හැම තිස්සෙම මුහුණ ගැන වද වෙන කෙනෙක් නම් මේ දේවල් උත්සහ කරන්න

June 8, 2020
35,996
Try these if you worry about your face too much
අපි හැම කෙනෙක්ටම තමන්ටම කියලා ආවේණික ලස්සනක් තියෙනවා. ඒ ලස්සන වැඩි කර ගන්න ස්වාභාවික පිළියම් භාවිතා කරන්න. විශේෂයෙන් මේ ලිපියෙන් කියන්නේ කාන්තාවකගේ සුන්දරත්වය වැඩි කර ගන්න ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැනයි. කොහොමින් කොහොම හරි ගෙදර ඉන්න වෙලාවට ඔයාට සම ගැන විශේෂ අවධානයක් දෙන්නත් පුළුවන්.

කඩල පිටි සහ යෝගට්

රූපලාවණ්‍ය සත්කාර වල වඩාත් ප්‍රිය කරන අමුද්‍රව්‍ය දෙකක්. මෙය ප්‍රෝටීන්, විටමින්, ඛනිජ සහ ප්‍රතිඔක්සිකාරක වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත්. ඕනෑම වර්ගයක සමක් සඳහා සුදුසුයි. ඔයාට මී පැණි, කිරි හෝ රෝස වතුර සමඟ කඩල පිටි මිශ්‍ර කර ස්ක්‍රබ් එකක් සදා ගත හැක. කුරුලෑ වලට එරෙහිව සටන් කිරීමට, මිය ගිය සමේ සෛල ඉවත් කිරීමට සහ මොයිස්චරයිසින් කිරීම වැනි විවිධ ප්‍රතිලාභ සඳහා මෙම සත්කාරය භාවිතා කරන්න පුළුවන්.

භාවිතා කරන්නේ කොහොමද?
ඔයාගේ සම හොඳින් පිරිසිදු කර ගෙන එකවරම මොයිස්චරයිස් කිරීමටත් කඩල පිටි සමඟ යෝගට් මිශ්‍ර කර සදා ගත් තලපය අලේප කරන්න. ඔයාගේ මුහුණෙ දූවිලි හා අනවශ්‍ය තෙල් ඉවත් කිරීම සඳහා මෙම මිශ්‍රණය සුදුසුයි.
** කුරුලෑ ඇති සමක් සඳහා, බැක්ටීරියා නාශක බලපෑමක් කිරීමට සෑම විටම මෙම මිශ්‍රණයට කහ ටිකක් එක් කරන්න.

මී පැණි සහ ලෙමන් 

මී පැණි ප්‍රතිඔක්සිකාරක, විෂබීජ නාශක සහ මොයිස්චරයිසින් ගුණ වලින් පිරී තියෙනවා. මෙය විශිෂ්ට පිරිසිදුකාරකයක් ලෙස ක්‍රියා කරන අතර දිගු කාලයක් සම සජලීකරණය කරනවා. මෙමඟින් සම පැහැපත් හා දීප්තිමත් වෙනවා.

සදා ගන්නේ කොහොමද?
මී පැණි තේ හැන්දක් ගෙන එයට ලෙමන් බින්දු දෙකක් හෝ තුනක් එකතු කරන්න. මෙම මිශ්‍රණය මුහුණේ ආලේප කර ස්වල්ප මොහොතකට පසු පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.
** සංවේදී සමක් ඇති කෙනෙක් නම් මී පැණි පමණක් භාවිතා කරන්න.

ඇපල් සයිඩර් විනාකිරි

ඇපල් සයිඩර් විනාකිරි වල ඇති ආම්ලික ස්වභාවය නිසා එය සම සඳහා ඵලදායී පිරිසිදුකාරකයක් වනවා. ඇපල් වලින් ලබාගත් ACV මගින් සමේ pH අගය සමතුලිත වන අතර එමඟින් සමෙහි යහපත් ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කරනවා. malic acid වලින් පොහොසත්, ACV මගින් සිදුරු මෘදු ලෙස ඉවත් කර, කුරුලෑ ඇති සම මත හොඳින් ක්‍රියා කරන අතර අඳුරු පැල්ලම් අඩු කරනවා.
 
සදා ගන්නේ කොහොමද?
වතුර කෝප්ප හතරකට ඇපල් සයිඩර් විනාකිරි මේස හැන්දක් මිශ්‍ර කරන්න. මුහුණේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට මෙම මිශ්‍රණය භාවිතා කරන්න. නිතිපතා ෆේස් වොෂ් භාවිතා කරන ආකාරයට මෘදු ලෙස සම්බාහනය කර සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.
** රෝස වතුර සමග ඇපල් සයිඩර් විනාකිරි මිශ්‍ර කර මුහුණ පිරිසිදු කරන අයට ස්වභාවික ලස්සනක් ලැබෙනවා.

ඕට්ස් සහ Buttermilk

ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් පිරී ඇති ඕට්ස් මගින් මුහුණට පිරිසිදුකාරකයක් සාදා ගන්න පුළුවන්. එමගින් පිරිසිදු, පැහැදිලි හා හොඳින් සජලීය සමක් භුක්ති විඳීමට ඔයාට පුළුවන්.
 
සදා ගන්නේ කොහොමද?
ඕට්ස් වලට Buttermilk එක් කරන්න. ඔයාගේ මුහුණ මෘදු ලෙස සම්බාහනය කර සරල ජලයෙන් සෝදා හරින්න.
** කුඩු කළ ඕට්ස් වෙනුවට, ඕට්ස් භාවිතයට පෙර මිනිත්තු 15ක් Buttermilk වල පොඟවා ගන්න.

සංවේදී සමක් සඳහා ඇපල් සයිඩර් විනාකිරි හොඳ තේරීමක් ද?

ඇපල් සයිඩර් විනාකිරි ආම්ලික ස්වභාවයක් ගන්නා බැවින්, සමහර අවස්ථාවලදී සංවේදී සම රතු පැහැයකට හැරවීම සහ දැවිල්ල ඇති කරයි. එවැනි අවස්ථා වල කඩලපිටි සහ යෝගට් හෝ මී පැණි සත්කාරය වඩාත් ඵලදායී විකල්පයකි.

කුරුලෑ ඇති සම සඳහා හොඳම පිරිසිදුකාරකය කුමක්ද?

කුරුලෑ ඇති සමකට ප්‍රතිකාර කිරීමේදී කඩල පිටි හොඳ තේරීමක්. කඩල පිටි සින්ක් වලින් පොහොසත් වන අතර එය ආසාදන වලට එරෙහිව සටන් කර සහ කුරුලෑ වළක්වා ගන්නවා.  සමේ දැවිල්ලක් ඇති නොකර සම මෘදු කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to reduce under arm sweating
   6,333
   31

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Milk Toffee Recipe
   132,874
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
How to get vitamin E for healthy skin and hair
   31,608
   21

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 symptoms shows you are pregnant
   45,166
   21

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
chore lists for kids
   32,956
   20

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන

Latest Articles

Most Viwed