සුවඳ විලවුන් ගල්වන විට මේ ගැන සිතන්න

August 18, 2020
5,731
Think of these before spraying perfume
සුවඳ හමන විදිහට සමාජයේ හැසිරෙන්න කවුද අකමැති..? ඒ නිසාම අපි ඉහළ මිළ ගණන් දීලා ගන්න විලවුන් ගල්වනවාටත් වඩා ස්ප්රේ කිරීමේදී සිහි තබා ගත යුතු කරුණු කීපයක් තිබෙනවා. සුවඳ විලවුන් ස්ප්රේ කරන විට අපි ඉතාම ආරක්ෂා සහගහත විය යුතුයි. විලවුන්වල මද්‍යසාර අඩංගු නිසා මේවා නොගල්වා ඉන්නවාට වඩා වැඩි හානියක් අනිසි විදිහට ගැල්වීමෙන් සිදු වෙන්න පුලුවනි.

• ඇස
සුවඳ විලවුන් ඇස් ආශ්‍රිතව ස්ප්රෙ කරන්න එපා. සුවඳ විලවුන් නිෂ්පාදනය මද්‍යසාර පාදක කර ගෙන සිදු වෙන අතර එතිල් 95% ක් අන්තර්ගතයි. විලවුන් ස්ප්රේ කරන විට එහි මද්‍යසාර ඇසේ කනිකාවට වැදුනොත් එයින් හානි වීමට පුලුවනි.

• හිසකෙස්
හිසකෙස් ස්වභාවිකවම සුවඳ අවශෝෂනය කර ගන්නවා. ඒ නිසා කිසිම දවසක හිසකෙස්වල සුවඳ විලවුන් ගැල්වීම අවශ්‍යම නැහැ. ඒත් විලවුන් ස්ප්රෙ කිරීම සමග මේවායේ ඇති මද්‍යසාර නිසා හිසකෙස් වියළි ඉතා ඉක්මනින් කැඩී යන්න වගේම පිපිරෙන්න පුලුවනි. හිසකෙස් පිරිසිදුව තබා ගැනීම ස්නානයෙන් ඉතාම හොඳින් සිදු වෙන නිසා අතිරේක විදිහට විලවුන් ස්ප්රේ කිරීම සුබදායක නැහැ.

කොණ්ඩය සුවඳින් තබා ගන්නම ඕන නම් හිස පීරන පනාවට විලවුන් ස්ප්රෙ කරලා හිස පීරන්න. එයින් යම් සාත්තුවක් ලැබේවි.

• අත්ල
අත්ලට විලවුන් ස්ප්රේ කිරීම නිසා සම වියලෙනවා. මේ විදිහට වියලීම සමග සම පිපිරී යන්නත් පුළුවනි.


එහෙමනම් විලවුන් ගල්වන්නේ කොහොමද..?
එහෙමනම් අපි සුවඳ විලවුන් ස්ප්රෙ කරන්නේ කොහොමද..?
රූපලාවන්‍ය පිළිබඳව විශේෂඥයින් විසින් පෙන්වා දෙන්නේ බෙල්ල, මැනික් කටුව සහ දණහිස වැනි තැන් වලින් තාප විමෝචනය වෙන නිසා මේ තැන්වලට ස්ප්රේ කිරීම හානියක් නැති බවයි. ඒ වගේම මේ තැන්වලට ස්ප්රෙ කිරීම නිසා සුවඳ විහිදුවීමේ අඩුවක් ඇති වෙන්නෙත් නැහැ.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1780 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:44:20 AM
Script:/article/1780/think-of-these-before-spraying-perfume.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:44:21 AM
Script:/article/1780/think-of-these-before-spraying-perfume.html