හිරුඑළිය නැතත් ලස්සනට හැදෙන ඉන්ඩෝ ප්ලාන්ට්ස් 10ක්

August 8, 2020
16,699
House plants that needs almost no sunlight
නිවෙස තුල තබන පැලෑටි අද වෙනකොට ට්‍රෙන්ඩ් එකක් වෙලා. ඕනෑම නිවසකට පැලෑටි වලින් නව පනක්, අමුතුම එළියක් ගෙන දෙන්න පුලුවන්. එය ලස්සන පෝච්චියක තිබ්බොත් තවත් ලස්සනයි. ඉතින් අද අපි කියන නිවස තුල තබන මේ පැලෑටි වලට හිරු එළිය අවශ්‍ය නැති ම තරම්..

01. බ්‍රොමේලියාඩ්ස් (Bromeliads)

බ්‍රොමේලියාඩ් වර්ග කීපයක් තියෙනවා. ලස්සන මලක් පිපෙන මේ පැලය පෝච්චි වල සෙවනක තියන්න ඕනේ. නිවස තුල වවන්න සුදුසු මේ පැලය ලයිට් එළියේ පමණක් වුවත් හොඳින් වැඩෙනවා.








02. ඩ්‍රැගන් ට්‍රී (Dragon Tree)

මේ පැලය ලේසියෙන් මැරෙන්නේ නෑ. නමුත් සෘජු හිරු කිරණ සහ පැලයට වතුර වැඩි වීම් නිසා පැලය ලස්සනට හැදෙන එක නවතිනවා. ඒ නිසා මෙය නිවස තුල ලස්සනට හදන්න පුලුවන් පැලයක්.








03. ස්පයිඩර් ප්ලාන්ට් (Spider Palnt)

මෙය හදන්න සහ නඩත්තු කරන්න හරිම පහසු පැලයක්. හොඳම දේ තමයි මෙය නිවසේ වාතය පිරිසිදු කරන එක. ඒ වගේම හැඟින් ප්ලාන්ට් එකක් ලෙස නිවසට ලස්සනක් ගේන්න පුලුවන් පැලෑටියක්.






04. පීස් ලිලී (Peace Lilly)

ඔබ පැල වලට වතුර දාන්න අමතක කරන කෙනෙක් නම් පීස් ලිලී කියන්නේ ඔයාට හරි යන පැලයක්. අවම නඩත්තුවකින් පවත්වගන්න පුලුවන් මේ පැලයේ මල් හටගන්නේ සෙවනේ තියෙන විටයි. මෙය නිවසේ වාතය පිරිසිදු කරන පැලෑටියක්.






05. චීන එවර්ග්‍රීන් (Chinese Evergreen)

මේ පැලෑටිය හිරු එළියක් කිසිසේත්ම නැති වූවත් කරදරයක් නැතිව වැඩෙන පැලයක්. ඕනෑවට වඩා වතුර දැමීමෙන් වලකින්න. පෝච්චියේ පස් වියළුණු විට වතුර දමන්න. පස තෙත නම් වතුර දමන්න එපා.






06. ෆිලොඩැන්ඩ්‍රන් (Philodendron)

අඩු එළිය සහිත පරිසරයට පහසුවෙන් අනුවර්තනය වන මේ පැලෑටිය නිවසකට අමුතුම එළියක් ලස්සනක් ගෙන එනවා. පස තෙත්ව තබන්න. නමුත් පාමණට වඩා වතුර දැමීමෙන් වලකින්න.








07. පීකොක් ප්ලාන්ට් (Peacock Plant)

ලස්සන පත්‍ර සහිත මේ පැලය සාමාන්‍ය එළියක් බලාපොරොත්තු වෙනවා. පස යන්තම් තෙත තත්වයේ තබන්න.




08. පෙපරෝමියා (Peperomia)

කුඩා ලස්සන පැලෑටියක් වන පෙපරෝමියා නිවසක ඕනෑම තැනක තබන්න පුලුවන්. අනික මෙහි එක එක ආකාරයේ පත්‍ර ඇති පැල වර්ග කීපයක් තියෙනවා. යන්තම් තෙත් පසකට ආසා කරන මේ පැලයේ පත්‍ර වලටත් ඔබට වතුර ටිකක් ඉසින්න පුලුවන් නම් පැලය වඩාත් කැමති වේවි.








09. මනී ප්ලාන්ට් (Money Plant)

සෘජු හිරු එළිය අනවශ්‍ය මේ පැලෑටියටත් වැඩි අවධානයක් අනවශ්‍ය පැලයක්. වාතයේ ඇති විෂ වායු නසන මේ පැලය මුළුතැන්ගෙය, නාන කාමරය සහ විසිත්ත කාමරය කියන ඕනෑම තැනක තබන්න පුලුවන්.








10. ස්නේක් ප්ලාන්ට් (Snake Plant)

අඳුරේ වුවත් හොඳින් වැඩෙන මේ පැලෑටිය ඉතාම අඩු නඩත්තුවකින් වුවත් පවත්වාගෙන යන්න පුලුවන්. වාතය පිරිසිදු කරන්නත් මේ පැලෑටියට හැකියාවක් තියෙනවා.






Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1755 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:37:26 PM
Script:/article/1755/house-plants-that-needs-almost-no-sunlight.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:37:26 PM
Script:/article/1755/house-plants-that-needs-almost-no-sunlight.html