දරුවන්ගේ අත්, කකුල්, මුඛය ආශ්‍රිතව ඇතිවන බිබිලි රෝගයක් බව ඔබ දැන සිටියාද?

May 30, 2018
10,504
Are you aware about the hand, foot and mouth disease
දරුවන්ගේ අත්, කකුල්, මුඛය වගේම ශරීයේ විවිධ ස්ථාන වල බිබිලි ඇති වීම නිතර පාහේ දකින්න පුළුවන් තත්වයක්. ඒ වගේම වැඩිහිටියන් තුලත් දකින්න නැතුවම නෙවෙයි. නමුත් විශේෂයෙන් මේ තත්ත්වය දරුවන් තුළ නිතර නිතර ඇති වෙනවා අපිට දකින්න පුළුවන්. ඒත් ඔබ හිතන්න නැතුව ඇති මේක රෝගී තත්වයක් කියලා. නමුත් කුඩා දරුවන් අතර වැඩිපුර පැතිරෙන හැබැයි බරපතළ නොවන රෝග තත්ත්වයක් විදිහට මේ තත්ත්වය හඳුන්වන්න පුළුවන්.

සාමාන්‍යයෙන් මෙම රෝගී තත්ත්වය ඉතා ඉක්මනින් පැතිරෙන්නක්. ඒවගේම වෛරසයක් හේතුවෙන් ඇති වෙන්නක්. මුඛ ශ්‍රාවයන්ගෙන් හෝ ස්පර්ශයෙන් තමයි මේ තත්ත්වය වැඩිපුරම දරුවන් අතර පැතිරෙන්නේ. සාමාන්‍ය රෝගය වැඩිපුර වැළඳෙන්නේ අවුරුදු 10ට අඩු දරුවන්ට. නමුත් වැඩිහිටියන්ට වුණත් මේ තත්ත්වය ඇති වෙන එක සුලබ දෙයක්. ඒ වගේම අවුරුදු 10ට වැඩි දරුවන්ට වුණත් මේ තත්ත්වය ඇති හැකියි.

වෛරස් රෝග තත්ත්වයන් නිසා ඇති වන රෝග ලක් ලක්ෂණ මේ තත්ත්වයේදීත් දකින්න පුළුවන්. විශේෂයෙන් සිරුරේ ඇති වන වේදනාවන්, බඩේ අමාරුව, උගුරේ කැක්කුම, කකුල්වල හා අත්වල වතුර බිබිලි මතු වීම, මුඛයේ කුඩා බිබිලි ඇති වීම දකින්න පුළුවන්.

කලිනුත් කිව්වනේ මේ තත්ත්වය භයානක නොවන රෝගී තත්වයක් කියලා. ඒ නිසා කලබල විය යුතු නැහැ. දින කීපයක් යද්දී මේ තත්ත්වය සුව වෙනවා. නමුත් මුඛයේ ඇති වන බිබිලි දින කිහිපයක් පැවතිය හැකි අතර සමහර විට වේදනාකාරී වෙන්න පුළුවන්. සමහර විට කලාතුරකින් වෛරසය හෘදය, පෙනහලු, සහ මොළයට බලපාන අතර එවැනි තත්ත්වයකදී එය මොළයේ උණ රෝග ලක්ෂණ පහළ කරන්න පුළුවන්. නමුත් එයද ඉතාම කලාතුරකින් තමයි ඇති වෙන්නෙ. ඒ නිසා ඒ නිසා අනවශ්‍ය ලෙස බිය විය යුතු නැති නමුත් අවධානයෙන් සිටීම වඩා වැදගත්.

මේ තත්ත්වයට නිශ්චිතවම ප්‍රතිකාරයක් කියන්න බැහැ. ඒ නිසා රෝග ලක්ෂණවලට අනුව තමයි වෛද්‍යවරු ප්‍රතිකාර නියම කරන්නේ. කුඩා දරුවන් ඉන්න මව්වරු දරුවන් තුළ ඇති වන මෙම රෝග ලක්ෂණ ගැන දැඩි අවධානයක් යොමු කරන එක වඩා වැදගත්.

විශේෂයෙන් මේ දිනවල දියරමය ආහාර ලබාදීම, ඇඟ සිසිල් කරවන ආහාර ලබාදීම ඉතාමත් වැදගත්. උණ, ඇඟේ වේදනාව වැනි තත්වයන් අවම කරගන්න පැරසිටමෝල් ලබාදීම අනුමත කළ හැකි නමුත් පමණ ඉක්මවා පැරසිටමෝල් වැනි වේදනා නාශක ලබා දීම සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම මුඛයේ ඇතිවන බිබිලි නිසා හටගන්න වේදනාව හේතුවෙන් දරුවන් ආහාර ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකදී දරුවන්ට විජලනය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් අවදානය දෙන අතරම දරුවන්ට හොඳ සෞඛ්‍ය පුරුදු පුරුදු කරන්නත් හැම මවක්ම කටයුතු කල යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 835 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:24 AM
Script:/article/835/are-you-aware-about-the-hand-foot-and-mouth-disease.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:24 AM
Script:/article/835/are-you-aware-about-the-hand-foot-and-mouth-disease.html