රසට උයන්න නොවරදින උපදෙස් කිහිපයක්

October 28, 2021
5,063
Cooking advice that never go wrong
1. ආහාර වට්ටෝරුව අනුව සුදු ලූනු කපන්න



ඔබගේ ආහාර සඳහා සුදුලුනු එක්කරන්නේ නම් එහි වට්ටෝරුවෙ සඳහන් ආකාරයට සුදුළූණු එක්කරන්න.. එහි ඇඹරීමට කියා ඇත්නම් අඹරන්න, සිහින්ව කපා ගැනීමට අවශ්‍ය නම් එසේ කරන්න. සුදුළූණු වල සැර සහ රසය රඳා පවතින්නේ එය සකස් කර පිසින ආකාරය මත බැවින් උපදෙස් පිළිපැදීම වැදගත්. තලා සුදුළූණු දැමූ විට රසය වඩාත් ප්‍රබල වන අතර පෙති කපා හෝ චොප් කල විට මෘදු රසයක් ගෙන දේ.

2. සුදු ලූණු සහ බී ලූණු එක වර බැදීමෙන් වළකින්න



සාමාන්‍යයෙන් සුදු ලූණු ඉක්මනින් බැදෙන අතර ලූණු බැදීමට යම් කාලයක් ගතවනවා.. එවිට ඉක්මණින් බැදෙන සුදු ලූනු පිළිස්සුණු රසයක් ගනු ලබනවා.

3. ඉඟුරු පීල් කිරීම අනවශ්‍යයි



ඉඟුරු පීල් කිරීම මගින් එය අපතේ යන ප්‍රමාණය වැඩි වනවා.. එමනිසා ඉඟුරු යන්තමින් සූරා එහි පොත්ත ඉවත් කිරීම ප්‍රමානවත් අතර ඔබට ඒ සඳහා පොඩි හැන්දක් භාවිතා කල හැකියි.

4. ගර්ම් මසාලා ආහාරය පිස අවසානයේ එක්කරන්න



අප ආහාර පිළියෙල කිරිම ආරම්භයේදි වඩාත් හොඳ රසයක් සහ සුවඳක් සඳහා කුළු බඩු එක්කර ගනු ලබනවා.. නමුත් ගරම් මසාලා එක්කිරීමේදි එය ආහාරය සකස් කර අවසානයේදි එක්කිරීමෙන් වඩා හොඳ රසයක් සහ සුවඳක් ලබාගත හැකියි.

5. සැල්දිරි කොල ඉවත දමන්න එපා



බොහෝ දෙනා සැල්දිරි කොල භාවිතයට නොගෙන ඉවත දමනවා. නමුත් ඔබට කුඩාවට කපා රසකාරකයක් ලෙස හෝ කොත්තමල්ලි කොල වෙනුවට හෝ ආහාර සැරසිලි සඳහා භාවිතා කල හැකියි.

6. තක්කාලි ශීත කරන්න එපා



තක්කාලි ශීතකරනයේ ගබඩා කිරීමෙන් එහි රසය සහ ස්වභාවය වෙනස් වනවා.. එමනිසා තක්කාලි හිරු එලිය නොවැටෙන සේ මුළුතැන්ගෙයෙහි තබා ආහාරයට එක්කරන්න. ඔබට ඉක්මනින් තක්කාලි ඉදවා ගැනීමට අවශ්‍ය නම් ඒවා ඇපල් හෝ කෙසෙල් ගෙඩියක් සමග කඩදාසි බෑගයක තැන්පත් කරන්න.

7. බිත්තර ස්ක්‍රැම්බල් කිරීමට කිරි අවශ්‍ය වන්නේ නැත



ස්ක්‍රැම්බල් බිත්තර සඳහා කිරි හෝ වතුර එක් කිරිමෙන් එය දියාරු ස්වභාවයක් ගන්නා අතර ඔබට ස්ක්‍රැම්බල් බිත්තර සකස් කර ගැනීමට අවශ්‍ය නම් බිත්තර වලට බටර් ස්වල්පයක් එක්කර හොඳින් විස්ක් කිරීම පමණක් ප්‍රමාණවත්.

