වයස්ගත වීමත් සමඟ වැඩිපුර සිරුරට ලබා දිය යුතුපෝෂ්‍ය පදාර්ථයන් ගැන ඔබ දැනුවත්ද?

January 4, 2018
8,589
Are you aware of the nutrition while you grow old
වයසට යන්න යන්න අපේ ශරීර ශක්තිය අඩු වෙනවා වගේම අපි ඉතා ඉක්මනින් විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. මේ තත්ත්වයන්ට මුහුණ දීමට නම් අපේ ශරීර සෞඛ්‍ය ශක්තිමත්ව පවත්වා ගෙන යන්න ඕන. ඒ සඳහා අපිට උදවු වෙන්නේ අපි ලබා ගන්න ආහාර වල තියෙන පෝෂ්‍ය පදාර්ථයන්. ඒ නිසානේ හැම වෙලාවකම පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් ලබා ගන්න කියන්නේ.

අපේ සිරුරත් හැමදාම එක විදියට ක්‍රියාකාරී වෙන්නේ නැහැ. කාලයක් යද්දී අබලන් වෙනවා. හරියට මැෂින් එකක් වගේ. අවුරුදු 35-40 වෙද්දී මේ කියන පෝෂ්‍ය පදාර්ථයන් සහිත ආහාර වැඩි පුර ඔයාගේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් වයස් ගත වීමත් සමඟ ඇති වන ලෙඩ රෝග බොහොමයකින් ආරක්ෂා වෙන්න පුලුවන්.

1. කැල්සියම්

ශරීරයට අත්‍යාවශ්‍යම පෝෂ්‍ය පදාර්ථයක් තමයි කැල්සියම් කියන්නේ. විශේෂයෙන් වයස්ගත අයට අනිවාර්යෙන් අවශ්‍ය වූවක්. වයස්ගත වීමත් සමඟ බොහෝ දෙනෙක් අතිරේක කැල්සියම් ශරීරයට ලබා ගන්නේ එහි ඇති වැදගත්කම නිසාවෙන්මයි. අස්ථි ශක්තිමත් කර ගැනීමට හා වයස්ගත වීමත් එක්ක සිදු වන අස්ථි දුර්වල වීම් වලක්වා ගන්න කැල්සියම් බහුල ආහාර අනිවාර්යෙන් ලබා එදිනෙදා ආහාර වේලට එකතු කර ගන්න. ඒ වගේම හෘදයාබාධ සහ ආඝාතය, හදවත් රෝග ඇති වීමේ අවදානමත් එයින් අවම කරනවා.

2. විටමින් D

විටමින් D ප්‍රමාණවත් පරිදි ලබා ගැනීම තුලින් දියවැඩියාව, හදවත් රෝග, ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග සහ පියයුරු සහ මහා බඩවැලේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා. සැමන්, බිත්තර කහ මදය, දොඩම් යුෂ, චීස් වැනි ආහාර වලින් විටමින් D අඩංගු ආහාර කීපයක්. උදෑසන හිරු එළිය මගින් අපට ලෙහෙසියෙන්ම විටමින් D ශරීරයට ලබාගන්නට පුළුවන්.

3. පොටෑසියම්

වයස්ගත වීමත් එක්ක ඇති වන රුධිර පීඩනය, ආඝාතය වැනි තත්ව වලින් ආරක්ෂා කිරීමේ හැකියාව පොටෑසියම් වලට තියෙනවා. නමුත් අනවශ්‍ය විදියට ලබා ගැනීම විවිධ ලෙඩ ඇති කරන්නත් හේතු වෙනවා. ඒ නිසා අතිරේකව පොටෑසියම් ලබා ගැනීමට වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. කෙසෙල්, බතල, බෝංචි වැනි ආහාර මඟින් පොටසියම් ලබා ගන්න පුළුවන්.

4. ඔමේගා 3

ඔමේගා 3 කියන්නේ මේද අම්ලයක්. කොලෙස්ටරෝල්, හදවත් රෝග වැනි බෝ නොවන රෝග වලින් ඔබව ආරක්ෂා කරන්න ඔමේගා 3 වලට පුළුවන්.

5. විටමින් B 12

වයස්ගත වීමත් සමග මොළයේ ඇති වන ක්‍රියාකාරිත්වයේ දුර්වල වීම් අවම කර ගන්න විටමින් B 12 උපකාරී වෙනවා. බිත්තර, මාළු, කිරි වල විටමින් B 12 අඩංගු වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 604 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:53 AM
Script:/article/604/are-you-aware-of-the-nutrition-while-you-grow-old.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:53 AM
Script:/article/604/are-you-aware-of-the-nutrition-while-you-grow-old.html