ඔබේ දියණියට මේ වැදගත් රූපලාවණ්‍ය උපදෙස් ලබා දෙන්න

July 15, 2020
5,910
Give these beauty advice to your teenage daughter
යෞවන කාලයේදී නිතරම හිතන්නේ ලස්සන ගැන. ඔයාගේ දියණිය දවසට කී වතාවක් කණ්ණාඩියෙන් හැඩ බලනවාද? සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් දිනපතා ආහාරයට ගත යුතු අතර මුල සිටම රූපලාවණ්‍ය හොඳ පුරුදු කියා දෙන්න ඕනා. අවුරුදු 13 දී පටන්ම දියණියට රූපලාවණ්‍ය සහ සම පිළිබඳ මූලික දෑ කියා දිය යුතුය. අද හැඩකාරී අපි ඔයාගේ දියණියට අවශ්‍ය කරන රූපලාවණ්‍ය උපදෙස් කිහිපයක් මේ ලිපියෙන් කියන්න හිතුවා.

හොඳ ආහාර පුරුදු
හොඳ සමක් සහ හිසකෙස් සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අවශ්‍ය වෙනවා. ඔයා සහ ඔයාගේ දියණිය පෝෂණයෙන් යුත් ආහාර වලින් ආරම්භ කළහොත් ස්වාභාවිකවම සෞඛ්‍ය සම්පන්න වාසියක් ලබා ගන්න පුළුවන්. ඇයගේ තරුණ වියේදී චොක්ලට්, කිරි, චීස්, බිත්තර, මාළු, මස්, එළවළු සහ නැවුම් පලතුරු වැනි හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීමට දිරිමත් කරන්න. එමගින් ඔයා දියණියගේ අනාගත සෞඛ්‍යය හා අලංකාරය සඳහා හොඳ අඩිතාලමක් දමනු ඇත.

හිසකෙස් හා සම රැකවරණය
ඔයාගේ දියණියගේ කොණ්ඩය පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීමට උගන්වන්න. මෘදු ෂැම්පූ භාවිතය සහ නිතිපතා දත් මැදීම ආදිය කියා දෙන්න. හිසකෙස් මත තෙල් සම්බාහනය මෙන් නිතිපතා කප්පාදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මෙම වයසේදී කොණ්ඩය හොඳින් නඩත්තු කිරීම හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සඳහා කොණ්ඩය කොටට කපන්න. දියණිය වැඩෙන විට ඇගේ තේරීම අනුව වවන්න. ඇගේ සම සම්බන්ධයෙන් ගත් කල, ඇගේ සමේ වර්ගය අනුව, සත්කාර කිරීමට උගන්වන්න. පොඩි කාලයේදීම සන්ක්‍රීම් එකක් භාවිත කරන්නේ නම් හිරු එළියෙන් සමට වන හානි වළක්වා ගන්න පුළුවන් වගේම දිනපතා මොයිස්චරයිසර් ක්‍රීම් එකක් භාවිතා කරන්න පුරුදු කරන්න.

පාද රැකවරණය
මුහුණට විතරක් සත්කාර කිරීම ප්‍රමාණවත් නෑ. දෙපා වලටත්  අවධානය යොමු කරන්න ඕන. මුහුණට කරන සත්කාර දෙපා වලටත් කරන්න හුරු කරවන්න. පිරිසිදුකම ඉන් මූලික කාරණයක්. ඒ වගේම දෙපා වල හොඳ පෙනුමක් පවත්වා ගැනීම සඳහා ඇවිදීම සහ ව්‍යායාම කිරීම අවශ්‍ය වෙනවා. සපත්තු පැළදීමෙන් පාද ආරක්ෂා කර ගන්න පුළුවන්. සපත්තුව තද හෝ විශාලයි නම්, ඇයගේ ඇවිදීමට අවලස්සනක් එකතු කරනවාසේම ඇවිදීමේ ශෛලිය පුරුද්දට යනවා. 

සනීපාරක්ෂාව
දිනපතා ස්නානය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එවිට ඇයට නැවුම් හා පිරිසිදු බවක් දැනෙනවා. කුරුලෑ ආසාදන වලින් වැලකෙන්නත් මෙය ඉතා වැදගත්. ඇගේ යෞවනයට පෙර ඩියෝඩ්‍රන්ට් අලේප කිරීමට ඉඩ නොදෙන්න. ඇයට පිරිසිදු හැඟීමක් ලබා ගැනීම සඳහා ස්නානයෙන් පසු ඕඩි කොලෝන් භාවිතා කිරීමට කියා දෙන්න. වැඩෙන යෞවනියෙකුට ආත්ම අභිමානය වැදගත් ය. දියණිය දිනකට දෙවරක් දත් මදිනවාද? හොඳ දන්ත සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ පුරුද්ද ඇයට උගන්වන්න. අවම වශයෙන් වසරකට දෙවරක්වත් දන්ත වෛද්‍යවරයා හමුවන්න. මෙමගින් ඔයා දියණියගේ ආකර්ෂණීය, දීප්තිමත් සිනහවකට අඩිතාලම දමයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1700 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:25:00 AM
Script:/article/1700/give-these-beauty-advice-to-your-teenage-daughter.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:25:01 AM
Script:/article/1700/give-these-beauty-advice-to-your-teenage-daughter.html