කාන්තාවන්ට මැරු කැඳවන වැරදි පුරුදු

April 16, 2017
28,341
Bad Habits that Woman Should not Have
කාන්තාවන් වන ඔබ සතු ඇතැම් වැරැදි පුරුදු නිසා බොහෝ දේ අහිමි වෙන්න පුළුවන්. ඔබ එවැනි පුරුදු නිසා අනතුරේ හෙළනුයේ ඔ‍බේ මෙන්ම අන්‍යයන්ගේ ජීවිතයි. මන්ද යත් කාන්තාවන්ගේ නිසි නොසැලකිල්ල නිසා සිදු කරන සමහර වැරැදි පුරුදු නිසා පිළිකාවලට පවා භාජනය වන බව මෑතකදී හඳුනාගෙන තිබුණා.

සමහර කාන්තාවන්ට කාර්ය බහුලත්වය නිසා උදෑසන ආහාරය මගහැරී යනවා. එමගින්ද පිත්තාශයේ පිළිකා ඇතිවෙන්න පුළුවන්. මේ හේතුවෙන් පිත්තාශයේ ගල් හටගැනීම මෙන්ම පිත්තාශයෙහි පිළිකා තත්ත්ව හට ගැනීමද සිදුවෙනවා. එනිසා දිගු නින්දකින් පසුව ආහාර ලබා ගැනීම අනිවාර්යයි. අවම වශයෙන් කිරි වීදුරුවක් හා පාන් පෙති කිහිපයක් ආහාරයට ගැනීම වුවද ප්‍රමාණවත්.

එ‍මෙන්ම වත්මන් සමාජයේ කාන්තා නිදහස විවෘත වීමත් සමග ඇතිවන සම්බන්ධතා ඔස්සේ පුද්ගලයන් කිහිපදෙනකු සමඟම ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා ඇතිවිය හැකියි. තරුණ කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකාව ඇති වීමට ප්‍රධාන හේතුව ලෙස ලිංගිකව එක්වීම දැක්වීමට පුළුවන්. බොහෝ වශයෙන් ගැබ්ගෙල පිළිකාව හටගන්නේ ලිංගික සම්බන්ධතා නිසා හටගනු ලබන ආසාදන මඟිනුයි. විශ්වාසවන්ත එක් අයකු වෙනුවට පිරිමින් වැඩි පිරිසක් සමඟ ලිංගික එක්වන කාන්තාවන් මෙම අවදානමට ලක්වීම නිසා ඔබ මේ පිළිබඳවත් අවදානය යොමු කළ යුතුයි.

අඩු ප්‍රමිතියකින් යුතු සනීපාරක්ෂක තුවා භාවිතයද පිළිකා වැළඳීමට හේතුවක්. සමහර ගැහැනු ළමයින් තමන්ගේ ඇඳුම් පැලැඳුම් වෙනුවෙන් දහස් ගණනින් මුදල් වියදම් කරනවා. නමුත් ඔවුන් භාවිත කරන සනීපාරක්ෂක කෙරෙහි කිසිදු සැලකිල්ලක්වත් දක්වන්නේ නැහැ. එනිසාම ප්‍රමිතියෙන් අඩු අඩුම වියදමකින් ලබා ගත හැකි සනීපාරක්ෂක තුවා ආදිය මිලදී ගැනීමට ඔවුන් පෙළඹෙනවා. අඩු ප්‍රමිතියකින් නිපදවන සනීපාරක්ෂක තුවාවල පවත්වා විෂ රසායනික සංයෝග ශරීරයට ඇතුළු වීමෙන් ලියුකිමියා රෝගී තත්ත්වය හෙවත් ලේ පිළිකාව ඇතිවීමේ අවදානමක් තිබෙනවා.

එමෙන්ම සමහර කාන්තාවන්ගේ දුම් පානය කිරීමේ පුරුද්දත් මේ වන විට ඉහළ ගිහින්. දුම් පානය කිරීමේදී එහි තිබෙන බරපතළ තත්ත්වය පිළිබඳ නොසිතීම ඉතාත් වැරැදි ක්‍රියාවක්. දුම් පානය කරන කාන්තාවට පමණක් නොව ඒ අසල රැඳෙන, එම විස දුම ආශ්වාස කරන අනෙකුත් පුද්ගලයන්ටද පෙණහලු පිළිකාව වැලැඳෙනවා. එය දරුවන්ටද අහිතකර වන්නට පුළුවන්. මෙම වැරැදි පුරුදු නිසා සිදුවිය හැකි අවදානම අවම කර ගැනීමේ තවත් පරපුරක් රැකගන්න කාන්තාවන් වන ඔබට හැකියාව තිබෙනවා.

තරබාරු සිරුරක් සහිත සියලුම පුද්ගලයන් අවධානයෙන් සිටිය යුතු වෙනවා. ඔවුන්ට මහාන්ත්‍රයේ පිළිකා, පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා සහ පියයුරු පිළිකා තත්ත්ව හට ගැනීමට ඉඩ පවතිනවා. ඔවුන් අනිවාර්යයෙන්ම නියමිත ආහාර වේලකට හැඩගැසීම, ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම, ශරීරයේ බර පාලනය කිරීම සිදු කළ යුතු වෙනවා.

ව්‍යායාම නොමැති වීමෙන් ආමාංශික පිළිකා ඇතිවිය හැකියි. වැඩි වේලාවක් ඉඳගෙන සිටීමෙන් සෑම වසරකම පුද්ගලයන් මිලියන 200ක් පමණ මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එක දිගට වැඩි වේලාවක් වාඩි වී සිටීමෙන් ශරීරයට අවශ්‍ය ව්‍යායාම ප්‍රමාණය අවම වනවා මෙන්ම ආමාංශික පිළිකාද හටගනු ලබනවා.

එනිසා කාන්තාවන් මේ කරුණු පිළිබඳව සැලකිලිමත් වීම අනිවාර්ය කාරණයක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 215 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:37:38 AM
Script:/article/215/bad-habits-that-woman-should-not-have.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:37:39 AM
Script:/article/215/bad-habits-that-woman-should-not-have.html