මේ දේවල් වලට නම් ඔබ ඔබේ පරණ පෙම්වතාට ස්තූති කළ යුතුමයි

May 16, 2017
24,617
6 Surprising Reasons to Be Grateful for Your Ex
ආදරේ කරලා විරහ වේදනාවක් විදින්න වෙනවා කියන්නේ නම් දරාගන්න එච්චර පහසු දෙයක් නෙවෙයි. නමුත් ඉතින් අපිව අමතක කරලා ගිය අය ගැන හිත හිත හැමදාම කාලය ගත කරන්න පුළුවන් කමක් නෑ. මේ නිසා හොදම දේ තමයි තවත් ඔබව දාල ගියපු පරණ පෙම්වතා ගැනම හිත හිත ඉන්නේ නැතුව ජීවිතේට හොදින් මුහුණ දෙන එක. ඒ අතර මේ දේවල් වලට ඔබේ පරණ පෙම්වතාට ස්තූති කරන්නත් අමතක කරන්න එපා. එතකොට ඔබට තවත් පහසු වේවි ඔබේ හිත හදාගන්න.

1. ඔබව ශක්තිමත් පුද්ගලයෙක් කළාට ඔහුට ස්තුති කරන්න

ආදරේ විරහ වේදනාව විදලා හිත හදාගන්න ඔබට විශාල මානසික ශක්තියක් තියෙන්න ඕනේ. ඉතින් ඔහු ඔබට විරහා වේදනාව දීල ඔබට ශක්තිමත් පුද්ගලයෙක් වෙන්න අවස්ථාවක් ලබාදුන්නා. මේ නිසා ඒ ගැන ඔබ ඔහුට ස්තූතිවන්ත වෙන්න .

2. ඔබේ ජීවිතයට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මොන වගේ කෙනෙක්ද කියලා ඔබට කියලා දුන්නට

ඔහු ඔබව අත්හැරලා ගිය නිසා ඔබට අවස්ථාවක් තියෙනවා ඔබේ අඩුපාඩුත් හදාගෙන ඔබට ගැලපෙන හොද සහකරුවෙක් හොයාගන්න. මේ නිසා ඔහුට ස්තූතිවන්ත වෙන්න.

3. සබදතාවය නතර වෙන්න අවශ්‍ය තැනදීම නතර වුන එක ගැන

හිතන්න ඔහු තවත් අවුරුදු දෙක තුනක් ඔබත් සමග ඉදලා ඔබව අත්හැර ගියා කියලා. එවිට ඔබේ ජිවිතේ විශාල කාලයක් තේරුමක් නොමැති සබදතාවයක් වෙනුවෙන් ගත වෙලා. ඒ නිසා ඔහු මුලින්ම ඔබව හැර ගිය එක ගැන ඔහුට ස්තූති කරන්න.

4. මිනිසුන්ගේ වෙනස්වීම් ගැන කියලා දුන්නට

ඔහුගේ වෙනස්වීම ඔබට කියලා දුන්නා මිනිසුන්ගේ වෙනස්වීම් ගැන. මේ නිසා ඉදිරියේදී ඔබේ ජීවිතයට එන පුද්ගලයින්ගේ වෙනස්වීම් දරාගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා.

5. ජිවිතයේ වෙනස්වීම් හොදින් බාරගන්න ඔබට කියල දුන්නට

ආදරේදී අපි හිතන්නේ සතුට ගැන විතරමයි මේ නිසා බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ සිහින ලෝක වල. ඔහු ඔබව සිහින ලෝකයෙන් අවදි කරලා ඔබට පෙන්වා දුන්නා ජිවිතයේ අපි හිතන දේවල් ඒ ආකාරයෙන්ම සිදු නොවන බව.

6. මිනිසුන්ව හොදින් හදුනා ගැනීමට ඔබට කියලා දුන්නට

ඔබට ඊලග වතාවේදී ඔබේ ජිවිතයට පැමිණෙන කෙනාව හොදින් හදුනා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. මොකද ඔහු ඔබත් එක්ක සිටිය කාලයේදී ඔහු කරපු කියපු දේවල් නිසා ඔබට පුළුවන් අලුතින් ඔබේ ජීවිතයට එන අයව හොදින් හදුනාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 275 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:47:19 AM
Script:/article/275/6-surprising-reasons-to-be-grateful-for-your-ex.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:47:19 AM
Script:/article/275/6-surprising-reasons-to-be-grateful-for-your-ex.html