ඉක්මනට කෙට්ටු වෙන්න ඕන අය මේ දේවල් ගැන අනිවා දැන ගන්න

September 7, 2018
14,209
Get to know about these if you are overweight
ශරීරයේ බර වැඩිවීම සහ අධික තරබාරුව කියන්නේ අද වෙද්දි ගොඩක් දෙනෙක්ට මුහුණ වෙලා තියෙන අවාසනාවන්ත තත්වයක්. ඒ වගේම විවිධ ලෙඩ රෝග රැසකට හේතුවවෙන මූලිකම අවස්ථාවක්. බෝ නොවන රෝග අතර අධික තරබාරුව කියන්නේ තවත් එක රෝගයක් විතරයි. මේ තත්ත්වය ඇති වෙන්න ස්ත්‍රී පුරුෂ භේදය කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම හැම වයස් මට්ටමක් තුළම මේ අධික තරබාරුව කියන දේ දකින්න පුළුවන්. ඔක්කොටම කලින් මේ විදියට ශරීරය මහත් වෙන්න එහෙම නැත්තං ස්ථුල බවට පත්වෙන්න හේතු වෙන්නේ මොකක්ද කියන එක ගැන හරි අවබෝධයක් තියාගන්න එක ගොඩක් වැදගත්. මොකද මේ තත්ත්වයෙන් අත් මිදෙන්න නම් ඔයා තබන්න ඕන පළවෙනිම පියවර තමයි ඒ ගැන හරියටම දැනගෙන ඉන්න එක.

විවිධ කායිකමය ගැටලුකාරී තත්තවයන් වගේම සහජමය වශයෙනුත් ඒ කියන්නේ හෝමෝන වල බලපෑම, සමහර රෝගවලට නිර්දේශ කරන ඖෂධ දිගු කාලීනව භාවිතා කිරීම මඟිනුත් මේ තරබාරු බව ඇති වෙන්න පුළුවන්. ඒත් මෙතැනදී අපි කතා කරන්නේ එවැනි හේතුවලින් තොරව ස්ථුලභාවයට පත්වන අය ගැන සහ ඒකට හේතුවෙන්න පුළුවන් මොනවද කියන එක ගැන.

ජානමය සාධක වල්ට අමතරව පුද්ගලයාව තරබාරු කරන්න හේතු වෙන තව හේතු ගොඩක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම හේතුවක් තමයි අධික කැලරි ප්‍රමාණයක් දෛනිකව ශරීරයට ලැබෙන තෙල් බහුල ආහාර වරින්වර පරිභෝජනය කිරීම. ඒ වගේම ව්‍යායාමවලින් තොරව අක්‍රියශීලී දිවිපෙවෙතක් ගත කිරීම තමයි මේ තත්ත්වයට ප්‍රධානම හේතු වෙන්නේ. මේ වගේ ආහාර රටාවක් අනුගමනය කරන කෙනෙකුගේ ශරීරයට වැඩිපුර දිනකට අවශ්‍ය ප්‍රමාණයයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් ලැබෙනවා. ඒ විතරක් නෙමේ ව්‍යායාම් කර කරන්නේ නැති නිසා එම වැඩිපුර කැලරී වැය වීමට තියෙන අවස්ථාවනුත් නැතුව යනවා. එම නිසා ස්ථුල බව නැති කර ගැනීමට කුමන ආකාරයක ප්‍රතිකාර ගත්තත් ඒ හැම දේකටම වඩා වැඩි අවදානයක් දිය යුත්තේ දෛනිකව ආහාරපාන මඟින් ශරීරයට ලැබෙන කැලරි ප්‍රමාණය අඩු කිරීමට සහ දැනටමත් එසේ ඇති අතිරික්ක කැලරි දහනය කිරීමත් යන මූලික කරුණු ගැන.

අධික තරබාරු බව කියන්නේ ලෙඩ ගොඩකට අත වැනීමක්

අධික තරබාරු බව කියන්නේ විවිධ ලෙඩ රෝග රැසක්ට අත වනන තත්වයක්ත්වයක්. විශේෂයෙන් බෝ නොවන රෝග රැසකටම මූලිකම හේතුව සපයන්නේ මේ අධික තරබාරුව. ඒ නිසා හැකි තරම් තමන්ගේ ආහාර හා ජීවන රටාව වෙනස් කරගෙන මේ තත්වයන් අවම කරගන්න ඔබ අනිවාර්යෙන් උත්සාහ ගත යුතුයි. එහෙම නැති වුනොත් ලෙඩක් දුකක් නැතුව ජිවත් වෙනවා කියන එක හීනයක් වෙලා යනවා. විශේෂයෙන් බෝ නොවන රෝගවලින් පෙළෙන්නේ නැති කෙනෙක් නැති තරම්. ඉතින් මේ අවාසනාවන්ත තත්ත්වයෙන් මිදෙන්න අවශ්‍ය පියවර ගන්න ඕනත් අපිම තමයි

දියවැඩියාව
හෘද රෝග
සන්ධි රෝග
ආඝාතය
අධි රුධිර පීඩනය
කොලෙස්ටරෝල්

වගේ බරපතල රෝග ගණනාවක් ඇතිවීමේ අනාගත අවදානමක් ස්ථුල බවින් යුතු පුද්ගලයන්ට තියනවා. ඒ විතරක් නෙමෙයි ස්ථුල බව කියන්නේ දෛනික වැඩ කටයුතු කර ගන්නත් ලොකු බාධාවක් වෙන තත්ත්වයක්. මේ තත්ත්වයන්ට අමතරව කාන්තාවන්ගේ මඳ සරු භාවය ඇති වෙන්නත්, ඔසප් චක්‍රයේ දෝෂ ඇතිවෙන්නත් මෙය බලපානවා.

ඒ වගේම යමෙකුගේ ලිංගික ජීවිතය කෙරෙහිත් ස්ථුල බව එක ලෙසම බලපෑම් කරනවා. ඒ වගේම ශරීර අවයව විශේෂයෙන්ම උදරය, තට්ටම්, ඉණ දෙපස, පියයුරු එල්ලා වැටීම, වැනි තත්ත්වයන් ඕනම කෙනෙක්ගෙ සුන්දරත්වයටත් බාධාවක්. ස්ථුල බව ඇති වෙන්නත් ඒ හේතුවන් ඔබට මුහුණ දෙන්න වන භයානක තත්ත්වයන් ගැනත් දැන් තේරුණා නේ. කොහොමද මේ තත්ත්වයන්ගෙන් ගැලවෙන්නේ, ඔයාට මොනවද කරන්න පුළුවන් කියලත් කියන්නම්. පොඩ්ඩක් ඉවසලා ඉන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1070 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:32 AM
Script:/article/1070/get-to-know-about-these-if-you-are-overweight.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:32 AM
Script:/article/1070/get-to-know-about-these-if-you-are-overweight.html