ෆේක් මාස්ක් නිසා ඔබේ සමේත් ගැටළු ඇති වෙලා නම් මෙන්න ඒකට උපදෙස්

July 6, 2020
7,757
Skin problems start with the face mask
අපිට දැන් අපේ එදිනෙදා ජීවිතයට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ෆේස් මාස්ක් එකත් එක්කයි.  ඇත්තටම මේ මුහුණු ආවරණ තව ටික කාලයක් අපගේ ජීවිතයේ කොටසක් විදිහට තියා ගන්න වෙනවා. අවම වශයෙන් වෛරසයේ බලපෑම තුරන් කිරීම සඳහා ස්ථිර ක්‍රමයක් සොයා ගන්නකල් වත් ඉවසීමෙන් අපිට ඉන්න වෙනවා. ඒ නිසා මුහුණු ආවරණ පැළඳීම කියන්නේ අත්‍යවශ්‍ය ආරක්ෂක පියවරක්. විශේෂයෙන් ඔබ පිටතට යනකොට සහ පොදු ස්ථානවල සිටිනකොට.

COVID-19 පැතිරීම මන්දගාමී කරවන මේ ෆේස් මාස්ක් නිසා සමහර විට ඔබේ සමේත් අසාත්මිකතා හෝ වෙනත් චර්ම ගැටළු දැනටමත් හටගෙන ඇති. ප්‍රසිද්ධ ස්ථාන වල ෆේස් මාස්ක් එකක් පැළඳීම අනිවාර්ය නිසා ඔබේ සමට සුවපහසු වන ආකාරයට සහ අසාත්මිකතා වලින් ආරක්ෂා වෙන ආකාරයට ඒවා භාවිතා කරන්නේ කියලා අද අපි ඔබට කියන්නම්...

ෆේස් මාස්ක් නිසා ඇතිවන සමට ඇති වන ගැටළු වල සංඥා මොනවාද?

•  කුෂ්ඨ
• කුරුලෑ
• Rosacea නම් චර්ම රෝගී තත්ත්ව​ය
•  වියළි බව
• අපහසුව

ෆේස් මාස්ක් නිසා සමට ගැටළු ඇති වීමේ හේතු

ෆේස් මාස්ක් එක සමට තදින් ඇලිලා තිබීම නිසා හෝ ඔබේ ෆේස් මාස්ක් එක පිරිසිදු කිරීමට ඔබ භාවිතා කරන ඩිටර්ජන්ට් වර්ග නිසාත් ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුළුවන්. පොලියෙස්ටර් හෝ නයිලෝන් වගේ අමුද්‍රව්‍ය වලින් හදපු සමහර මාස්ක් නිසා ඔබට උණුසුම් බවක් දැනෙන නිසා දහඩිය දැමීමට ඒවා හේතු වෙනවා. මාස්ක් එක ඇතුළේ සිරවී ඇති හුස්ම හා මුහුණේ නිපදවන සීබම් සමඟ දහඩිය මිශ්‍ර වීම හරහා කුරුලෑ හට ගැනීම සඳහා මුහුණ ගැළපෙන ස්ථානයක් බවට ඉබේම පත් වෙනවා.

මුහුණු ආවරණ මගින් ඇතිවන සමේ ගැටළු වලක්වාගන්න උපදෙස්

ඔබට සාමාන්‍යයෙන් තියෙන්නේ සංවේදී සමක් නම්, ඔබ කුමන පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගත්තත් චර්ම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්න එකයි සුදුසුම දේ. ඊට අමතරව ඕනේම තරුණියකගේ සමකට මාස්ක් නිසා කරදරයට පත් වෙන එක වළක්වාගන්න පුළුවන් හොඳම ක්‍රම කිහිපයක් මෙන්න.

මෘදු හා හුස්ම ගැනීම පහසු කරවන අමු ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරපු ෆේස් මාස්ක් විතරක් තෝර ගන්න. කපු රෙදි වලින් නිෂ්පාදනය කරපු මුහුණු ආවරණ ද හොඳ තේරීමක්.

