බොහෝ හැඩකාරියෝ කැරට් ආහාරයට අකමැතියි. ඒත් මේ විදිහට කුණිස්සන් කටගැස්මක් සකස් කර ගන්න. මෙය සුළං නොවදින සේ අසුරා දින දෙකක් පමණ තබා ගත හැකියි. දිවා ආහාරයටත් පහසුවෙන් ගෙන යන්න පුලුවනි. ඒ විතරක් නොවෙයි, දුර විනෝද චාරිකා යද්දී පහසුවෙන්ම ආහාරයට ගත හැකියි.
ඇවශ්‍ය ද්‍රව්‍ය :
සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් අල දෙකක්
කූනිස්සන් ග්‍රෑම් 50 ක්
ලුණු ස්වල්පයක්
කහ ස්වල්පයක්
පොල්තෙල් මේස හැඳි දෙකක්
සිහිනව ලියාගත් සුදුළූණු බික් 4 ක්
රම්පෙ කැබැල්ලක්
කරපිංචා ඉති දෙකක්
අමුමිරිස් කරල් දෙකක්
ලොකු ළූණු ගෙඩියක්
කැබලි මිරිස් මේස හැඳි දෙකක්
සාදන අන්දම :
01. මුලින්ම කැරට් අල දෙක පොතු හැර සුද්ධ කර ගෙන
ග්‍රේටරයකින් ගාන්න
02. කූනිස්සන් උණුවතුරේ දමා සාමාන්‍ය අන්දමින් සෝදා පරිරිසිදු කර ගෙන වතුර මිරිකා ගන්න.
03. දැන් ගාගත් කැරට් එකට අමුමිරිස්, රම්පෙ, කරපිංචා, ලියාගත් සුදුළූණු සහ බොම්බයි ළූණු එකතු කරන්න.
04. කහ සහ ලුණු කැරට් වලට එකතු කරන්න.
05. දැන් තෙල් ලිප තබා කූනිස්සන් හොඳින් බැදගෙන වෙනම තබා ගන්න.
06. එයින් පසුව ග්‍රේට් කරගත් කැරට් තෙම්පරාදු පදමට බදිනන්.
07. දැන් කූනිස්සන් සහ කැරට් එකම භාජනයකට දමා කැබලි මිරිස් හොඳින් කලවම් කරන්න.
එන්.ඒ.පි.සි