8. ශීතකරණයෙන් ගත් විගස මස් වර්ග පිසීම කරන්න එපා



මස් මත දුඹුරු පැහැ මතුපිටක් ලබාගැනීමට අවශ්‍ය නම් ශීතකරණයෙන් පිටතට ගෙන විනාඩි 20ක් පමණ තබා පිසිය යුතුයි.

9. නන්ස්ටික් (Non-stick) බඳුන් සැම විටම හොඳම තේරීම නොවේ



නන්ස්ටික් පෑන් ආහාර පිසීම සඳහා සෑමවිටම සුදුසු වන්නේ නැහැ. ඒවා ඉක්මනින් රත් නොවන බැවින් ආහාර වැඩිවේලාවක් පිසීමට ඉඩ තිබෙනවා. එමනිසා ඇතැම් ආහාර සඳහා නන්ස්ටික් බදුන් සුදුසු වුවත් ඇතැම් ආහාර සඳහා සුදුසු වන්නේ නැහැ.

10. වතුරට ලුණු එක් කිරීමෙන් ඉක්මනින් රත්කර ගත හැකිය කියන විශ්වාසය



ලුණු දැමූ ජලයේ තාපාංකය සාමාන්‍ය ජල තාපාංකයට වඩා වැඩි බැවින් ලුණු දැමූ ජලයඋෂ්නත්වයෙන් අධික නමුත් ඇත්ත වශයෙන්ම ලුණු එක් කළ ජලය රත් වීමට වැඩි කාලයක් හා ශක්තියක් වැයවනවා. ඉතින් නූඩ්ල්ස්, පාස්ටා සාදන විට ලුනු එක් කර වතුර රත් කරනවාට වඩා රත් වූ වතුරට ලුණු එක කිරීම නුවනට හුරුයි.

11. අර්තාපල් පොතු සෑමවිටම ඉවත් කල යුතු නැහැ



අර්ථාපල් පොත්තෙහි පෝෂ්‍ය පදාර්ථ හා කෙඳි බහුල නමුත් බොහෝ විට අපි එය අපිරිසිදු බැවින් පොත්ත ඉවත් කරනු ලබනවා. එමනිසා කාබනික අර්තාපල් මිලට ගෙන හොඳින් පිරිසිදු කර පිසීමට ගැනීමට ඔබට හැකියි.

12. පැස්ටා පිසීමේදි තෙල් එක් කිරීම අත්‍යවශ්‍ය නැහැ



පැස්ටා තැම්බීමේදි තෙල් එක්කිරීම අත්‍යවශ්‍ය නොවන අතර පාස්ටා තම්බන්න ටිකක් වැඩිපුර වතුර භාවිතා කරන්න. වතුර උතුරන විට ලුණු ස්වල්පයක් එක්කරන්න.

13. පෑන් කෙක් මිශ්‍රණය ඕනවට වඩා විස්ක් කරන්න එපා



පෑන් කේක් මිශ්‍රණය බොහෝ වේලාවක් මිශ්‍ර කල යුතු බවට බොහෝ දෙනා සිතුවත් එසේ කිරීමෙන් එහි ග්ලූටන් ක්‍රියාකාරිත්වය වැඩිවනවා. එවිට නිසි ආකාරයෙන් පෑන් කේක් සකසා ගැනීම අසීරුයි.. ඔබගෙ මිශ්‍රණයට දමන ඝන අමුද්‍රව්‍ය සහ දියර අමුද්‍රව්‍ය නිසි එකිනෙකට හොඳින් මිශ්‍ර වුනාම ඇති.

14. පෑන් සහ විදුලි උදුන් ප්‍රීහීට් කල යුතුයි



ඔබ දැක ඇති බොහෝ ආහාර වට්ටෝරු වලදී එය උදුණට දැමීමට පෙර උදුන විනාඩි 10ක් පමණ රත්විය යුතු බව සඳහන් කරනවා. ආහාර ඒකාකාරිව පිසීම සඳහා එසේ ප්‍රී හීට් කිරීම ඉතා වැදගත්.. එසේ නොවූ විට ඔබගේ ආහාරය නිසි ආකාරයට බේක් නොවේවි.

