ඔහු වෙනුවෙන් තවමත් හිත හඬා වැටෙනවද?

March 14, 2018
3,236
Still crying for him?
විරහවේ වේදනාව නොවින්ඳ කෙනෙක් මේ ලෝකේ කොහේවත් නැහැ. ඒත් හැමදාමත් ඒ වේදනාවත් එක්ක ජිවත් වෙන්න අපිට පුළුවන් කමක් නැහැ. කෙනෙක් මත්තෙම තමන්ගේ මුළු ජිවිත කාලෙම දිය කරලා හරිනවට වඩා තමාගේ ජීවිතේට වටිනාකමක් දෙන්නයි අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන. ආදරෙන් පරාද වෙලා වේදනාවන් වලින් හිත පුරවාගෙන, හැම දේම අතෑරලා, ජීවිතේම අපායක් වගේ කියලා හිතන් ඉන්න අය අනිවාර්යෙන් මේ දේවල් ගැන අනිවාර්යෙන් හිතන්න.

1. වෙන් වෙන්න වුනු හේතුව ගැන හොඳට හිතන්න

ඔහු ඔබත් එක්ක තිබුණු ආදර කතාව නැවැත්තුවේ මොන හේතුවක් නිසාද කියන එක ගැන හොඳින් හිතන්න. ගොඩක් අය පොඩි පොඩි දේවල් වලට රණ්ඩු වෙලා බැඳීම් බිඳලා දානවා. ඒ වගේම තවත් අය ගොඩක් දුර කල්පනා කරලා එකිනෙකා ගැලපෙන්නේ නෑ කියලා හිතලා සම්බන්ධකම් නවත්තනවා. කොහොම වුනත් සම්බන්ධතාවය නවතා දැමීමෙන් දෙදෙනාටම යහපතක් වෙනවා නම් කරන්න තියෙන්නේ අනාගතේ ගැන හිතලා හිත හදා ගන්න එකයි. අමතක කරන්න බෑ කියලා මුළු අනාගතේම අඳුරේ දාන්න එපා.

2. ඔබව හොඳින් බලා ගන්න

කන්නේ නැතුව ඉඳීම හෝ වැඩියෙන් කාලා මහත් වීම කියන්නේ කිසිම දෙයක් වෙනස් කරන්න පුළුවන් හැසිරීම් නෙවෙයි. මේ වගේ නරක කාල ඕන තරම් අපේ ජිවිත වලට එනවා. ඒක සාමාන්‍ය දෙයක් වෙන්න ඕන ඒ වගේ කාල වලදී ඔබ ඔබව වෙනදට වඩා හොඳින් බලා ගන්න එක. වෙලාවට ආහාර ගන්න සහ ව්‍යායාම, මානසික ආතතියෙන්මිදීම අනිවාර්යෙන් කල යුතුයි.

3. වෛරය කියන්නේ හොඳ දෙයක් නෙවෙයි

ආදරයයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක් කිව්වට ආදරේ වෙනුවට ඊළඟට වෛර කරන්න හිතන එක කිසිම වෙලාවක අනුමත කරන්න බැහැ. අවංක බැඳීමක් බිඳී යාමෙන් වේදනා විඳින්නේ එක් අයෙක් විතරක් නෙවෙයි. ඒ නිසා දුක් වෙන්නේ ඔයා විතරක් කියලා හිතන්න එපා. අනිත් කෙනාටත් ඒ වේදනාව ඒ විදියටම දැනෙන්න පුළුවන්, දරාගැනීමේ හැකියාව අනුව විඳ දරා ගන්න විදිය තමයි වෙනස් වෙන්නේ. ආදරේට ආදරේ කරන්න. වෛරයට ළං වෙන්න දෙන්න එපා.