පොලියෙස්ටර් හෝ නයිලෝන් වලින් නිෂ්පාදනය කරපු මුහුණු ආවරණ වලින් වළකින්න. ඔබ තෝරා ගන්නා මාස්ක් එක නිෂ්පාදනය කරලා තියන රෙදි වල සංයුතිය මිලදී ගැනීමට පෙර පරීක්ෂා කරලා බලන්න. 

ඔබට තියෙන්නේ සංවේදී සමක් නම් ඔබේ මුහුණු ආවරණ සේදීමේදී ඒ සඳහා සුදුසු ආරක්ෂිත ඩිටර්ජන්ට් එකක් හෝ fabric softener එකක් භාවිතා කරන්න.

සමේ තත්ත්වයට ගැළපෙ​න ක්‍රීම් හෝ සීරම් සමඟ ඔබේ මුහුණේ සම මොයිස්චරයිස් කර ගන්න. මේ හරහා ඔබේ සම වියළීමෙන් වැළකිලා වඩා තෙතමනයකින් හා මෘදු බවකින් යුතුව පවතිනවා.

ඔබට තියෙන්නේ තෙල් සහිත සමක් නම් ඔබේ මුහුණට ඇලෙන සුළු නොවන water-based moisturiser එකක් භාවිතා කරන්න. ඔබේ සම මොයිස්චරයිසින් කර තබා ගැනීම වැදගත් නමුත් මොයිස්චරයිසර් එක නිසා ඔබේ සම මතුපිට තෙල් ස්වභාවයක් ඇති වෙන එක හොඳ නෑ. එහෙම නැත්නම් සමට සැහැල්ලුවක් ලබා දෙන, සමට පහසුවෙන් අවශෝෂණය කර ගත හැකි anti-pollution moisturiser එකක් සහ සීරම් එකක් භාවිතා කිරීමට උත්සාහ කරන්නත් ඔබට පුළුවන්.

කුෂ්ඨ රෝගයකින් ඔබේ සම පෙළෙනවා නම් ඔබේ මුහුණේ එම ස්ථාන වලට zinc oxide ක්‍රීම් වර්ගයක් යොදන්න. ඇතැම් විට ඔබේ කන් පිටුපස ප්‍රදේශය, ඔබේ නාසයේ අවට සහ නිකට පහළින් රතු පැහැ ගැන්විලා ඇති. එහෙම වෙන්නේ මාස්ක් එකේ පටි ඉතා තද වීම හෝ මාස්ක් සේදීමට භාවිතා කරන ද්‍රව්‍ය හෝ ඩිටර්ජන්ට් නිසා ඔබේ සමට ගැටළු ඇති වෙන නිසයි.

zinc oxide අඩංගු මොයිස්චරයිසර් හෝ සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න පටන් ගන්න. hypoallergenic (හයිපෝඇලජිනික්) රසායනිකය ද ඔබේ සමේ තෙල් ගතිය අව​ම කරගන්න උපකාරී වෙන නිසා මෘදු මොයිස්චරයිසර් එකක් ආලේප කර ඒ මතින් හයිපෝඇලජිනික් ආලේප කරන්න.

ෆේස් මාස්ක් එකක් පැළඳීමට පෙර සහ පසුව ද ඔබේ සම පිරිසිදුව තබා ගන්න. මාස්ක් එක පළඳින්න කලින් මුහුණ සෝදලා මොයිස්චරයිස් කර ගන්න. එය ඉවත් කිරීමෙන් පසුව ද ඔබේ මුහුණ නැවත පිරිසිදු කරන්න. මේ හරහා ඔබේ මූහුණට ගැටළුවක් ඇති නොවන විදිහට සම ආරක්ෂා කරගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1682 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:10 AM
Script:/article/1682/skin-problems-start-with-the-face-mask.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:11 AM
Script:/article/1682/skin-problems-start-with-the-face-mask.html