15. මස් වර්ග බදින විට නිතර දෙපස හරවන්න එපා



අප පුරුදුවී සිටින්නේ මස් වර්ග ග්‍රිල් කිරීමේදී හෝ බැදීමේදි නිතර දෙපස පෙරළීමටයි. නමුත් ඔබ දන්නවාද එසේ කිරීමෙන් එහි පැහැයට, ස්වභාවයට මෙන්ම රසයටද බලපෑම් එල්ල කරනවා. එබැවින් ඔබ මස් ග්‍රිල් හෝ නොගැඹුරු තෙලේ බදින විට නිතර දෙපස හැරවීමෙන් වළකින්න. එක්වරක් හෝ දෙවරක් දෙපස හැරවීම ප්‍රමාණවත්.

16. ප්‍රමාණය ඉක්මවා පෑන් එකක් මත ආහාර බදින්න එපා



උදාහරණයක් ලෙස ඔබ නොගැඹුරු තෙලේ මස් බදින විට පෑන් එක පුරවා මස් දමා ඇතිවිට එය හොඳින් බැදීම සිදුවනේ නැහැ, එහි ජලය මතු පිටට පැමිණ බැදීමට බාධා එල්ල වනවා.. එමනිසා ඔබ ආහාර සකසන විට සකසන බදුනට කොටස් වශයෙන් දමා බදින්න.. එවිට හොඳ රසයක් මෙන්ම පෙනුමක්ද ලබාගත හැකියි.

17. උතුරන වතුරට දමා අර්තාපල් තම්බන්න එපා



ඔබ උතුරන වතුරට දමා අර්ථාපල් තැම්බීමට යාමේදි එහි පිටත කොටස ඉක්මනින් තැම්බුණත් ඇතුළත නිසි පරිදි තම්බා ගත නොහැකියි.. එමනිසා හොඳින් අර්තාපල් තම්බා ගැනීමට නම් සිසිල් ජල බදුනකට අර්තාපල් දමා ලුණු ස්වල්පයක් එක්කර ඒකාකාරි උෂ්ණත්වයකින් තම්බා ගන්න.

18. ශීතකරන ලද එළවලු මයික්‍රොවේව් උදුණෙ සකසන්න එපා



ශීතකරන ලද එළවලු මයොක්‍රොවේව් කිරීමෙන් එහි තෙත සහ බෙරි ස්වභාවයක් ඇතිවිය හැකියි. එමනිසා එවැනි එළවලු වාෂ්පයෙන් තම්බා ගැනීමෙන් වඩා හොඳ පෙනුමක් සහ රසයක් ලබාගත හැකියි.

19. සීතකල බිත්තර සහ කිරි බේක් කිරීම සුදුසු නැත



සාමාන්‍යයෙන් පේස්ට්‍රි සහ බිස්කට් වලට සීත බටර් අවශ්‍ය වන අතර කේක් වැනි දැ සඳහා බටර් කාමර උෂ්ණත්වයේ තිබිය යුතුයි. එමනිසා වට්ටෝරුව අනුගමනය කරන්න. එමෙන්ම බිත්තර ශීත කිරීම අනිවාර්‍ය දෙයක් නොවේ.. ඔබට එය ශීතකරණයෙන් පිටත ගබඩා කල හැකියි.

20. poached එග් ඕනෑම පෑන් එකක සෑදිය නොහැක



poached එග් සකස් කිරීම සඳහා නැවුම් බිත්තර මෙන්ම මදක් ගැඹුරු පෑන් එකක් අවශ්‍යයි. බිත්තරය කැඩීමට පෙර විනාකිරි ස්වල්පයක් වතුරට එක්කර, වතුර රත් කල යුතු අතර පසුව පෑන් එක ලිපෙන් ඉවත්කර බිත්තරය එය තුලට බහා විනාඩි 5ක් තම්බා ගන්න..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2083 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:39 AM
Script:/article/2083/cooking-advice-that-never-go-wrong.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:39 AM
Script:/article/2083/cooking-advice-that-never-go-wrong.html