ඩේට්ස් ඇන්ඩ් අනියන් බ්‍රෙඩ් සඳහා අවශ්‍ය දේ :
පාන් පිටි කිලෝ ග්‍රෑම් 1
ලුණු ග්‍රෑම් 15
ඊස්ට් ග්‍රෑම් 15
සීනි ග්‍රෑම් 15
මාගරින් ග්‍රෑම් 20
රටඉඳි ග්‍රෑම් 150
ලූනු ග්‍රෑම් 150
ඔලිව් තෙල් ග්‍රෑම් 15
ඩේට්ස් ඇන්ඩ් අනියන් බ්‍රෙඩ් හදමු :
1. පළමුව පිටි, ලුණු, ඊස්ට්, මාගරින් හා සීනි එකට මිශ්‍ර කරගෙන අතේ නොඇලෙන පදමට මෝලියක් සාදාගන්න.
2. එය විනාඩි 10ක් පමණ කාලයක් පිපෙන්නට තබා සමාන කොටස් 4කට (ග්‍රෑම් 250) බෙදාගෙන නැවතත් විනාඩි 5ක පමණ කාලයක් පිපෙන්නට තබන්න.
3. මෙසේ වෙන් කරගත් කොටස් රෝලින් පින් එකක් ආධාරයෙන් රවුම් හැඩයට සකසා එය මතට කුඩාවට කපා ගත් ලූනු හා රටඉඳි දමාගන්න.
4. ඒ මත ඔලිව් තෙල් තවරාගන්න. ඉන්පසු සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයට රත්කර ගත් උඳුනකට දමා විනාඩි 15 ක් පමණ පුළුස්සාගෙන සරසා පිළිගන්වන්න.