Fizzy Drinks බොද්දී අපිට අමතක වෙන ඍණාත්මක බලපෑම් කිහිපයක්

August 6, 2021
3,915
Negative effect of fizzy drinks
සෝඩා, කෝලා වැනි වෙළදපොලේ ඇති රසකාරක බිම වර්ග සෞඛ්‍ය සම්පන්න නොවන බව කවුරුත් දන්නවා. නමුත් තවමත්, අපගෙන් බොහෝ දෙනෙකුට, කෝලා බීම වර්ග කියන්නේ දිව්‍යමය අමුර්තයක්. දිවා ආහාරය ගැනීමෙන් පසු කාගේත් අංක එකේ තේරීම දිව පිනා යන පැණි බිමයි. සෝඩා පානය කිරීම හා සම්බන්ධ සෞඛ්‍ය අවදානම් පිළිබඳව අප බොහෝ දෙනා අසා ඇති නමුත්, තොරතුරු අපගේ හදවතට සමීප නොවන බව පෙනී යනවා.

අපි ශීතකරණයෙන් පැණි රසකාරක බිම වර්ගයක් ගන්නා සෑම අවස්ථාවකම අපේ මතකයට එන සෞඛ්‍ය අවදානම් කිහිපයක් ගැන කියන්න හිතුවා.

1. විජලනය
හිසරදය, තෙහෙට්ටුව, මලබද්ධය, රුධිර පීඩනය වැඩි වීම සහ වෙනත් සම්බන්ධයක් නැති රෝග ලක්ෂණ සියල්ලම විජලනයේ සංඥාවක් විය හැකියි. විජලනය සිදුවන්නේ අප ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම නිසා පමණක් නොව මුත්‍රා යාම වැඩි කරන ආහාර සහ බීම වර්ගද බලපානවා. සීනි සහිත බීම (මත්පැන්, කෝපි, අච්චාරු සහ රසකැවිලි) අපගේ විජලනය සදහා හේතු වන නිෂ්පාදන ලැයිස්තුවේ ඉහළින්ම සිටිනවා.

2. පිළිකා අවදානම වැඩි වීම
දුඹුරු කැරමල් වර්ණ ගැන්වීම පිළිකාවට හේතු විය හැකි අතර සෝඩා බීම වර්ග වල බහුලව භාවිතා වන අමුද්‍රව්‍යයක්. බොහෝ කල් තබා ගන්නා ද්‍රව්‍ය, ව්‍යාජ සීනි සහ ලේබලයේ සඳහන් වෙන සංකීර්ණ රසායනික ද්‍රව්‍ය පිළිකා කාරක බවට අනුමාන කරනවා (හෝ දැනටමත් ඔප්පු කරලා තියෙන). රසකාරක බිම වර්ග පානය කරන්නන් හට තයිරොයිඩ් සහ ලියුකේමියාව වැනි පිළිකා ඇති වීමේ අවදානමක් තියෙනවා.

3. බර වැඩිවීම හා තරබාරුකම
සංවර්ධිත රටවල වසංගතයක් වගේ වැඩිවෙන තරබාරුකමට සීනි සහිත බීම (සෝඩා සහ ශක්තිජනක පාන) ප්‍රධාන ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. එක් සෝඩා කෝප්පයක කැලරි 200 ක් පමණ අඩංගු වෙනවා. මෙය ආහාර වේලක් හා සමානයි! ඒවගේම අඩුවෙන් ආහාර ගත්තයි කියලා තරබාරු වීමේ වෙනසක් වෙන්නේ නැහැ. නිතිපතා සීනි සහිත බීම පරිභෝජනය මඟින් ඔබ තරබාරුවීමේ ඉහළ අවදානමක් ඇති කරන අතර එය බාහිරුන් පෙනෙන්නට තියෙන ගැටළුවක් පමණක් නොව හෘද රෝග සහ දෙවන වර්ගයේ දියවැඩියාව ඇතුළු තවත් සෞඛ්‍ය ගැටළු ඇති කරයි.

4. Fatty Liver අවදානම වැඩි කිරීම
බීම වල අඩංගු සියලුම වර්ණක හා රසයන් අපගේ අක්මාව තුළ තමයි බිඳ දමන්නේ. අධික සීනි පරිභෝජනය අක්මාවට වැඩ වැඩි කරනවා. අධික ලෙස පැණි රසකාරක පානය කරන විට, ඔබේ අක්මාව අතිරේක සීනි මේදය බවට හරවන නිසා අක්මාව ෆැටී ලිවර් තත්වයට පත් වෙනවා. එය ලොව පුරා වැඩිහිටි ජනගහනයෙන් 20% -30% කට බලපාන සෞඛ්‍ය ගැටළුවක් වන අතර සීනි සහිත පැණිරස බීම අධික ලෙස පානය කිරීම සහ NAFLD (Non Alcoholic Fatty Liver Disease) වර්ධනය වීමේ අවදානම අතර සොයා ගෙන තියෙනවා.

5. පරිවෘත්තීය ක්‍රියාවලිය වෙනස්වීම්
අධික සීනි සහ කෘතිම රසකාරක සහිත බීම බඩවැල් මයික්‍රොෆ්ලෝරා (gut microflora) එනම් ආහාර දිරවීමට උදවු වන බඩවැල්වල ඇති බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් වල වෙනස්කම් ඇති කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබ අධික ලෙස ආහාර ගැනීම වැඩි වනවා පමණක් නොව, බඩවැල් වල අසමතුලිතතාවය හේතුවෙන් එම ආහාර ජීර්ණය කර ශක්තිය බවට පත් කිරීමට ශරීරයට දැඩි වෙහෙසක් දැරීමට සිදුවෙනවා. ශක්තිය බවට පත් නොවන සියල්ල ‘මේද සෛල’ බවට පත් වෙනවා.

6. වැඩි හෘද රෝග අවදානම
අධික සීනි පරිභෝජනය නිසා හෘද රෝග ඇතිවීමේ අවදානම කාලයක් තිස්සේ එකට අත්වැල් බැඳන් යන දෙදෙනෙක් වෙලා. රසකාරක බීම වල ඇදහිය නොහැකි තරම් සීනි සහ කැෆේන් අඩංගු වන අතර ඒ දෙකම රුධිර පීඩනය ඉහළ නංවන අතර ස්නායු පද්ධතිය උත්තේජනය කරයි. මෙය ඔබේ හදවත දුර්වල කරයි. කල් යත්ම, රුධිරයේ සීනි සහ ඉහළ “නරක” කොලෙස්ටරෝල් ඇතුළු විවිධ හෘද රෝග අවදානම් ඇති කරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2031 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:37 AM
Script:/article/2031/negative-effect-of-fizzy-drinks.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:37 AM
Script:/article/2031/negative-effect-of-fizzy-drinks.html