තෙල් සහ දහඩියෙන් ඔබේ make-up එක බේරගන්න මේ ක්‍රම ඉතාම ප්‍රයෝජනවත්

September 9, 2020
23,593
How to protect your make-up with wet and oil
ඔබ ලස්සනට ආලේප කල මේක්-අප් එක රස්නය සහ දහඩිය නිසා බොඳ වුනු අවස්ථා ඔබත් අත් විඳ ඇති. ඒ හැඟීම ගැන අපි දන්නවා. වාසනාවකට වගේ මේ වගේ වෙලාවට ඔබට උදවු වෙන්න තමයි බ්ලොටින් පේපෙර් කියන දේ නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඔබේ මේක් අප් එක නොවෙනස්ව තබා ගන්නට බ්ලොටිං පේපර් ඉතාම වැදගත් කාර්‍යභාරයක් ඉටු කරනවා. ඒ නිසා රූපලාවන්‍ය ක්ෂේත්‍රයට වගේම සෑම කෙනෙක්ගේම make-up බෑග් එකේ බ්ලොටිං පේපර් අත්‍යවශ්‍ය දෙයක් විදිහට අද කාලයේ සලකනවා. oil blotting sheets කියන්නේ අද කාලයේ අලුත් දෙයක් නම්, මේ ලිපිය කියෙව්වාට පස්සේ ඒවා ඔබගේ ප්‍රධාන රූපලාවන්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවට එක් කරගන්නට මීට පස්සේ ඔබ උනන්දු වෙයි කියලා අපි හිතනවා. blotting sheets ගැන ඔබ දැනගත යුතු සෑම දෙයක්ම ඉගෙන ගන්න මේ ලිපිය දිගටම කියවන්න. ඒවා මොනවාද යන්න සහ ඒවා භාවිතා කරන්නේ කොහොමද යන්න ගැන අපි ඔබට කියන්නම්...

බ්ලොටිං පේපර් කියන්නේ මොනවාද ?



බ්ලොට් කරනවා කියන්නේ, සෙමින් තෙතමාත්තු කරනවා කියන එකනේ. මේ කොල නිපදවලා තියෙන්නේ, ඔබේ මේක්-අප් එකට කිසිදු හානියක් නොකර ඔබේ මුහුණේ ඇති වෙන තෙල් සහ දඩිය ඉවත් කරන්නයි. මේවා හොඳ අවශෝෂක අමුද්‍රව්‍ය වලින් තමයි සාදලා තියෙන්නේ.

බ්ලොටිං පේපර් භාවිතා කළ යුත්තේ කවුද ?
හැම කාන්තාවක් ගාවම blotting papers තියෙන්න ඕනේ! ඕනෙම කෙනෙක්ගේ අතේ බ්ලොටිං පේපර්ස් තියාගන්න එකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුලුවන්. ඔබ ජිම් එකේ මහන්සියෙන් ව්‍යායාම කළත්, උත්සවයක හෝ නර්තනයේ යෙදුණත්, දහවල් වෙලාවේ එලියට ගියත්, ඒ වෙලාවට මුහුණේ ඇති වෙන අතිරික්ත දිලිසීම් සහ ග්‍රීස් ස්වභාවය ඉවත් කර ගන්නට බ්ලොටිං පේපර් ප්‍රයෝජනවත් වෙනවා. බ්ලොටිං පේපර් භාවිතා කිරීමෙන් වැඩියෙන්ම ප්‍රයෝජන ගන්න පුලුවන් එක් කණ්ඩායමක් නම් කරන්න සිදු වුණොත්, ඒ තෙල් සහිත සමක් ඇති අයයි. ඔබට ඉක්මනින් හෝ වැඩිපුර දහඩිය දමනවා නම්, ඔබට තියෙන්නේ තෙල් සහිත සමක් නම්, ඔබේ සම අනෙක් අයට වඩා ඉක්මනින් තෙල් ස්වභාවය වෙත නැඹුරු වන නිසා, දිවා කාලය පුරා (සහ රාත්‍රියටත්) ඔබේ මේක් අප් එක වඩාත් හොඳ පෙනුමකින් තබා ගැනීමට බ්ලොටිං පේපර් කියන්නේ ඔබේ හොඳම මිතුරායි.

