මැසි, මදුරු කරදරයෙන් මිදෙන්නේ කොහොමද?

January 21, 2019
16,759
how to get rid of mosquitoes and flies?
ඇඳුම් පැළඳුම්, විලාසිතා, ආහාරපාන වගේම ඔයාගේ එදිනෙදා ජීවිතයට වටිනා බොහෝ තොරතුරු, කරුණු කාරණා ගැන ඔයා එක්ක කතාබහ කරන්න හැඩකාරී අපි අමතක කරන්නේ නෑ කියලා ඔයා හොඳින්ම දන්නවානේ. හැඩකාරී අපි ඔයාට ඔන්න හැමදාම වගේම අදත් කියලා දෙනවා ඉතාමත් වටිනා කරුණු කිහිපයක් ගැන. මැසි මදුරු කරදරය ඔයාගේ ගෙදර වටපිටාවට යහපත් දෙයක් නෙමෙයි කියලා ඔයාට අමුතුවෙන් කියලා දෙන්න ඕන වෙන්නේ නැහැ. අවට පරිසරය පිරිසිදු නැති නැති වුණාම වගේම, අව්ව වැස්ස කාලයටත් සීමාවක් නැතුව මැසි මදුරු කරදරය පැතිරෙනවා. මැසි මදුරු කරදරය සමාන්‍ය දෙයක් කියලා ඔයාට සමහර විට හිතෙන්න පුළුවන්. ඒත් ඔයා නිසි අවධානය මේ මැසි මදුරු කරදරයට යොමු නොකළොත් වසංගත රෝග, බෝවන රෝග වගේම විවිධ ආසාදන තත්ත්වයන් ඔයාව හොයාගෙන එන්න පටන් ගන්නවා සීමාවක් නැතුවම. ඉතිං ඒ නිසා ඔයාගේ ගෙදර වගේම නිවස අවට පරිසරය තුළද හැඩකාරී අපි මේ කියන මැසි මදුරු කරදරය තියෙනවා නම් මේ කියන විසඳුම්වලින් එකක් හෝ කිහිපයක් භාවිත කරලා මැසි මදුරු කරදරයට සමු දෙන්න දැන් පුළුවන්.

දෙහි යුෂ සහ කරාබුනැටි

පැගිරි කුලයට අයිති පළතුරක් තමයි දෙහි කියන්නේ. ඉතිං දෙහිවල අන්තර්ගත පැගිරිමය ගුණය නිසා ඔයාට ඉතාමත් ඉක්මනින් මැසි මදුරු කරදරයට විසඳුමක් හොයා ගන්න පුළුවන්. රසායනික සංඝටක අන්තර්ගත දියර වර්ග මැසි මදුරු කරදරය වෙනුවෙන් භාවිත කරන එක ඔයාටත් ඔයාගේ නිවස තුළ ජීවත් වෙන ලොකු කුඩා කාටත් එතරම් හොඳ දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා තමයි හැඩකාරී ඔයාට මේ ස්වභාවික ක්‍රම ටික කියලා දෙන්න තීරණය කළේ. ඔයාගේ ගෙදර මදුරුවන් ටිකක් වැඩි පුර ඉන්නවා කියලා හිතන්නකෝ. ඉතිං ඔයාට පුළුවන් මැටි භාජනයකට දෙහි කොළ ටිකක් සහ පොල් මුඩු ටිකක් එකතු කරලා පුච්චලා එන දුම, මදුරුවන් වැඩි පුර ඉන්න අඳුරු සහිත ස්ථානවලට පතුරුවා හරින්න. පැගිරි ගන්ධය නිසා මදුරුවන් ඉවත් වෙලා යනවා. ඉතිං දිනපතාම මේ ක්‍රියාව කළොත් ඔයාට මදුරු කරදරයෙන් හිතුවටත් වඩා ඉක්මනින් නිදහස් විය හැකියි.

ඔයාගේ ගෙදර ගෙමැස්සන් ඉන්නවා නම් දෙහි ගෙඩි කිහිපයක යුෂ ඉවත් කරගෙන එයට කරාබුනැටි කිහිපයක් කුඩු කර හොඳින් මිශ්‍ර කර ගන්න. පසුව කුඩා බෝතලයකට එකතු කර ගෙමැස්සන් වැඩි පුර ගැවසෙන ස්ථානවලට ස්ප්‍රේ කරන්න. එතකොට ගෙමැස්සන් ඉවත් වෙලා යනවා. තවත් පුංචි ක්‍රමයක් භාවිත කරලා ගෙමැස්සන්ගේ කරදරය මගහරවා ගන්න පුළුවන්. කරබුනැටිවල සැරට මැස්සන් ඉතාමත් අකමැතියි. ඉතිං මේ සැරට දෙහි යුෂවල සැර එකතු වුණාම එහි සැර සහිත බව දෙගුණ තෙගුණ වෙනවා. දෙහි ගෙඩියක් අරගෙන හරි අඩක් වන සේ වෙන් කර ගන්න. ඊට පස්සේ වෙන් කර ගත් දෙහි බෑවේ තැනිත් තැන කරාබුනැටි රදවන්න. මේ විදිහට සකස් කළ දෙහි බෑවක් මැස්සන් වැඩි පුර ගැවසෙන තැන් වල තියලා තිබ්බම සැර අධික නිසා මැස්සන් ඉවත් වෙලා යනවා.

