නයි කොච්චි චිකන් බර්ගර්

June 26, 2020
2,704
Nayi kochchi burger
බර්ගර් කන්න අපි කවුරුත් කැමතියි. නයි කොච්චි වලටත් අපි කැමතියි. ඇයි ඉතින් අපිට රසවත් බර්ගර් එකක් ගෙදරදීම හදන්න බැරි. මේ බර්ගර් එක හරිම රසයි ඒ වගේම හදන්න හරිම ලේසියි

පැටී 4ක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :

අඹරාගත් හෝ මින්ස් චිකන් ග්‍රෑම් 200
පාන් කුඩු කෝප්ප 1
බිත්තර 1
කුඩා කොටු කපාගත් ලූණු ගෙඩි 1/2
සිහින්ව කපාගත් හෝ තලා ගත් නයි කොච්චි කරල් 1
සිහින්ව තලා ගත් සුදු ලූණු බික් 1
මිරිස් කුඩු තේ හැඳි 1/2
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
ලුණු තේ හැඳි 1ක් හෝ රස අනුව

පිලිගන්වීම සඳහා:
බර්ගර් බන් 4ක්
තක්කාලි පෙති
ලූණු පෙති
ලෙටිස් හෝ සලාද කොල
කැමත්ත අනුව තක්කාලි සෝස් හෝ මැයෝ හෝ චීස් ස්ප්‍රෙඩ්

සාදන ආකාරය :

01. පැටී එක සඳහා වන සියළු කලමනා ටික ලොකු බෝල් එකකට දමා හොඳින් මිශ්‍ර කරන්න.

02. මිශ්‍රණයෙන් සමාන තරමේ බෝල 4ක් සාදා ගන්න. දැන් එය පැටී එකක් ලෙස අත්ලේ තබා සකස් කරගන්න.

03. දැන් පෑන් එකක් රත්වෙන්න තබා තෙල් තේ හැන්දක් පමණ එකතු කරන්න.

04. සෙමින් පැටී ටික පෑන් එක මත තබා දෙපැත්ත පිස ගන්න.

05. පැටී ටික පිසෙන අතර තුර, බර්ගර් බන් ටික දෙකට කපා පසෙකින් තබාගන්න.

06. පැටී ටික පිස ගත් පසු ඒ පෑන් එකේම දෙකට කපා ගත් බර්ගර් බන් ටිකේ ඇතුල් පැත්ත යන්තම් ටෝස්ට් කර ගන්න.

07. ටෝස්ට් කරගත් බන් මතට කැමති තක්කාලි සෝස්/ මැයෝ/ චීස් ස්ප්‍රෙඩ් ටික දමා ඒ මතට පැටී එක, තක්කාලි, සලාද කොල සහ ලූණු පිළිවලින් තබා අනිත් බනිස් පළුවෙන් වසා ගන්න.

08. ඉතාම රසවත් බර්ගර් එකක් ගෙදරදීම රසවඳින්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1669 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:32:35 AM
Script:/article/1669/nayi-kochchi-burger.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:32:36 AM
Script:/article/1669/nayi-kochchi-burger.html