ඔහු ඔබට වංචා කලාද? දැන් ඔබ කුමක් කළ යුතුද?

August 10, 2020
2,987
What you should you do if your lover cheat on you
කවදා හෝ ඔබ ආදරය කරන තැනැත්තා ඔබට වංචා කළ බව දැන ගත්තොත් ඔබ ඔබේ සිතෙන් දහසක් ප්‍රශ්ණ අසාවි.. "මා දැන් කුමක් කල යුතුද? මම මේ දේට මුහුණ දෙන්නේ කොහොමද?"

එහි වචන දෙකක් නෑ ඔබ බොහෝ විට හැඟීම් බර වෙනවා. ආතතිය, දුක, කේන්තිය මේ සියල්ලත් එක්ක පොර බදද්දී, ඔබේ ඊළඟ තීරණය ගැනීමට ඉක්මන් වෙන්න එපා. මෙවැණි අවස්ථාවකට ඔබ මුහුණ දුන්නොත් ඔබ කුමක් කළ යුතුද වග විමසිල්ලෙන් තේරුම් ගනිමු...

පිරිමියෙක් ගැහැණියකට හෝ ගැහැණියෙක් පිරිමියෙකුට වංචා කරන්නේ ඇයි? වංචාව කියන්නේ කුමක්ද?

ඔබ සමඟ ආදර සම්බඳතාවයක් පවත්වන අතර තුර ඔහු හෝ ඇය තවත් කෙනෙකු සමඟ සම්බඳතාවයක් පවත්වනවා නම්, එය ඔබට රහසේ, යහළුකමකට එහා ගිය සම්බන්දයක් නම් එය වංචාවක්.

මේ ගැන දැනගත් පසු ඔබ කුමක් කළ යුතුද?

1. පළමුවෙනිම දේ.. ටිකකට ඉවසන්න.

ඔබේ හැඟීම් වලට සංසුන් වෙන්න දෙන්න. ඔහු හෝ ඇය ඔබට කළ දේ කෙතරම් වැරදි වුනත් කිසි විටෙක ඉක්මන් වී ඔවුන්ගේ ඇඟට කඩන් පනින්න එපා. මෙය ඔවුන් සම්බන්දතාවය පැවැත්වූ කෙනාටත් වලංගුයි. කිසිම විටෙක ඒ කෙනාට බනින්න, කෑ ගසන්න යන්න එපා. ඔබේ වැදගත් කම රැක ගන්න. ඔවුන් වැරදි කළත් ඔබ ඔබේ ගරුත්වය ඔවුන් ඉදිරියේ නැති කරගන්න එපා. කේන්ති ගොස් ඒ වැරැද්ද ඔබට කරගන්න එපා.

2. හරි මග පෙන්වන හොඳ යහළුවන් හමු වෙන්න

ඔබට සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි යහළුවෙකු හෝ යහළුවන් හමු වී මේ ගැන කියන්න. ඔබට සිතෙන දේ, මේ ගැන ඔබේ හැඟීම ඔවුන් එක්ක පවසන්න. ඔවුන්ට මේ වෙලාවේ ඔබව සනසන්න පුළුවන්. මඟ පෙන්වන්න පුළුවන්.

3. ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය හමුවන්න

මුහුණට මුහුණ හමුවීම ඔබට අමාරු කාර්යයක්. ඒත් ඔබට වංචාකල ඔහුව හෝ ඇයව හමු නොවුනොත් ඔබට ඔබේ හිත් වේදනාවෙන් ගලවෙන්න අමාරුයි. ඔහු හෝ ඇයගෙන් මේ ගැන විමසන්න. නමුත් කිසිසේත්ම කේන්ති ගොස් ඔවුන් ඉදිරියේ කැ ගසන්න එපා. කලින් කීවා මෙන් ඔබ ඔබේ ගරුත්වය රැකගන්න. කේන්තිය ඉවසාගෙන සන්සුන්ව කතා කිරීම ඉතාමත් ම වැදගත්.

ඔහුව හමුවීමට යන බට මේ කරුණු වැදගත්...

