දොඩම් ලෙලි වලින් පැහැපත් වෙන්න කැමතිද

December 10, 2018
17,877
Have a glowing skin with orange peels
ලස්සන වෙන්න කොයි කවුරුත් කැමති වගේම පිස්සුවෙන් වගේ හැමෝම හිතන්නේ තමාගේ ලස්සන ගැනයි. කාන්තාවන් උත්සවයකට මිතුරු හමුවකට පාටියකට යන්න ඕන වුණාම සැලෝන් එකට ගිහින් තාවකාලික ලස්සනකින් හැඩ වැඩ වෙලා අවස්ථාවට අනුව කැපී පෙනී ඉන්නවා. අපේ රටේ යුවතියන් සල්ලි වියදම් කරලා තමාට අවේනික ලස්සත් නැති කර ගන්නවා. ඒ නිසාම අද හැඩකාරි අපි  ඔයාට නිතර දෙවේලේ ගෙදරදී හමු වන දොඩම් ලෙලි වලින් පැහැපත් වෙන්න සරල පිළියමක් කියලා දෙනවා.

එදිනෙදා නිවෙසේදී හමු වන ද්‍රව්‍ය  වලින් කළ හැකි සරල ප්‍රතිකර්මයන් ගැන ඔබ දන්නවා ද?

දොඩම් ගෙඩි ඔක්කොම අරගෙන හිමිහිට ලෙල්ල ගලවලා දොඩම් යුෂ මිරිකා එයට වතුර සහ සිනි එකතු නොකර දොඩම් යුෂ 
ශීතකරණයේ තබා සැරින් සැර පානය කරන්න. මෙම පානය  හිස්බඩ බොනවා නම් ශරීරයට වඩාත් යෝගයයි. දොඩම් වල විටමින් C ඇති නිසා ඔයාගේ සිරුරේ ක්‍රියාකාරීත්වය ඉතාමත් වැදගත් වෙනවා. හරි දැන් ආලේපනය ගැන කතා කරමු.

අවශ්‍ය ද්‍රව්‍ය (සතියක් සඳහා)
දොඩම් ගෙඩි කිහිපයක ලෙලි 
මී කිරි   
මී පැණි 
දෙහි ඇඹුල්  
කොටාගත් හාල්පිටි

දොඩම් ගෙඩියේ ඉවතලන දොඩම් ලෙලි ටික කතුරකින් හීනියට කපා දවස් දෙකක් තුනක් පමණ අව්වේ වේළාගන්න. අව්වේ වේලා ගත් දොඩම් ලෙලි හොඳින් කුඩු වෙන තෙක් ග්‍රයින්ඩ් කර විදුරු බෝතලයකට දාලා තියා ගන්න. දොඩම් කුඩු තේ හැඳි 2 ක් පීරිසියකට දමා එයටම පිරිසිදු මී කිරි තේ හැඳි 2 ක් එකතු කරන්න. එයට හොඳම වර්ගයේ මී පැණි තේ හැඳි දෙකක් ද එකතු කරන්න. අවසානයට එයට දෙහි යුෂ ටිකක් එකතුකර හොඳින් මිශ්‍ර කරන්න.

දොඩම් ලෙලි මිශ්‍රණය අලේප කිරීමට පෙර 

මෙම දොඩම් ලෙලි ආලේපනය ගැල්වීමට පෙර ඔයාගේ මුහුණ උණු වතුරින් ස්ටීම් කරගන්න. ඉන්පසු හාල් පිටි හා මී පැණි මිශ්‍රකර මුහුණ ස්ක්‍රබ්කර මද උණුසුම් වතුරින් සෝදන්න. පසුව සාදාගත් දොඩම් ලෙලි මිශ්‍රණය මුහුණෙත් බෙල්ලෙත් ආලේපකර පැය භාගයකින් පසු සිසිල් ජලයෙන් සෝදා පිරිසුදු තුවායකින් ඔයාගේ මුහුණ හොඳින් තෙතමාත්තු කරන්න. මෙම සත්කාරය මගින් අවපැහැ ගැන්වීම් ඉවත් කර පැහැපත් සමක් ලබා දෙනවා.

සම පැහැපත් කරගන්න අද කාලයේ තරුණියන් මිල අධික රූපලාවණ්‍ය සත්කාර වලට යොමුවීම වැඩි වශයෙන් දක්නට ලැබෙන කරුණක් වුනත් යුවතියන්ට බොහෝ විට එවායින් ලැබෙන්නේ කෙටි කාලින ලස්සනක් විතරයි. ඉතින් හැමදාම ලස්සන්ට ඉන්න මේ වගේ ස්වාභාවික සත්කාර කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1194 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:36 AM
Script:/article/1194/have-a-glowing-skin-with-orange-peels.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:37 AM
Script:/article/1194/have-a-glowing-skin-with-orange-peels.html