බටු ගෙඩි 4ක්
කහ කුඩු මේස හැදි 1/2
ලොකු ළූණූ ගෙඩි 2ක්
අමු මිරිස් කරල් 5ක්
ගම්මිරිස් කෑලී තේ හැදි 2ක්
උම්බලකඩ මේස හැදි 1ක්
තක්කාලී ගෙඩි 1ක්
තෙල් බෝතල් 1/2ක්
දෙහි යුෂ පදමට
ලුණූ පදමට
පලමුව බටු දික් අතට තීරු වශයෙන් සිහින්ව කපාගන්න. පසුව ලුණු, කහකුඩු මිශ්‍ර කර කපාගත් බටු ගැඹුරු තෙලේ හොදින් බැදගන්න. බැදගත් බටුවල වැඩි තෙල් ඉවත් වීමට තබන්න. තෙල් ඉවත් වු පසුව බටු සමග සිහින්ව කපාගත් ළූණූ, තක්කාලී, ගම්මිරිස්, උම්බලකඩ, පලාගත් අමුමිරිස්, ගම්මිරිස්, ලුණූ පදමට එක්කර කවලම් කරන්න. අවසානයේ දෙහි යුෂ එක්කරගන්න.
ඔබට අවශයය නම් ලොකු ළූණූ Ring විදිහට කපාගෙන එකතු කරගන්න. රතු ළූණූ එක්කර ගැනීමෙන් තවත් රස හා ගුණය වැඩි කරගත හැකිවේ.