මිශ්‍ර සමක් සහිත යුවතියකගේ පෙනුම ඔප් නංව​න යෝගට් ෆේස් පැක්

July 6, 2020
17,763
Face packs for mix face skins
මිශ්‍ර සමක්, ඒ කිවුවේ වියළි සහ තෙල් ගතිය යන දෙකම පවතින සමක් තියන යුවතියකට තමන්ගේ මුහුණේ පෙනුමට ගැලපෙන රූපලාවණ්‍ය නිෂ්පාදන තෝරාගන්න එක තරමක අභියෝගයක්. මෙවන් සමකට ඉතාම ගැලපෙන, සමේ පෙනුම ඔප් නංවන්න හැකි අමුද්‍රව්‍යයක් තමයි යෝගට් කියන්නේ. අ​ද හැඩකාරී අපි කියන්නම් මිශ්‍ර සමක් සහිත යුවතියකට හමේ තත්ත්වය මනාව පවත්වාගන්න උදවු වෙන යෝගට් ෆේස් පැක් කීපයක් ගැන.

යෝගට් සහ මී පැණි: (දීප්තිමත්බ​ව හා සජලනය සඳහා)
මෙම ෆේස් පැක් එක මඟින් ඔයාගේ සම පැහැපත් කරවන අතර මෘදු කරයි. යෝගට් වල ඇති ලැක්ටික් අම්ලය පීල් එකක් ලෙස  ක්‍රියා කරන අතර දීප්තිමත් සමක් ඇති කරයි. 

අමු ද්‍රව්‍ය:
යෝගට් තේ හැඳි 1
මී පැණි මේස හැඳි 1/2 

සාදා ගන්නා ආකාරය 
මේ අමු ද්‍රව්‍ය දෙක මිශ්‍ර කර පිරිසිදු කළ මුහුණ මත පේස්ට් එක ආලේප කරන්න. එය මිනිත්තු 15 ක් පමණ තබා ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න. එය ඔයාගේ සමට ස්වභාවික ආවරණයක් ලබා දෙනවා. 

යෝගට් සහ කඩල පිටි:
මෙ​ය මුහුණු ස්ක්‍රබ් කිරීමට ඇති හොඳම අමුද්‍රව්‍ය සංයෝගයක්. අතිරික්ත තෙල් ඉවත් කර සමේ pH සමබරතාවය පවත්වා ගැනීමට එය ඔබට උපකාරී වෙනවා. 

අමු ද්‍රව්‍ය:
යෝගට් තේ හැඳි 1
කඩල පිටි තේ හැඳි 1/2
වේලා, කුඩු කර ගත් දොඩම් ලෙලි තේ හැදි ¼

සාදා ගන්නා ආකාරය
සියලුම අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න. එය පේස්ට් එකක් විදිහට සාදා ගන්න. පිරිසිදු කළ මුහුණ මත ආලේප කර විනාඩි 15-20 අතර කාලයක් තියන්න. පසුව ඔයාගේ දෑත් තෙත් කර මුහුණ මෘදු ලෙස ස්ක්‍රබ් කර, ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න. ඉන්පසුව සමට මොයිස්චරයිසර් ආලේප කරන්න.

යෝගට් සහ කුරුඳු: 
මෙම ෆේස් පැක් එ​ක මඟින් දීප්තිමත් සමක් ලබාදී කළු ලප අඩු කරනවා.

අමු ද්‍රව්‍ය:
යෝගට් තේ හැඳි 1
මී පැණි මේස හැඳි 1/2 
කුරුඳු කුඩු තේ හැඳි 1/8ක් 
කහ

සාදා ගන්නා ආකාරය

අමුද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කර පිරිසිදු කළ මුහුණ මත ආලේප කරන්න.  විනාඩි 15-20 කට පසු සෝදා හරින්න. කුරුඳු නිසා දැවිල්ලක් ඇති කරන්න පටන් ගන්නේ නම් වහාම සෝදන්න. නමුත් සුළු හිරි වැටීමක් සාමාන්‍ය දෙයක් විය හැකියි. සෝදා ගත් පසු කෝමාරිකා ජෙල් මොයිස්චරයිසර් එකක් අලේප කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1683 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:57 AM
Script:/article/1683/face-packs-for-mix-face-skins.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:57 AM
Script:/article/1683/face-packs-for-mix-face-skins.html