ව්‍යායාමයකින් පසු ආහාරයට ගත හැකි හොඳම ආහාර 5 ක්

May 11, 2020
4,792
Best foods to take after a workout
කාර්යබහුල ජීවිතයත් සමග සමහර ආහාර රටා නිසා කාන්තාවන් තරබාරු වෙනවා. ඉතිං ඇඟ ශේප් කර ගන්න කාන්තාවන් උදේ සවස ව්‍යායාම කරනවා. ව්‍යායාම කරන විට දහඩිය අධික ලෙස පිට වීමෙන් ශක්තියෙන් දහනය කරන අතර කුසගින්න ඇති කරනවා. වෙහෙස මහන්සි වී  ව්‍යායාම කරත් පසුව අනවශ්‍ය ආහාර අනුභව කිරීමෙන් ව්‍යායාම කිරීමේ සාර්ථකත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ. අද හැඩකාරී අපි ඔයාට ව්‍යායාමයකින් පසු ආහාරයට ගත හැකි හොඳම ආහාර කිහිපයක් ගැනයි කියන්න හිතුවේ.

බර අඩු කර ගැනීමට උදව් කරනවාට වඩා බර වැඩි කරන්නේ නැති ආහාර සොයා ගැනීම අභියෝගයක්. ව්‍යායාම කිරීමෙන් පසු ආහාරයට ගත හැකි හොඳම ආහාර වර්ග 5 ක් මෙන්න,

1. අලිගැට පේර සමග ටෝස්ට් මත තැම්බූ බිත්තර
හැකි සැම විටම කඩ වලින් කෑම කන එක නතර කර උදේ ආහාරය නිවසේදීම සාදා ගන්න. දවස පුරා ඔයාගේ ශරීරයට ශක්තිය ගෙන දෙන ආහාරයක් තමයි මේ. බිත්තර වලින් ප්‍රෝටීන් සහ මේද ලැබෙන අතර අලිගැටපේර පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පිරි පලතුරකි. ව්‍යායාම ඉවර වූ පසු මෙම පෝෂ්‍ය පදාර්ථ බහුල අමුද්‍රව්‍ය දෙක එකතු කර ගැනීමෙන් සිරුර යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වනවා.

2. ජලය 
ව්‍යායාම කිරීමෙන් පසු ජලය එතරම් ප්‍රියජනක දෙයක් නොවේ. නමුත් ඔයා වෙහෙස මහන්සි වී ව්‍යායාම කරන විට, දහඩිය මගින් ඔයාගේ ශරීරයට ජලය විශාල ප්‍රමාණයක් අහිමි කරනවා. විජලනය වැළැක්වීම සඳහා ව්‍යායාම කිරීමෙන් පසු සාමාන්‍ය තරමින් ජලය පානය කර අහිමි වූ ජලය නැවත ලබාගන්න. ව්‍යායාමවලින් පසු ශරීරයට ආහාර ලබාගැනීමට පෙර මෙලෙස ජලය පානය කිරීම වැදගත්. 

3. බතල 
බොහෝ විට ඔයා ව්‍යායාමයක් අවසන් කළ විට, ඔයාට වැඩිපුරම දැනෙන්නේ පිෂ්ඨය අවශ්‍ය බවයි. කොහොම වුනත් තෙල් සහිත, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගන්නවට වඩා, බතල වැනි ආහාරයක් සිරුරට ගුණදායකයි. බතල විටමින් සහ ඛනිජ ලවණ වලින් පොහොසත්. ඉතිං ශරීරයට ව්‍යායාම කිරීමෙන් පසු බතල ආහාරයට එකතු කර ගන්න.

4. පලතුරු
ව්‍යායාමයකින් පසු, ඔයාගේ ශරීරයට යථා තත්ත්වයට පත්වීම සඳහා පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වනවා. ඒ සඳහා ඔයා ඉක්මනින් හා පහසුවෙන් ජීර්ණය වන ආහාර අනුභව කරන්න ඕනේ . ව්‍යායාම කිරීමෙන් පසු බෙරි, කෙසෙල්, කිවි සහ අන්නාසි වැනි පලතුරු ආහාරයට එකතු ගන්න. 

5. ග්‍රීක් යෝගට්
මෙහි ප්‍රෝටීන්, කැල්සියම්, probiotics සහ බී12 බහුල වශයෙන් අඩංගු වන අතර පහසුවෙන්ම ආහාර වේලට එකතු කර ගන්න හැකි ආහාරයකි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1590 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:55:34 AM
Script:/article/1590/best-foods-to-take-after-a-workout.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:55:35 AM
Script:/article/1590/best-foods-to-take-after-a-workout.html