බ්ලොටිං පේපර් භාවිතා කරන්නේ කොහොමද ?
දැන් ඔබ බ්ලොටිං පේපර් කියන්නේ මොනවාද, ඒවා භාවිතා කළ යුත්තේ කවුරුන්ද යන්න ගැන දන්නවා. දැන් අපි බලමු ඒවා භාවිතා කරන්න ඕනේ කොහොමද කියලා. ඒක ඇත්තෙන්ම සරලයි. නමුත් අපි ඒක ඔබට මේ විදිහට කොටස් කරලා කියා දෙන්නම්.

පියවර # 1: ඔබේ බ්ලොටිං පැකට් එකෙන් බ්ලොටිං පේපර් එකක් එළියට ගන්න. 

පියවර # 2: මුහුණේ තෙල් සහිත ප්‍රදේශ වලට බ්ලොටිං පේපර් එක මෘදු ලෙස තබන්න. තත්පර කිහිපයක් තියෙන්න අරින්න. ඊට පස්සේ ඉවත් කරන්න. ඔබේ මේක් අප් එක හානියක් නොකර, මුහුණේ දහදිය හෝ තෙල් සහිත සියළුම තැන් බ්ලොට් කරන්න.

ඔබේ මේක්අප් එක තෙල් රහිතව තබා ගැනීමට වෙනත් ක්‍රම 3ක්
ඇත්ත වශයෙන්ම ඔබේ මේක් අප් එකේ තිබෙන අනවශ්‍ය දිලිසෙන ස්වභාවය සහ මුහුණ තෙල් රහිතව තබා ගන්න පුලුවන් එකම ක්‍රමය බ්ලොටිං පේපර් ම නෙමෙයි. තෙල් සහිත බව වළක්වා ගැනීම සඳහා ඔබට භාවිතා කරන්න පුලුවන් තවත් මේක් අප් ක්‍රම තුනක් මෙන්න.

# 1: MATTIFYING PRIMER එකක් භාවිතා කරන්න



ඕනෑම මේක් අප් එකක පළමු පියවර වන්නේ එය තෙල් රහිතව තබා ගැනීමයි. අපි කතා කරන්නේ අඩු පාඩු නැති මේක් අප් එකක් කිරීම ගැනයි! Primer එකකින් ඔබට ලස්සනට මේක් අප් එක කරන්න ඔබේ සම සුමට කරවනවා. අඩුපාඩු සඟවා, දවස පුරාවට පවතින මැට් නිමාවක් පවත්වාගන්න, මුහුණේ තෙල් ඇති වීම වළක්වනවා. ඔබේ මුහුණට ෆවුන්ඩේශන් එකක් යොදන්න කලින් මොයිස්චරයිසින් කිරීමෙන් පසුව ඔබේ මුහුණ පුරා Primer එකක් ආලේප කරන්න.

# 2: MATTE FINISH ෆවුන්ඩේෂන්


 
ෆවුන්ඩේශන් ගැන කථා කරද්දී, මැට් නිමාවක් කියන්නේ ෆවුන්ඩේශන් එකක් භාවිතා කරන ඔබේ තෙල් සහිත සමට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙන දෙයක්. මේක් අප් කරද්දී මුහුණට Matte Foundation එකක් භාවිතා ක‍රලා, ඊට පස්සේ Foundation Blender එකක් ද භාවිත කරන්න. එහෙම කළාම ඔබට බාධාවකින් තොරව, අනවශ්‍ය දිලිසෙන ස්වභාවයකින් තොර පැහැයක් ලබා ගන්න පුලුවන්. 

# 3: ඔබේ මේක්අප් හරියට ඉවර කරන්න





තෙල් පාලනය කරගන්න එක ඔබේ මේක් අප් ක්‍රියාවලියේ පළමු පියවර වනවා වගේම මේක්අප් එක හරියට අවසන් කරන එකත් වැදගත් වෙනවා. මේකට සෙටින් ස්ප්‍රේ එකක් (Setting spray) හෝ ලූස් පවුඩර් (Loose powder) එකක් භාවිතා කරන්න පුලුවන්. මේක්අප් එක කලාට පස්සේ සෙටින් ස්ප්‍රේ මුහුණු පුරා මෘදුව ස්ප්‍රේ කරන්න. නැති නම් ලොකු ෆේස් බ්‍රශ් එකෙන් මුහුණ පුරාවට මෘදුව ලූස් පවුඩර් යොදන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1819 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:29:09 AM
Script:/article/1819/how-to-protect-your-make-up-with-wet-and-oil.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:29:09 AM
Script:/article/1819/how-to-protect-your-make-up-with-wet-and-oil.html