දික්කසාදයෙන් පසු ඔබ​ට නැවත විවාහ වීමට අදහසක් තියෙනවද?

February 12, 2020
5,418
Are you willing to get married after a divorce
ගොඩක් දෙනෙක්ගේ මතයක් වෙලා තියෙනවා දික්කසාද වීමෙන් පසුව ජීවිතය විනාශ වෙනවා කියලා. කාලය ගෙවීයත්ම ඔයාට දැනෙන වේදනාව ටිකෙන් ටික සුව වෙන්න පටන් ගන්නවා. සමහර දරුවන් ඉන්න කාන්තාවන් තමන්ගේ දරුවන් පෝෂණය කිරීම සඳහා තම ජීවිතය කැප කිරීමට තීරණය කරනවා. කොහොම වුණත්, කෙනෙක්ට අදහසක් තියෙන්න පුළුවන් දික්කසාදයෙන් පස්සේ නැවත විවාහ වීමට. ඒ නිසා අද හැඩකාරී අපි ඔයාට දික්කසාදයෙන් පසු නැවත විවාහ වීමට අදහස් කරන්නේ නම් ප්‍රයෝජනවත් වන උපදෙස් කිහිපයක් මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නයි උත්සාහ කරන්නේ.


ඉස්සෙල්ලාම වැදගත් වෙන්නේ මානසිකව නිදහස. ඉතිං කලින් විවාහය ගැන ඔයාගේ සිතේ තිබුණු කේන්තිය සහ දුක නැති කර ගන්න ඕනා. ඔයා තවමත් ආදරය නිසා කනස්සල්ලට පත් වෙලා ඉන්නවා නම් නැවත විවාහ වුණත් ජීවිතයට සතුටක් දැනෙන්නේ නැහැ. ඒ නිසා කලින් විවාහයේ දික්කසාදය සම්බන්ධ නීතිමය කටයුතු සහ ඒ විවාහයේ සහකාරයා එක්ක හැඟීම් මගින් ඇති වෙලා තියන බැඳීම් සියල්ල හොඳ අතට විසඳාගෙන හිත නිදහස් කරගෙන ඉන්න එක ඉතා වැදගත්

කලින් විවාහයේදී සිදුවූ ඔයාගේ දුර්වලතා හඳුනා ගන්න. වැරදී දේ හදුනා ගෙන නැවත නොකිරීමට වග බලා ගන්න.

ඔයාගේ න​ව සහකාරයා/පෙම්වතා හඳුනාගෙන, හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්​න. මෙය ඔයාගේ දෙවන විවාහය වන අතර තීරණ ගැනීම සම්පූර්ණයෙන්ම ඔයාගේ අතේ තියෙනවා. ඔහුගේ ආදරය තේරුම් ගැනීමට කාලයක් අවශ්‍ය නිසා ඕන තරම් කාලය ගන්න.

ඔයාගේ කැමැත්තවල් සහ අකමැති දේවල් ගැනත් ඔබේ පෙර සම්බන්ධතාවයේ ඉතිහාසය ගැනත් සහකරුට විවෘතව කියන්න. අලුත් සහකරු නැති වේවියැයි බයෙන් ජීවිතයේ වැදගත් කරුණු සඟවන්න උත්සාහ කරන්න එපා. එය අලුත් සම්බන්ධතාවයට ප්‍රශ්න ඇති කරන්න හේතු වේවි.

ඔයාගේ දෙවන විවාහය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනගා ගත හැකි වන පරිදි විවාහයට පෙර අවශ්‍යනම් උපදේශන සහායක් ලබාගන්​න.

පෙර විවාහයේ මතක සටහන් සහිත නිවසේම ඔයා ජීවත් වෙනවානම් ඔ​බට අපහසුතාවයක් දැනෙන්න සමහරවිට පුළුවන්. එහෙම වුණොත් ඔ​බගේ අළුත් ජීවිතය නැවුම් පරිසරයකින් ආරම්භ කරන්න. එක්කෝ ඔබේ නිවස වටපිටාව වෙනස් කරලා නව පෙනුමක් ලබාගන්න පුළුවන්, නැතිනම් වෙනත් අලුත් ස්ථානයකට යන්න පුළුවන්.

පෙර සම්බන්ධතාවය එක්ක ඔයාගේ තිබෙන සියලු මූල්‍ය ගැටළු සහ වගකීම් (උදා - දරුවන් සම්බන්ධ) නිරාකරණය කරගන්න. අතීත සිදුවීම් ඔයාගේ සම්බන්ධතාවය අතරට පැමිණීමට ඉඩ දෙන්න එපා.

මතක තබා ගන්න, මෙය ඔ​බට නව සහ නැවුම් ආරම්භයක්. ඔ​බගේ සියලු දේ අතහැර දමා ජීවත්වීමට සහ ඔ​බගේ නව සම්බන්ධතාවය වර්ධනය කිරීමට අවධානය යොමු කරන්න. ජීවත් වෙලා ඉන්න කාලේ ජිවිතේ විඳවන්නේ නැතුව විඳින්න පුළුවන් සහකරුවෙක් බුද්ධිමත්ව තෝර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,239
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
How to get vitamin E for healthy skin and hair
   71,408
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
chore lists for kids
   70,984
   20

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
5 skin care tips for your neck
   67,493
   19

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed