කුඩා දරුවන් වගේම වැඩිහිටි අපිත් කැමතියි අල බැදුම් වලට. අපි කවුරුත් අතර ජනප්‍රිය පොටේටෝ ස්මයිලීස් ගෙදරදීම හදමු. හරිම ලේසියි. වැඩි වෙලාවක් යන්නෙත් නෑ. කලමනා ගොඩක් ඕනෙත් නෑ.
අවශ්‍ය ද්‍රව්‍ය :
හොඳින් තම්බාගත් ලොකු අල ගෙඩි 2
පාන් කුඩු කෝප්ප 1/4
කෝන් පිටි මේස හැඳි 2
මිරිස් කුඩු තේ හැඳි 1
ලුණු රස පදමට
නිවසේ තියෙනවා නම් පමණක් සුදු ලූණු කුඩු තේ හැඳි 1/4 (රස වැඩි කිරීම සඳහා පමණයි )
සාදන ආකාරය :
01. ලොකු බෝල් එකක අල ටික හොඳින් පොඩි කරගන්න.
02. එයට පාන් කුඩු, කෝන් පිටි, මිරිස් කුඩු, ලුණු සහ තියෙනවා නම් සුදුලූණු කුඩු එකතු කර අතින් හොඳින් කවලම් කරන්න.
03. දැන් මේ මිශ්‍රණය ශීතකරණයේ පැය 1/2ක් තියන්න.
04. පැය භාගයකට පසු ශීතකරණයෙන් පිටතට ගෙන ලෑල්ලකට පිටි ඉස අල මුශ්‍රණය රෝලින් පින් එකකින් තුනී කරන්න. තුනී කරගත් අල මිශ්‍රණයෙන් රවුම් කපා කැමති ස්මයිලී හැඩ රවුමේ කපන්න. ඔබට ඇස් කැපීම සඳහා ස්ට්‍රෝ එකක් ගන්න පුලුවන්. කට සෑදීමට හැන්දකින් පුලුවන්.
05. දැන් තෙල් රත් කර ගැඹුරු තෙලේ රන් වන් පැහැ වන තෙක් බැද ගන්න.