පැගිරි තෙල්

පැගිරි තෙල් කියන්නේ මැසි කරදරයට වගේම මදුරු කරදරයටත් සාර්ථක විසඳුමක්. ගොඩක් වේලාවට පාඩම් කරන දරුවන්ට නම් පැගිරි තෙල් කියන්නේ නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. මොකද මදුරු කරදයෙන් මිදෙන්න පැගිරි තෙල් අත්දුටු ප්‍රත්‍යක්ෂ අත් ඛෙහෙතක්. ඉතිං පැගිරි තෙල් මගින් මැස්සන් වගේම මදුරු ආකාර්ෂණයද නවත්වා ගත හැකියි. හරිම පුංචි දෙයක් තමයි ඔයාට මේ වෙනුවෙන් කරන්න තියෙන්නේ. ස්පොන්ච් කැබැල්ලකට පැගිරි තෙල් හොඳින් ස්ප්‍රේ කරලා මැසි මදුරුවන් වැඩිපුර ගැවසෙන තැන්වල තියලා තියන්න. පැගිරි තෙල්වල සැර ගන්ධය නිසා ඔවුන් ආකාර්ෂණය වෙන්නේ නැති තරම්. ඒ වගේම ඔයාට අවශ්‍ය නම් මැස්සන් ගැවසෙන ස්ථානවලට පැගිරි තෙල් ස්ප්‍රේ කිරීමේ හැකියාවද තියෙනවා.

ලැවෙන්ඩර් තෙල්

ලැවෙන්ඩර් තෙල් කියන්නෙත් පැගිරි තෙල් වගේම මැසි මදුරුවන් විකර්ෂණය කරන්න පුළුවන් හරිම හරිම සාර්ථක ක්‍රමයක්. මුලින්ම ලැවෙන්ඩර් තෙල් ස්වල්පයක් ස්පොන්චි කැබැල්ලකට ස්ප්‍රේ කර ගන්න. ඊට පස්සේ ලැවෙන්ඩර් තෙල් පෙගවු ස්පොන්ච් කැබැල්ල එක් රැයක් තුළ අවට වාතාශ්‍රය නොලැඹෙන සේ ආවරණය කරලා තියන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මැස්සන් ගැවසෙන තැන් හොයලා මේ ස්පොන්ච් කැබලි තියලා තියන්න. මෙහි සැර අධික බව නිසා මැස්සන්ගේ සංවේදී බව ටිකෙන් ටික අඩු වෙලා යනවා. අන්න එතකොට තමයි ඔවුන්ගේ ආකාර්ෂණය වීම නවතින්නේ. ඔයාට ඕන නම් කුඩා පිරීසියකට තෙල් බින්දු කහිපයක් දාලා ගෙමැස්සන් ගැවසෙන තැන්වලින් තියලා ගෙමැස්සන් ආකාර්ෂණය වීම අවම කර ගන්න පුළුවන්.

මැසි උගුලක් අටවමු

ඔයාට හැඩකාරී මැසි උවදුර අවම කර ගන්න කරන්න පුළුවන් සරල ප්‍රතිකර්ම කිහිපයක්ම කියලා දුන්නානේ. ඉතිං මේ ක්‍රම ඔයා අත්හදා බැලූවටත් පස්සේ මැසි උවදුරෙන් ඔයාගේ නිවසේ වටපිටාව මුදවා ගන්න නොහැකි වුණා නම් මැසි උගුලක් ඒ වෙනුවෙන් භාවිත කළ හැකියි. මුලින්ම මේ මැසි උගුල සකස් කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගත යුතුයි. ඇපල් විනාකිරි කෝප්ප දෙකක්, සේදුම් දියර මේස තේ හැදි දෙකක් පමණ මිශ්‍ර කරලා ටිකක් විශාල බේසමකට දාලා පොලිතින් කවරයකින් මේ භාජනය ආවරණය කරලා පැත්තකින් තියලා තියන්න. ඉතිං මේ උගුලට ගෙමැස්සන් හසු කර ගන්න නම් තව පුංචි දෙයක් කරන්න වෙනවා. මේ විදිහට සකස් කර ගත්ත භාජනය අවරණය කරලා තියෙන පොලිතින් ආවරණයේ තැනින් තැන සිදුරු කරන්න. මෙයින් වහනය වෙන ගන්ධය නිසා මැස්සන් සිදුරුවලින් ඇතුළු වී එහි ගිලී යනවා. ඉතිං ඔයාගේ ගෙදරත් අවම කර ගත නොහැකි තරමට මැසි උවදුර තියෙනවා නම් දැන් එයින් මිදෙන්න මෙවැනි ක්‍රමයක් වුණත් භාවිත කළ හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1236 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:09:46 AM
Script:/article/1236/how-to-get-rid-of-mosquitoes-and-flies.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:09:47 AM
Script:/article/1236/how-to-get-rid-of-mosquitoes-and-flies.html