ඇඟ පිසදමන තුවායෙන් කවදාවත් මුහුණ පිසදමන්න එපා. හේතුව මේකයි

March 30, 2018
13,590
Never wipe face with the towel that towel body
මේ වැරැද්ද ගොඩාක් දෙනෙක් කරනවා. ඇඟ පිහිදාන තුවාන් හෝ වෙන අතට අහු වෙන ඕනම එකකින් මුහුණ පිහිදනවා. නමුත් එයින් ඔබේ මුහුණේ සමට විවිධ හානි සිදු වෙනවා කියලා ඔබ නිකමටවත් හිතන්න නැතුව ඇති. හිතලා බලන්න ඔබ දවසට කීවරක් මේ වැරැද්ද කරනවද කියලා. තුන් හතර වතාවක්. සමහරවිට ඊටත් වැඩි වෙන්න පුළුවන්.

නමුත් ඇඟ පිසදමන තුවාය කියන්නේ විෂබීජ බහුල ලෙස වර්ධනය වන තැනක්. ඒ වගේම  දිනපතා ඇඟ පිසදමන තුවාය සෝදා පාවිච්චි කරන්නෙත් නැති නිසා විෂබීජ ඉක්මනින් වර්ධනය වෙනවා. අනික එය නිතරම තෙත්ව පැවතීම මෙයට තවත් ප්‍රධාන හේතුවක්. මෙන්න මේ නිසා ඇඟ පිසදමන තුවායෙන්ම මුහුණ පිස දැමීම නිසා මුහුණේ විවිධ ආසාදන හා කුරුලෑ වැනි තත්ත්වයන් ඇති වෙන්න තියෙන ඉඩ වැඩියි. අනික මුහුණේ සම ඉතාමත් සංවේදී නිසා විෂබීජ වලින් විය හැකි අවදානම ඉතා වැඩියි.

ඒ නිසා මූණ හෝදලා පිසදමන්න අනිවාර්යෙන් පොඩි තුවායක් වෙනම තබා ගන්න. එය දින දෙකකට වරක්වත් සෝදා අවුවේ වෙලා පිරිසිදු කර ගන්න. මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්න කුඩා තුවා දෙකක් තබා ගන්නවා නම් ඔබට තවත් පහසුයි. එය ඔබේ සුන්දරත්වය රැක ගන්න වගේම සෞඛ්‍ය තත්ත්වයටත් හොඳයිනේ. විෂබීජ මුහුණේ තවරා ගැනීම නිසා මුහුණේ ඇතිවන කුරුලෑ හා විවිධ ආසාදන වලින් බේරෙන්න මෙය හොඳ ක්‍රමයක්. ඒ වගේම ඔබට තුවායක් වෙනුවට පේපර් ටිෂු පාවිච්චි කරන්න පුළුවන්. මුහුණේ සම නිරෝගීව තබා ගන්නට එයත් හොඳ ක්‍රමයක්.

මුහුණ පිසදමද්දී අත තදින් පිස දමන්නත් එපා. ඒ වගේම මුහුණ පහලට පිස දමන්නත් එපා. එය මුහුණේ සම එල්ලා වැටෙන්න හේතුවක් වෙනවා. මේ දේවල් වැඩි සැලකිල්ලක් දැක්වීමෙන් මුහුණේ සම ආරක්ෂා කර ගන්න ඔයාට වැඩි මහන්සියක් ගන්න ඕන නැහැ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 734 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:54:24 AM
Script:/article/734/never-wipe-face-with-the-towel-that-towel-body.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:54:24 AM
Script:/article/734/never-wipe-face-with-the-towel-that-towel-body.html