කෝමාරිකා ජූස්

July 22, 2020
4,492
Aloe Vera Juice
පැහැපත් සමකට, ලස්සන කොන්ඩයකට පමණක් නෙවෙයි දියවැඩියාව, ආතරයිටිස් වගෙ ලෙඩ රෝග වලට සහනයක් දෙන කෝමාරිකා පානය කා අතරත් ප්‍රකට වෙලා. ඉතින් බලමු කෝමාරිකා පානය හරියට හදන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය :

කෝමාරිකා කොලයක්
දෙහි ගෙඩියක යුෂ
අයිස් වතුර
ඔබේ රස අනුව මී පැණි හෝ සීනි
කැමති නම් වතුර වෙනුවට ඔයා කැමති පලතුරු යුෂ වර්ගයක් භාවිතා කරන්නත් පුලුවන්

සාදන ආකාරය :

01. කෝමාරිකා කොලය ගෙන එහි දෙපැත්තේ ඇති කටු කොටස කපා ඉවත් කරන්න. දැන් කොලයේ ඇතුල් පැත්තේ පොත්ත, කොල පාට පොතු කැබලි ඉතිරි නොවන සේ ඉවත් කරගන්න. මෙය කුඩා පිහියකින් කරගන්න පුලුවන්.

දැන් හැන්දකින් කෝමාරිකා ජෙල් එක සූරා ගන්න.

02. සූරා ගත් ජෙල් එක ටැප් එකට අල්ලා හොඳින් සෝදා ගන්න. කෝමාරිකා වල ඇති කහ පැහැති සහ කොල පැහැති කොටස් හොඳින් සෝදා හැරිය යුතුයි. මොකද මේවා වලින් ඔබට උදරයේ ආසාත්මිකතා ඇති වෙන්න පුලුවන්.

03. හොඳින් සෝදාගත් ජෙල් ටික සිහින්ව කපා හෝ බ්ලෙන්ඩ් කරගෙන පිලිගන්වන වීදුරුවට දමා ගන්න.

04. එයට දෙහි යුෂ එකතු කර, මී පැණි හෝ සීනි එකතු කර කලවම් කරන්න.

05. මෙයට සිසිල් වතුර හෝ පලතුරු යුෂ එකතු කර කලවම් කර පානය කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1718 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:28:56 AM
Script:/article/1718/aloe-vera-juice.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:28:56 AM
Script:/article/1718/aloe-vera-juice.html