හැමදාම කන පරිප්පු ගැන නිකමටවත් හිතුනේ නැති දෙයක් මේ

March 26, 2018
12,974
Things you didn’t care about dhal
පරිප්පු කියන්නේ අපේ ගොඩාක් දෙනෙක්ට තුන් වේලටම නැතිවම බැරි ආහාරයක්. කන්න දේවල් මොන තරම් තිබුනත් පරිප්පු නැත්තන් වැඩක් නෑ. ගොඩාක් දෙනෙක් මේ විදියට හරි කැමැත්තෙන් කන පරිප්පු වලින් ලෙඩ රෝග රැසකින් බේරිලා ඉන්න මේ තරම් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා කියලා ඔයා නම් නිකමටවත් හිතන්න නැතිව ඇති.

පරිප්පු වල ඇති පෝෂ්‍ය පදාර්ථයන් ගැන කියනවා නම් අත්‍යාවශ්‍ය ප්‍රෝටීන් වර්ග රැසක්, ෆයිබර්, යකඩ හා අනෙකුත් අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා ඇමයිනෝ අම්ල, අයිසොලියුසීන් සහ ලයිසීන් අඩංගු වෙනවා. ඒ වගේම මෙහි බහුලවම අඩංගු වෙන පොටෑසියම්, යකඩ, කෙඳි, හිතකර මේද, විටමින් B 1 , විටමින් A, විටමින් K ඔබව  සෞඛ්‍යසම්පන්නව තබා ගැනීමට උදවු වෙනවා. පරිප්පු වල අඩංගු මේ පෝෂණයන් විශේෂයෙන් එක භයානක රෝගී තත්ත්වයකින් ඔබට ආරක්ෂාව සලසනවා. ඒ තමයි  අධි රුධිර පීඩනය.

පරිප්පු ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රධානම සෞඛ්‍ය ප්‍රතිලාභය තමයි ආදී රුධිර පීඩනය පාලනය කරන එක. මිනිසාගේ රුධිර වාහිනිවල පවතින සෞඛ්‍ය දුර්වලතා මඟ හරවන එක. එයින් පසුව රුධිර වාහිනී වල ක්‍රියාකාරිත්වයට හානි ගෙන දෙන තත්ත්වයන්ගෙන් ඔබව ආරක්ෂා වෙනවා. අධි රුධිර පීඩනය.. ආඝාතය, හෘදයාබාධ හා හෘදය වස්‌තුවේ අකර්මණ්‍යතාව යන රෝගයන්ට මුල්වන නිසා අනිවාර්යෙන් ඔබ ඔබේ ආරක්ෂාව සලසා ගත යුතුයි. ඒ සඳහා ඔබට ඇති හොඳම විසඳුමක් තමයි මේ හැමදාම කන පරිප්පු. පරිප්පු වල ඇති පෝෂ්‍ය පදාර්ථයන් මේ තත්ත්වයන් ගෙන් ඔබට ඇති විය හැකි අවදානම අවම කරනවා. 

රතු පරිප්පු ඔබේ වයස්ගත පෙනුම අවම කරනවා. එහි ඇති ෆයිබර්, ප්‍රෝටීන්  සහ අනෙකුත් අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඔබේ සිරුරේ ඇති ප්‍රතිශක්තිය වැඩි දියුණු කරනවා. සෛල හා පටක හානි අවම කිරීමට සහ අහිතකර විකිරණ විනාශ කිරීමට රතු පරිප්පු වල ඇති ප්‍රතිඔක්සිකාරක උදවු වෙනවා. ඒ නිසා සතියකට අවම වශයෙන් 2, 3 වතාවක් පරිප්පු පරිභෝජනය කිරීමෙන් ඔබට දිගු කාලයක් තරුණ බව රැක ගන්නත් පුළුවන් වෙයි. තුන් වේලටම පරිප්පු කන අයට ඕක මොකද්ද නේද?

ඒ වගේම පරිප්පු කියන්නේ දියවැඩියාවෙන් පෙළෙන අය සඳහා ඵලදායී ආහාරයක්. එය රුධිර සීනි මට්ටමේ අවම කරවමින් දියවැඩියා රෝගීන්ගේ සෞඛ්‍යය තත්වය මනාව සමතුලනය කරනවා.

පරිප්පු ඇතුළු සියලුම ධාන්‍ය වර්ග පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීමට උදවු වෙනවා. එහි ඇති පිළිකා මර්දක ගුණය පියයුරු, පෙණහලු ඇතුළු පිළිකා වර්ග කීපයක අවදානම අවම කරනවා.

ඒ වගේම දත් දෙපල ශක්තිමත් කරන්නත්, අස්ථි පද්දතියේ ආරක්ෂාවටත් පරිප්පු වලින් ඉහල පෝෂණයක් ලැබෙනවා. විවිධ ආසාදනයන්ගෙන් ඔබව ආරක්ෂා කරන ගමන්ම ඇස් පෙනීමත් වර්ධනය කරනවා. ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයත් ක්‍රමවත් කරනවා. අදින් පස්සේ පරිප්පු කියන්නේ නිකන්ම නිකන් පරිප්පුවක් විතරක් නෙවෙයි කියලා අද දැනගත්තානේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 722 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:09:00 PM
Script:/article/722/things-you-didn-t-care-about-dhal.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:09:01 PM
Script:/article/722/things-you-didn-t-care-about-dhal.html