* මුහුණට මුහුණ හමු වීම වැදගත්. ඔහුගේ හෝ ඇයගේ ශරීර ඉරියවු.. අපි කියන්නේ බොඩි ලන්ග්වේජ් කියලා.. මේ දේ ඔබට ගොඩක් දේ කියාවි.

* සාක්ෂි, තහවුරු කරගත් කරුණු සමග ඔහුව හමුවීමට යන්න. නැති නම් ඔහු අවසානයේ ඔබට වැරදි පටවාවි.

* මේ හමුවීමේදී වැරැද්ද කල ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ගැන පමණක් කතා කරන්න. ඔහු හෝ ඇය සමඟ සම්බන්ද අනෙක් කෙනා ගැන කිසි විටෙක කතා කරන්න එපා. ඔබේ ගරුත්වය රැකගන්න.

* හමුවීමේදී ඔහු හෝ ඇය ඒ වැරැද්ද කලේ ඇයි දැයි සොයා ගන්න. කේන්ති ගොස් කලබල උනොත් ඔබට එය දැන ගැනීමට නොහැකි වේවි. ඔවුන් ඒ කළ වැරැද්ද ගැන ඇත්තෙන්ම දුක් වෙනවාදැයි දැනගන්න.

* මුහුණට මුහුණ හමුවීමේදී, ඔවුන් කේන්ති ගන්නවා නම්, ඔවුන්ගේ ආරක්ෂාවට සටන් කරනවා නම්, රණ්ඩුවෙන්න බලනවා නම්.. ඔබට තේරුම් ගන්න තියෙන්නේ ඔවුන් එතරම් වටින පුද්ගලයන් නොවන බවයි. ඇත්තෙන්ම එවිට ඔබ කළ යුත්තේ එතැනින් සන්සුන්ව පිටව යාම සහ ඔවුන්ගෙන් ඈත්ව සිටීමයි.


ඔබ මේ සම්බන්ධය ආරක්ෂා කරගත යුතුද?

ආදර සම්බන්ධය රැකගත යුතුද නැතිද යන්න තීරණය කරන එක මේ වෙලාවේ ඔබට ඇති ලොකුම ප්‍රශ්ණයක්.

සම්බන්ධයට කෙටි විරාමයක් දෙන්න. මේ අතර ඔබ දැනුම් තේරුම් ඇති අය සමඟ කතා අරන්න. ඔබ ඔබෙන් ද විමසන්න.. මේ සම්බන්ධය රැක ගැනීමට උත්සාහ දැරීමේ වටිනාකමක් තියෙනවාද විමසා බලන්න.

විශ්වාසය බිඳුණු විට එය සුව වෙන්න කාලයක් යනවා. ඔබ සිතනවා නම් ඔබ මේ සම්බන්ධය රැකගත යුතුයි කියා, ඔවුන්ව විශ්වාස කිරීමට ඔවුන්ගෙන් කාලය ඉල්ලන්න. ඔවුන් ඔවුන්ගේ වැරැද්ද ගැන මුළු සිතින්ම දුක් වෙනවා නම් ඔවුන්ට සමාව දෙන්න.


ඔබ මේ සම්බන්ධයට තිත තියනවා කියා තීරණය කරනවා නම්...

ඔයා තීරනය කරනවා නම් තවදුරටත් මේ සම්බන්ධය කරගෙන යා නොහැකියි කියා, ඔබ ඔබේ හිත සන්සුන් වෙන්න, හිත හදා ගන්න, හිත ශක්තිමත් කර ගන්න කාලය ගන්න. මේ වෙලාවේ අළුත් සම්බන්ධයකට යොමු වෙන්න එපා.

ඔබ මොන කැප කිරීම කළත් ඇතැම් සම්බන්ධකම් පවත්වාගෙන යන්න අමාරුයි. ඉතින් ඔබ ඔබව පාලනය කර ගන්න. සෑම විටම ඔබ ඔබේ ගරුත්වය රැක ගන්න. මොකද.. ඔබ ඔබට වටින නිසා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1759 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:00:23 PM
Script:/article/1759/what-you-should-you-do-if-your-lover-cheat-on-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:00:24 PM
Script:/article/1759/what-you-should-you-do-if-your-lover-cheat-on-you.html