-to-identify-appendicitis.html