ඔබගේ බලු සුරතලාගෙන් ඈත්කර තැබිය යුතු භයානක ආහාර වර්ග

December 9, 2021
7,105
5 dangerous foods your dogs should never eat
බොහෝ විට අප විවිධ ආහාර වර්ග රස විදින විට ඒවා අපගේ බලු සුරතලා සමගත් බෙදා ගැනීමටයි අප පුරුදු වී සිටින්නේ.. විශේෂයෙන් ඔබගේ නිවසේ කුඩා දරුවන් සිටිනවා නම් ඔවුන් ඕනෑම දෙයක් බලු සු‍රතලා සමග බෙදා ගන්නවා.. නමුත් ඔබ දන්නවාද එසේ අප ලබාදෙන ඇතැම් ආහාර වර්ග ඔබේ සුරතලාට ඉතා අහිතකර විය හැකි බව. එමනිසා ඔබගේ නිවසේත් බලු සුරතලකු සිටිනවා නම් එම සතාට හිතකර සහ අහිතකර ආහාර මොනවාදැයි ඔබ දැන සිටීම ඉතාම වැදගත්..

චොකලට්


චොකලට් වල අඩංගු තියෝබ්‍රොමින් (theobromine) මිනිසුන්ට හිතකර වුවත් සුනඛයින්ට ඉතාමත් අහිතකර වනවා.. එය ඔබ සිතනවාටත් වඩා භයානක සහ විෂ සහිත තත්ත්වයක් සුනඛයාට ඇති කරන අතර වමනය, පාචනය, විජලනය, වලිප්පුව, වෙව්ලීම සහ ඇතැම් අවස්ථාවල මරණය පවා ගෙනදිය හැකියි.


සුදුළූණු සහ ළූණු


ඔබ දිනපතා ආහාරයට එක්කර ගන්නා සුදුළූණු සහ ළූණු ඔබගේ හොඳම මිතුරාට ඉතාමත් අහිතකරයි. වැඩි වශයෙන් ලබාදීමෙන් සත්ත්වයාගේ රතු රුධිර සෛල විනාශ කර රක්තහීනතාවය ඇතිකරයි.. ඊට අමතරව වමනය, හුස්ම හිරවීම, දුර්වල වීම සිදුවනවා.


අලිගැටපේර


අලිගැටපේර යනු මිනිසුන්ට ඉතාමත් සෞඛ්‍යය සම්පන්න ආහාරයක්. නමුත් ඒවායේ කොළවල සහ ඇටයේ අඩංගු persin සුනඛයන්ට ඉතාමත් අහිතකර වනවා.. එමනිසා ඔබගෙ නිවසේ අලිගැටපේර ශාකයක් තිබේ නම් විශේෂයෙන් සැලකිලිමත් වීම වැදගත්.


මිදි සහ වියළි මිදි


මිදි සහ වියළි මිදි ඔබේ සුනඛයාට අතිශයින්ම භයානක වන අතර ඒවා අධික ප්‍රමාණය ආහාරයට ගැනීමෙන් වමනය, උදාසීනත්වය සහ ඔබේ සුනඛයාගේ වකුගඩු අකර්මන්‍ය වීමට ඉඩ තිබෙනවා.


මැකඩමියා


ඇතැම් ඇට වර්ග ඔබගේ සුනඛයාට ලබාදීමට හිතකර වුවත් macadamia නමැති ඇට වර්ගය සුනඛයින්ට ඉතාමත් විෂ සහිතයි. පිටුපස කකුල් වල දුර්වලතාවය, මානසික අවපීඩනය, අධි උෂ්ණය, වමනය සහ සමහර අවස්ථාවල අග්න්‍යාශදාහය ඇතිකරවනවා.


බේකන් සහ මේදය සහිත මස් වර්ග


බේකන් සහ මේදය සහිත මස් වර්ග ආහාරයට ගැනීමෙන්ද සුනඛයා තුල උදරාබාධ ඇතිවිය හැකියි. එමෙන්ම ඇතැම් ලුණු සහිත ආහාර සහ කිරි නිෂ්පාදන ආහාරයට දීමෙන් ඒවායේ අන්තර්ගත sodium ion හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2105 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:59:57 AM
Script:/article/2105/5-dangerous-foods-your-dogs-should-never-eat.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:59:57 AM
Script:/article/2105/5-dangerous-foods-your-dogs-should-never-eat.html