දරුවන් ඉන්න දෙමාපියන් ආතතියෙන් මිදෙන්න භාවනාව තෝරා ගන්න

May 15, 2020
3,386
Choose meditation for mindfulness
කුළුදුලේම පුංචි දරුවෙක් ඉපදුණාට පස්සේ මවකගේ ලෝකයම උඩු යටිකුරු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයාටත් සැමියාටත් පවුල් ජීවිතය සහා රැකියාවත් සමග පොරබදින්න වෙනවා. දෙමව්පියන් වචනයෙන් කිව්වේ නැති වුණත් ඒ නිසාම ඔබ දෙපළම ආතතියට පත් වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන් ඉද්දී ඔවුන්ව රැකබලා ගන්න වෙහෙසුනත් ඔයාගේ සෞඛ්‍යය  ගැන හිතන්නත් අතපසු වෙනවා. අද හැඩකාරී අපි ඔයාට ඒ ආතතියෙන් මිදෙන්න දෙමාපියන් සඳහා භාවනාව වැදගත් වන ආකාරය ගැන මේ ලිපියෙන් කියලා දෙනවා.

ඔයාගේ ශාරීරික සෞඛ්‍යයට අමතරව, යම් මානසික ස්වයං රැකවරණයක් අවශ්‍ය කාලය මේකයි.  දිනකට මිනිත්තුවක් හෝ දෙකක් භාවනාව වෙනුවෙන් වෙන් කර ගැනීම වැදගත් වන්නේ ඒ නිසායි. ඔයාගේ ශරීරයට සහ මනසට ගැළපෙන ප්‍රයෝජනවත් ක්‍රමයක් ලෙස භාවනාව හදුන්වන්න පුළුවන්. භාවනා කිරීමෙන් ඔයාගේ මානසික තත්වය වැඩිදියුණු කර ගන්න පුලුවන් අතර මානසික ආතතිය, කාංසාව සහ මානසික අවපීඩනය අඩු කරනවා.

භාවනාවෙන් මිනිසුන්ගේ මනස සහ බුද්ධිය වැඩි දියුණු කරන්න පුලුවන්. එයින් අදහස් කරන්නේ ඔයාගේම හැඟීම් තේරුම් ගැනීමට සහ කළමනාකරණය කිරීමට ඇති හැකියාව ගැනයි. 

අඩු ආතතියක් අත්විඳීමට සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කැමති පුද්ගලයින්ට එය ආරක්ෂිත පළමු පියවර භාවනාව කිව්වොත් නිවැරදියි. 

ඔයාගේ ඇස් වහගන්න. 
ඔයාගේ වටපිටාව සහ හිත අභ්‍යන්තරය ඔයාට හැඟෙන ආකාරය කෙරෙහි අවධානය යොමු කරන්න. ස්පර්ශය, ඇසීම, පෙනීම, සුවඳ සහ රසය සියලු සංවේදීතාවන් සමඟ කටයුතු කරන්න.

ඕනෑවට වඩා සැලසුම් කරන්න එපා. 
අතීතයේ ජීවත්වීමට හෝ අනාගතය ගැන ඕනෑවට වඩා සැලසුම් කරන්න එපා. ඔයා ඉදිරියේම දැන් සිදුවෙමින් පවතින දේ ගැන සිහියෙන් සිටින්න.    

පිළිගැනීම පුහුණු වන්න. 
ඔයාගේ දරුවාගේ සමහර වැඩ ඔයාව කලකිරීමට පත් කළත් ඔවුන්ගේ හැඟීම් සහ ක්‍රියාවන් පිළිගැනීමට උපරිම උත්සාහ කරන්න. 

හොදින් හුස්ම ගන්න. 
ගැටළුකාරී මොහොතකදී ඔයාගේ හුස්ම ගැන අවධානය යොමු කරන්න. ගැඹුරු හුස්මක් ගන්න, ඔයාගේ පෙණහලු වාතයෙන් පුරවා මනස සැහැල්ලු කර ගන්න. වාතය ශරීරයට ඇතුළු වන විට හුස්ම ගැන සිතන්න. දුෂ්කර කාලවලදී ඒ වගේ හුස්ම ගැනීමේ භාවනාවක් කරන්න ඔයාගේ පවුලේ අයවත් දිරිමත් කරන්න.

භාවනාව මෙනෙහි කරන්න. 
හුස්ම කෙරෙහි අවධානය යොමු කිරීම භාවනාවේ විශාල කොටසක්. ඔයා දිනකට මිනිත්තු කිහිපයක් භාවනාව සඳහා වෙන් කර ගන්න. මනස එක් තැන් කර ගැනීමේ අභ්‍යාස සඳහා සකස් කර ඇති යූ ටියුබ් වීඩියෝ බලන්න. මිනිත්තු 10 ක මාර්ගෝපදේශක භාවනාව මගින් ධනාත්මක අදහස් ඇති කරනවා. 

ආතතියෙන් මිදෙන්න විවේකයක් ගෙන භාවනා කරන්න. භාවනාව ඔයාගේ මනස සන්සුන් කරන අතරම ඔයාගේ ආත්මයද සන්සුන් කරනවා. ඔයා භාවනා කරන්නේ කරනේ කොහොමද කියලා දන්නේ නැත්නම් කරදර වෙන්න එපා. සරල පියවර 5 කින් භාවනා කිරීමට පටන් ගන්න. එ වගේම සරල භාවනාවක් කිරීමටද පුරුදු වන්න.





Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1596 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:22:34 AM
Script:/article/1596/choose-meditation-for-mindfulness.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:22:34 AM
Script:/article/1596/choose-meditation-for-mindfulness.html