ඔබේ වේලුණු දෑත් නැවත මෘදු කිරීමට උපදෙස් 6 ක්

June 22, 2020
9,266
6 tricks to keep your hands soft
මේ දවස් වල අත් සේදීම කියන්නේ අපගේ සෞඛ්‍යයට අතිශයින්ම වැදගත් පුරුද්දක්. නමුත් නිරන්තරයෙන් හෑන්ඩ් වොශ්, සබන් හා ජලය අධික ලෙස භාවිතා කිරීම නිසා බොහෝ දෙනෙක්ගේ අත් දැන් දැන් වියළි හෝ රැළි සහිත ස්වභාවයක් අරන් තියෙන්නේ. ඔබටත් එහෙම වෙලා ඇති. වාසනාවකට වගේ ඔබේ වියළි දෑත් වලට නැවතත් මෘදු බවක් ලබා ගැනීමට සරල ක්‍රම කීපයක් තිබෙනවා. ඒ ගැන අපි ඔබට අද කියන්නම්.

1. ඔබේ සෝදන ක්‍රියාවලිය ලිහිසිකරණය කරන්න
ඔබේ දෑත් තත්පර විස්සක්, ඇඟිලි අතර සහ මැණික් කටුව දක්වා සෝදා පිරිසිදු රෙදි කඩකින් වේලලා ගන්න. පියවරෙන් පියවර අත් සේදීමේ පුරුද්ද මෑත මාසවලදී ඔබට හොඳින් කටපාඩම් වෙලා ඇති. ඒකට මේ වගේ අතිරේක පියවරක් එකතු කරන්න: හෑන්ඩ් ක්‍රීම් භාවිතා කරන්න. ගෙදර අත් සෝදන ස්ථානය අසල සෑම විටම හෑන්ඩ් ක්‍රීම් හෝ වැස්ලින් ක්‍රීම් එකක් තියා ගන්න. මේ ආකාරයෙන් ඔබේ අත් වලටත් ළදරුවෙක්ගේ වගේ මෘදු බවක් ලබා ගන්න පුළුවන්.

2. රසායනික විලවුන් හා ඇල්කොහොල් නොමැති හෑන්ඩ් ක්‍රීම් එකක් තෝරන්න
ඔබ හෑන්ඩ් ක්‍රීම් ආලේප කරන්න කලින් ඔබ ඇත්ත වශයෙන්ම භාවිතා කරන්නේ කුමන ආකාරයේ නිෂ්පාදනයක්ද යන්න සොයා බැලීම වැදගත්. රසායනික විලවුන් හා ඇල්කොහොල් සහිත හෑන්ඩ් ක්‍රීම් නම් හොඳ අදහසක් නෙමෙයි. මොකද ඒ වගේ අමුද්‍රව්‍ය මගින් ඔබේ සම තවත් වේලෙනවා. මී පැණි, කෝමාරිකා වගේ අමුද්‍රව්‍ය සහිත නිෂ්පාදන සමට තරමක් මෘදුයි. නිවසේ හෑන්ඩ් ක්‍රීම් නැත්නම් පොදුවේ ගත්තම ෆේස් ක්‍රීම් ද ඔබේ අත්වල ආලේප කළාට ගැටලුවක් නෑ. අවසාන වශයෙන් හිරු කිරණ නිසාත් සම වයසට යන්න පුළුවන් කියලා මතක තබා ගන්න, ඒ නිසා සුමට හා මෘදු සමක් පවත්වාගැනීම සඳහා හිරු එළියට අධික ලෙස නිරාවරණය වීමෙන් වළකින්න.

3. බියුටි ස්ලීප් එකක් ගන්න
ඒකෙන් අපි අදහස් කරන්නේ.. ඒ වැඩේ කරන්න ඕනේ රාත්‍රියේදී විතරයි! ඝන ක්‍රීම් තට්ටුවක් ඔබේ දෑත් වල ආලේප කරලා, ඔබ නින්දට යද්දී කපු අත්වැසුමක් අත් වලට පැළඳ ගන්න. පහුවදා උදේට ඔබේ අත්දෙක කොච්චර සජලීකරණය වෙලාද කියලා ඔබට පෙනෙයි. ඔබට කපු අත්වැසුම් ෆාමසි වලින් ගන්න පුළුවන්.

4. ඔබේ දෑත් උණුසුම් කරන්න
උණුසුම් අත් වල වඩා හොඳ රුධිර සංසරණයක් තියනවා. මෙම රුධිර ප්‍රවාහය වක්‍රාකාරයෙන් ඔබේ සමේ සෛල අලුත් කිරීම සහ සම්බන්ධක පටක වල ශක්තිමත්භාවය සහතික කරයි. ඒ නිසා උණුසුම් අත් වැඩි තෙතමනයක් රඳවා තබා ගනිමින් වියළිකම දුරලනවා. එමනිසා ඉඳහිටලා අත් වල රුධිර ප්‍රවාහය ආරම්භ කිරීම සඳහා ඔබේ දෑත් සොලවන්න, නැත්නම් ඒවා උණුසුම් කිරීම සඳහා ඔබේ දෑත් එකිනෙකට අතුල්ලන්න.

5. විෂබීජ නාශක ජෙල් වැඩිපුර භාවිතා නොකරන්න
මෙම ජෙල් වල සාමාන්‍යයෙන් ඉහළ මට්ටමේ ඇල්කොහොල් අන්තර්ගතයි. ඒකෙන් බැක්ටීරියා විනාශ කරනවා වුණත් ඇල්කොහොල් වලින් ඔබේ දෑත් දැඩි ලෙස වියළී යනවා. ඒ නිසා හෑන්ඩ් ජෙල් කියන්නේ අත් වලට දිනපතා භාවිතා කරමින්  සනීපාරක්ෂා කරගන්න හොඳම විසඳුමක් නෙමෙයි. ඒ නිසා බොහෝ විට ජලය සහ සබන් තෝරා ගැනීම ඔබේ සමට වඩා හොඳයි.

6. ගෘහ අත්වැසුම් පළඳින්න (household gloves)
 අත් සේදීම කියන්නේ ඔබේ දෑත් වියළවන එකම ක්‍රමය නෙමෙයි. පිඟන් කෝප්ප සේදීම, ජනේල පිරිසිදු කිරීම වගේ ගෙදර දොරේ වැඩ කටයුතු වලදීත් අත් වලට වෙන්නේ එකම බලපෑමක්. වෙල්වට් වගේ සිනිඳු අත් දෙකක් ලබා ගන්න අවශ්‍ය නම් වැඩ කරද්දී මෙම ගෘහ අත්වැසුම් භාවිතා කිරීම වඩා හොඳයි. නැත්නම් සේදීම් කටයුතු ඔබේ සැමියාටත් භාර දෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1664 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:39 AM
Script:/article/1664/6-tricks-to-keep-your-hands-soft.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:39 AM
Script:/article/1664/6-tricks-to-keep-your-hands-soft.html