ඔබත් ලොක්ඩවුන් කාලයේ වැඩිපුර නිදාගත්තාද..එසේ නැතිනම් විවේක කාලයේදි අධික ලෙස නිදාගැනීමට හුරුවෙලාද? දන්නවාද එමනිසා ඔබට සිදුවන දේ..

December 29, 2021
7,304
Consequences of oversleeping
2020 වසර ආරම්භයේ සිට ලොව වෙලාගෙන සිටින කොරෝනා මාරයා තවදුරටත් ව්ටින් විට එහි බලපෑම ලොව පුරා රටවල් වෙත එල්ල කරමිනුයි සිටින්නේ.. මාස ගණනක් ලොක් ඩවුන් කර තිබීම නිසා එමගින් මිනිසුන්ගේ දෛනික චර්‍යාවන් වෙනස් වී ගොස් නිවසට කොටුව කල් ගත කිරිමට බොහෝ විට සිදුවුණා. ඒක මුලදී ඉතා විනෝදජනක වුවත් ක්‍රම ක්‍රමයෙන් ඉතා අලසකාරි බවකින් සියලු දෙනා වෙළාගනු ලැබූවා.. විශේෂයෙන් කියලා කරන්න වැඩක් නැති නිසා දවසින් වැඩි කාලයක් බොහෝ දෙනා නින්දට හුරුවුනා.

නමුත් වසංගතයට වසරක් සම්පූර්ණවත්ම නින්ද පිළිබඳව පර්‍යේශණ කරන විද්‍යාඥයින් අපගේ නින්ද වෙනස් වී ඇති ආකාරය සහ එමගින් මිනිසුන්ගේ යහපැවැත්ම සඳහා වන බලපෑම් මොනවාද යන්න පිළිබඳ පර්‍යේශණ කිරීමට පටන් ගෙන තිබෙනවා. විශේෂයෙන් කරන ලද අධ්‍යනයන් දෙකක් මගින් හෙළිව ඇති ආකාරයට ලොක්ඩවුන් සහ සංචරන සීමා යටතේ කටයුතු කිරීමේදි බොහෝ පුද්ගලයන්ගේ නින්දේ රටාව සහ ප්‍රමාණය කෙරෙහි බලපෑමක් එමගින් ඇතිව ඇති ආකාරයක් ඔවුන් සොයාගෙන තිබෙනවා.

හොඳ නින්දක් යනු නින්දේ ප්‍රමාණය පමණක් නොවේ එහි ගුණාත්මකභාවයද වනවා. නින්දේ ගුණාත්මකභාවය පිළිබඳව සැලකීමේදි ඔබට නින්දට යාමට කොපමණ වේලාවක් ගතවනවාද..? රාත්‍රියේදී ඔබ කොපමණ වාරයක් හෝ කෙතරම් පහසුවෙන් අවදි වනවාද? නැවත නිදා ගැනීම කොතරම් දුෂ්කරද සහ උදෑසන ඔබට කෙතරම් ප්‍රබෝධමත්ද යන්න ආදි කරුණු පිලිබඳව සලකා බලනු ලබනවා.

නමුත් කොරෝනා වසංගත කාලයේ නිවසට කොටුව සිටීමෙන් නින්දේ ප්‍රමාණය වැඩිවීමත් ගුණාත්මකභාවය අඩුවීමත් පිළිබඳව පර්‍යේශණ මගින් හෙළිව තිබෙනවා. උදාහරන ලෙස එක්සත් රාජධානියේ කරන ලද සමීක්ෂණයකට අනුව පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 3 දෙනෙක් පැවසූවේ ලොක්ඩවුන් කාල සීමාවේදි ඔවුන් වැඩි වේලාවක් නිදාගත් නමුත් සිරැරට එමගින් සිරැරට අඩු විවේකයක් දැනුන බවත්ය.

විශේෂයෙන් අධික නින්ද සිරැරට විඩාවක් ගෙනදෙනවා පමණක් නොවේ, නින්දේ ගුණාත්මකභාවය අඩුවීම කෙරෙහිත් අහිතකර බලපෑම් රාශියක් ඇතිකරනු ලබනවා. විශේෂයෙන් බෝවන රෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සඳහා ගුණාත්මක නින්දක් ඉතා වැදගත් වනවා.

හොඳ නින්දක් ලබාගැනීමේ වැදගත්කම

හොඳ තත්ත්වයේ නින්දක් ඔබට නිරෝගීව සිටීමට පමණක් නොව ඔබේ මනස තියුණු ලෙස තබා ගැනීමටද උපකාරී වනවා. එමෙන්ම අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන් හට ඉහළ ලකුණු ලබාගැනීම සහ ප්‍රගතිය සඳහා ද නින්දේ ගුණාත්මකභාවය මගින් යහපත් බලපෑම් එල්ල කරනු ලබනවා. එමනිසා දෛනිකව වඩා හොඳ නින්දක් ලබාගැනිම මගින් ඔබට ශාරිරිකව සහ මානසිකව ශක්තිමත් වීමට හැකියාව ලැබෙනවා.

වඩා හොඳ නින්දක් ලබාගන්නේ කෙසේද..?

නින්දේ ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා ඔබට පහත පියවරයන් අනුගමනය කල හැකියි.

නින්ද සඳහා නිශ්චිත කාලසටහනක් අනුගමනය කරන්න.

පැය 8කට වඩා වැඩි කාලයක් නින්ද සඳහා වෙන්කරන්න.

සන්සුන් පරිසරයක් නිර්මාණය කර නින්ද සඳහා යොමුවන්න.

නින්දට ආසන්න වේලාවේදි ඉලෙක්ට්‍රොනික උපාංග පරිහරණයෙන් වළකින්න.

දෛනිකව ශාරිරික ව්‍යායාම් හි නිරත වන්න.

පෝෂණීය ආහාර ලබාගැනීම පිළිබඳව සැලකිලිමත් වන්න.

මානසික ආතතිය කළමණාකරණය කරගන්න.

හැකිනම් උදෑසන හිරු එළිය සඳහා නිරාවරණය වන්න.

විවේකි කාලයේදි ඔබ ලබාගන්නා නින්ද එහි ගුණාත්මකභාවය කෙරෙහි එල්ලකරන අහිතකර බලපෑම් පිළිබඳව ඔබ දැන් දැනුවත් වන්න ඇති.. එමනිසා සෑමවිටම ඔබ ලබාගන්නා නින්දේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් යුතුව කටයුතු කිරීමෙන් වඩාත් සෞඛ්‍ය සම්පන්න ප්‍රබෝධමත් ජීවිතයක් ඔබට ගතකල හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2114 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:03:17 AM
Script:/article/2114/consequences-of-oversleeping.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:03:18 AM
Script:/article/2114/consequences-of-oversleeping.html