ඔයාගේ වයසත් එක්කම වෙනස් වෙන දෙයක් තමා සම කියන්නේ. සම රැළි වැටීම කියන්නේ එක්කෝ වයසත් එක්කම ඇති වෙන දෙයක්, නැත්නම් එදිනෙදා ඔයාගේ හැසිරීම් රටා නිසාත් සම රැළි වැටෙන එක ඉක්මන් කරනවා. එහෙනම් සම රැළි වැටෙන එක නතර කර ගන්න මේ ස්වාභාවික සත්කාර ඔයත් try කරන්න.
පළතුරු
ෆේස් මාස්ක් එකකින් සමට නැවුම් බවක් වගේම සමට හොඳ පෝෂණයක් ලබා දෙනවා. ඔයාගේ සම තුළට යෝදන පෝෂණයක් විදිහට ස්වාභාවික ෆේස් මාස්ක් එකක් දිනපතා භාවිතා කිරීමට වග බලා ගන්න. ඒ සඳහා සෑම පලතුරක්ම පාහේ සම මත ආලේප කරන්න යොදා ගන්න පුලුවන්.
* අලිගැට පේර වගේ පලතුරු මොයිස්චරයිසර් වලින් පොහොසත් වන අතර වියළි සමට ආලේප කරන්න පුලුවන්.
* තක්කාලි, ස්ට්‍රෝබෙරි, ඇපල් වගේ පලතුරු ඔබේ තෙල් සහිත සමට හොඳයි.
* කෙසෙල් වලින් ද සමට පෝෂණයක් හා මෘදු පැහැයක් එක් කරනවා.
මතක ඇතුව ඊළඟ වතාවේ ඔයා පලතුරක් ආහාරයට ගන්නකොට ඒකෙන් කුඩා කොටසක් ඉතිරි කර ගෙන ඒක මෑෂ් කරලා මුහුණේ ආලේප කරන්න. ඒ පුරුද්දෙන් ඔයාගේ සැබෑ වයස වසන් කරමින් ලාබාල පෙනුමක් ද සම හරහා ඇති කරන්න පුලුවන්. කාලයක් යද්දී ඔයාට ඔයාගේ ඒ උත්සාහය ගැන සතුටු වෙන්න පුළුවන් වෙයි. සමට අවශ්‍ය තවත් හොඳ පෝෂණයක් සඳහා කෙසෙල් ගෙඩියක් හා මී පැණි ට්කක් එකතු කරලා ඔයාගේ මුහුණේ සම මත සහ ශරීරය පුරා ආලේප කරන්න.
බිත්තර
බිත්තර සුදු මදය මගින් සම පැහැපත් කරන අතර බිත්තර කහ මදය මගින් සම පෝෂණය කරමින් රැළි වැටීම වළක්වනවා. ඔයාට තෙල් සහිත සමක් ඇත්නම් සම මත බිත්තර සුදු මදයද, සම රැළි වැටිලා නම් බිත්තර කහ මදය ද භාවිතා කිරීම හොඳ ප්‍රතිකාරයක්. ඔයා වයස අවුරුදු 35 ඉක්මවූ පස්සේ බිත්තර කහ මදය නිතිපතා ඔයාගේ සමට ආලේප කරන්න. බිත්තර සමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් නිසා සමට සුදුසුයි.
Essential oils
Essential තෙල් ද සමට විශිෂ්ටයි. ඒවායෙන් සමට චිකිත්සක ප්‍රතිලාභද ලැබෙනවා. ඔයාගේ සම මත තෙල් වර්ග දෙකක් භාවිතා කරනවා නම්, ඒවා ආලේප කිරීමට කලින් එකිනෙකට හොදින් මිශ්‍ර කිරීමට වග බලා ගන්න. ජැස්මින්, ලැවෙන්ඩර්, සුදු හඳුන් යන තෙල් වර්ග සියල්ලම ඵලදායී වන අතර ඒවා ආලේපයෙන් සම රැලිවැටීම වළක්වා ගන්න පුළුවන්. මොයිස්චරයිසර් එකක් සමඟ මිශ්‍ර කළාමත් ඒවා ඉතා හොඳින් ක්‍රියා කරනවා.
සම්බාහනය
සෑම දිවා රැයකම ඔයා සමට මොයිස්චරයිසර් ආලේප කරන අතරතුර අවම වශයෙන් විනාඩි දහයක්වත් ඔයාගේ මුහුණත් සම්බාහනය කරන්න. ඔයාගේ වයසට වඩා මුහුණේ රැළි වැටී ඇත්නම් බෙල්ලේ සිට ඉහළට සම්බාහනය කරන්න. ඔයා නිතිපතා මුහුණු සම්බාහනය කරද්දී ඒක ඔයාගේ සම තරුණ වියට පත් කිරීමට උපකාරී වෙනවා. ඔයාට ඔයාගේ සම වෙනුවෙන් වැය කරන්න කාලයක් හොයා ගන්න ඕනේ. නිතිපතා සම්බාහනය කරද්දී ඔයාගේ සම දැඩි ලෙස අදින්න එපා. මෘදුව මුහුණ සම්බාහනය කිරීමෙන් රුධිර ප්‍රවාහය උත්තේජනය කරන අතර රුධිර සංසරණය වැඩි කරයි. එමඟින් පෝෂ්‍ය පදාර්ථ විශාල ප්‍රමාණයක් රුධිරය හරහා සමට ගෙන යනවා. සීතල අයිස් වතුර ද මුහුණට ඉසීමෙන් ඒ හා සමාන බලපෑමක් ලැබෙනවා.
සමහර පුද්ගලයින්ට මුහුණේ සුදුමැලි වීමේ ප්‍රවණතාවයක් තියනවා. නිතිපතා සම්බාහනය මගින් සුදුමැලි වීම අඩු වන අතර සම ද සිනිඳු වෙනවා.
ඔයා ඇස් යට ක්‍රීම් ආලේප කරනකොට ඇස් යට ප්‍රදේශයට ඇඟිලි තුඩු වලින් සෙමින් තට්ටු කරන්න. එමගින් රුධිර සංසරණය වැඩි කිරීම සහ ඇස් යට අඳුරු වීම අඩු කරයි.