ඔබේ නිවසේ පැල්ලම් ගැටලු වලට හැමදාටම වටින පිරිසිඳු කිරීමේ උපක්‍රම (01)

September 30, 2020
2,666
Cleaning hacks (01)
අපි හැමදාම සෝදන කරන, පිරිසිඳු කරන දේවල් වලට වඩා පි‍රිසිඳු කරන්න දන්නේ නැති සහ පිරිසිඳු කරන්න අමතක වෙන දේවල් ගෙදර දොරේ ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම පිරිසිඳු කරගන්න අමාරු පැල්ලම් ද අපිට ඕනේ තරම් ගෙදර තියන දේවල් වලින් හම්බ වෙනවා. ඒ වගේ වෙලාවකදී ඒක කරන්නේ කොහොමද කියලා ගොඩක් ගෘහණියන් ආතතියට පත් වෙනවා. ඒත් අපි අද ඔබට කියන මේ සරල සහ පහසු ක්‍රම වලින් පිරිසිඳු කරන වැඩ හරිම සරලව සහ පහසුවෙන් කරගන්න ඔබට අනිවාර්‍යෙන්ම පුලුවන් වෙයි. කියවලා බලන්න...    

1. ඔබේ කුණු කූඩයට කපු පුළුං බෝලයක් දමන්න
කුණු කොහොමත් ගඳයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැති ඇත්තක් නේ. නමුත් ගෙදර කුණු කූඩයේ තියන කුණු ඉවත් කරන දවසට කලින් ඒකෙන් හමන දුගඳ ටිකක් අඩු කරගන්න පුලුවන් උපක්‍රමයක් තියනවා. කපු පුළුං බෝලයක් අරගෙන ඒක සුවඳ තෙල් වර්ගයක (essential oil) හෝ කොලෝන් ටිකක පොඟවලා නිවසේ කුණු බඳුනනේ පතුලට දමන්න. එයට උඩින් කුණු දමන බෑග් එක දමන්න. ඒක ඔබට ගොඩක් පහසු සහ මිල අඩු ක්‍රමයක්. ඒ වගේම දුගඳට එරෙහිව සටන් කරන්න සුදුසු උපායක්.

 2. ටයිමරයක් සකසන්න
මේ අදහස සරලයි: ෆෝන් එකේ ටයිමරයක් සකසා buzzer එක නාද වීම නවතිනකල් වැඩ කරන්න. වළං පිඟන් ටික සෙට් කරපු වෙලාවට කලින් සෝදලා ඉවර කරන්න ඔයාව නිකන්ම පෙළඹෙනවා. අනික ඔයාට දැනගන්න පුලුවන් ඒ වැඩේට ඔයාට කොච්චර වෙලාවක් අවශ්‍ය වෙනවාද කියලත්.

3. මල නොබැඳෙන වානේ වලින් හඳපු සින්ක් එකක් නම් පිටි වලින් පොලිශ් කරන්න
ඔබේ ගෙදර තියෙන්නේ මලකඩ නොබැඳෙන වානේ වලින් නිෂ්පාදනය කරපු සින්ක් එකක් නම්, ඒ සඳහා ඔබට කරන්න පුලුවන් හොඳම දේ ඒක පිටිවලින් ඔප දැමීමයි. මුලින්ම සින්ක් එක සෝදලා වේල ගන්න. පිටි ටිකක් අරන් ඒකට හොඳින් ඉසින්න. ඊට පස්සේ පිහිදමමින් ඔප දමන්න. සින්ක් එකේ ලෝහය කොච්චර දීප්තිමත් වෙනවාද කියලා දැක්කම ඔබ පුදුම වෙයි !

4. ඔබේ මුළුතැන්ගෙය තුළ හුණුකූරු ටිකක් තබා ගන්න
මේක නම් ඔබ කලින් නොදැන හිටපු දෙයක් විදිහට අපි ඔට්ටු අල්ලනවා : හුණු කියන්නේ සුපිරි අවශෝෂක අමු ද්‍රව්‍යයක්. ඒ වගේම ඒක විශිෂ්ට පැල්ලම් යවන සංයෝගයක්. ඔබේ ඇඳුම් වල තෙල් පැල්ලම් තිබෙනවා නම්, පළමුවෙන්ම ටිෂූ එකකින් වැඩිපුර ඇති තෙල් ටික තෙතමාත්තු කර ඉවත් කරන්න. දැන් හුණු චෝක් කෑල්ල අරගෙන හොඳින් පැල්ලම් මත ගාන්න. වින්නාඩි 3-5ක් තබා රෙදිසෝදන ඩිටර්ජන් ටිකක් දමා අතුල්ලන්න. උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කරන්න.

5. ගෙදරදීම වළං සෝදන ස්ක්‍රබ් එකක්
අර්තාපල් හෝ ලූණු ගන්නා විට ඔබට ලැබෙන මෙෂ් බෑග් එක ඉවත දමන්න එපා. එය තුලට ස්පොන්ජ් කැබැල්ලක් දමා වළං සෝදන ස්ක්‍රබ් එකක් සකසා ගන්න පුලුවන්.

6. අඩිය ඇල්ලූ භාජන පිරිසිදු කරන්න බේකිං සෝඩා
ඔබේ කුස්සියේ ආහාර පිසින භාජනවල අඩිය ඇල්ලූ විට, පිරිසිදු කිරීම සඳහා මෙම ක්‍රමය සරල හා ඵලදායී වෙයි. මුලින්ම එම භාජනයේ වතුර ටිකක් රත් කරගන්න. ඊට පස්සේ බේකිං සෝඩා ටිකක් එකතු කරලා හොඳට කලවම් කරන්න. මිනිත්තු කිහිපයකට පස්සේ ලී හැන්දක් භාවිතා කරලා අඩිය සූරලා දමන්න.

7. ඔබේ රිදී හැඳි ගෑරොප්පු ඇලුමිනියම් ෆොයිල් වලින් පිරිසිදු කරන්න
ඒකට ඔබට අවශ්‍ය දේවල් මෙන්න: ඇලුමිනියම් ෆොයිල් (aluminum foil) හෝ ඇලුමිනියම් baking dish එකක්, බේකිං සෝඩා, ලුණු සහ උතුරන වතුර. රිදී හැඳි ගෑරොප්පු දුර්වර්ණ වෙලා නම් භාජනයකට ෆොයිල් එක හොඳින් ආවරණය වන සේ අතුරා හෝ ෆොයිල් බේකිං ඩිෂ් එකට උණු වතුර, බේකින් සෝඩා සහ ලුණු දමා එහි හැඳි ගෑරොප්පු ටික ගිල්වා තබන්න. පැල්ලම් ඉවත් වූ පසු ඉවතට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1852 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:40:58 AM
Script:/article/1852/cleaning-hacks-01.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:40:58 AM
Script:/article/1852/cleaning-hacks-01.html