4. ඔබ අතෙත් වැරදි තියෙන්න පුළුවන්

ගොඩක් අයට අනුන්ගේ වැරදි පෙනුනට තමාගේ වැරදි පෙන්නේ හරි අඩුවෙන්. ආදර කතා වලත් ගොඩාක් වෙලාවට ප්‍රශ්න ඇති වෙන්නේ මේ නිසා. ඒ නිසා අනිත් කෙනාගේ වැරදි හොයන්න කලින් තමන්ගෙන් අනිත් අයට වෙන්න තියෙන වැරදි අවම කර ගන්න. වරද ඔබේ නම් සමාව ගන්න. සම්බන්ධතාවය බිඳුනේ ඔබ කළ වරදක් නිසා නම් ඒක ප්‍රතික්ෂේප කරන්න, අනිත් කෙනා පිට වරද පටවන්න, ඔහුට බැන වදින්නට යන්න එපා. නිහතමානීව වරද පිළිගන්න. අවංකවම සමාව ඉල්ලන්න.

5.ආදරය කියන්නේ හිමි කර ගන්න එකමද?

කොහෙත්ම නැහැ. එත් ගොඩාක් දෙනෙක් ආදරය කරන්නේ ඒ අදහස හිතේ තියාගෙන. ආදරය කරන කෙනා එක්ක හැමදාම ඉන්න තියෙනවා නම් ඒ තරම් වාසනාවක් තවත් නැහැ. එත් අපි හැමෝටම ඉරණම කියලා දෙයක් තියෙනවා. අපට ඕන කරන හැම දේම අපේ කර ගන්න අපිට බැහැ .ආදරය කරන කෙනා මටම අයිති වෙන්න ඕන, වෙන කෙනෙක්ට ලං වෙන්න දෙන්නේ නැහැ කියලා හිතනවා නම් එතන තියෙන්නේ තණ්හාවක්. එත් ඇත්තටම ආදරය කියන්නේ පරිත්‍යාගයක්.

හිමි වුනු පෙම්වතුන් හැමදාමත් පෙම්වතුන් විදියට ජිවත් වෙන්නේ නෑ. ඒත් වෙන් වුණු පෙම්වතුන් හැමදාමත් පෙම්වතුන් විදියට ජිවත් වෙනවා. ඒක තමයි ඇත්ත.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Do you know about the disease in womb?
   14,808
   1,335

කාන්තා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ගැන ඔබ දන්නවාද?

බොහෝ දකුණු ආසියාතික රටවල වගේම ලංකාවෙත් මේ ප්‍රජනන පද්ධතියේ රෝග සම්බන්ධව මිත්‍යා විශ්වාස ගොඩක් තිබෙන නිසා බොහෝ ලෙඩ රෝග මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ගැනීමෙන් වැළකිලා යනවා
How to be a good mother to your daughter
   210
   137

ඔයාගේ දියණියට හොඳ මවක් වෙන්නේ කොහොමද?

ඔයාගේ දියණියට ඵලදායී සහ ආදරණීය මවක් වීමට ඔයාට උපකාරී වන අදහස් කිහිපයක් මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙනවා
Symptoms to say you are pregnant
   23,700
   94

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Indoor plants that cleans air inside your house
   35,153
   82

ගෙදර ලිපෙන් පවා පිට වන විෂ වායු නසන, නිවෙස තුළ තබන පැල (Indoor Plants)

මෙන්න මේ ශාක මගින් වැඩි ඔක්සිජන් වායුවක් පිට කරනවා වගේම නඩත්තු කරන්නත් ඔබට එච්චර වද වෙන්න ඕනේ නෑ
Don't ever think of marring these 5 men
   32,935
   65

මේ පිරිමි පස් දෙනාගෙන් එක්කෙනෙක් එක්ක විවාහ වෙන්න තියා හිතන්නවත් එපා

හැබැයි ඒක එහෙම වෙන්න නම් අනිවාර්යෙන් සැමියාගෙන් සහයෝගය ලබෙන්නම ඕන. ඒත් ඔයාට හමු වෙලා ඉන්නේ මේ වගේ පෙම්වතෙක් නම් කවදාවත් පවුලේ වත් ඔයාගේ වත් සතුට ආරක්ෂා වෙයි කියලා

Latest Articles

Most Viwed

 |

x