චුවින්ගම් වලින් ලැබෙන විශ්මයජනක ප්‍රතිලාභ

April 6, 2020
4,014
Marvellous benefits of chewing-gum
චුවින්ගම් ගැන අපි දන්නේ මොනවාද? සෑම කෙනෙකුම පාහේ චුවින්ගම් රස විඳින්න ආසයි. සමහර අය රිය පැදවීමේදී, විවේකීව සිටියදී හෝ ආහාර ගැනීමෙන් පසු පැණි රස යමක් භුක්ති විඳිනවා. මෙසේ ආහාරයට ගන්නා ප්‍රධාන දෙයක් තමයි චුවින්ගම්. චුවින්ගම්වල පුදුම හිතෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගණනාවක්ද තිබෙනවා. අද හැඩකාරී අපි ඔයා දැනුවත් විය යුතු චුවින්ගම් වල වාසි ගැනයි මේ කියන්නේ. 

කොහොම වුණත් චුවින්ගම් වැඩියෙන් කන එකත් නරක පුරුද්දක් බව සිතෙහි තබා ගත යුතුයි. චුයින්ගම් නිසා සමහර පුද්ගලයින්ගේ හකු රිදීම හෝ තද හිසේ කැක්කුම වගේ අහිතකර බලපෑම් ඇති කරනවා. කෙසේ වෙතත්, මධ්‍යස්ථ ලෙස භාවිතාවෙන් චුයින්ගම් වල ධනාත්මක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. චුවිංගම් වල වාසි කිහිපයක් මෙන්න:

1. කුහර ඇති වීම වළක්වා ගනිමින් මුඛ සෞඛ්‍යය වැඩි දියුණු කරනවා

චුවින්ගම් පිළිබඳ බොහෝ දෙනා දන්නා කරුණක් තමයි මේ. ආහාර ගැනීමෙන් පසු මිනිත්තු 20 ක් පමණ චුවින්ගම් එකක් කෑමෙන් දත් දිරායාම සහ මුඛ ආසාදනය වළක්වා ගන්න පුළුවන්. ඊට හේතුව චුවින්ගම් දත් මත ඇති ආහාර කැබලි සහ අම්ල ඉවත් කර වීම නිසා දත් දිරායාම නතර වීමයි.

2. ජීර්ණය වැඩි දියුණු කරයි

චුවින්ගම් ආහාර ජීර්ණ ක්‍රියාවලියට සෘජු බලපෑමක් නොකරන අතර, ආහාර වේලකට පෙර චුවින්ගම් ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණය වැඩි දියුණු වෙනවා. චුවින්ගම්  මගින් මුඛය තුළ ලවණ හා ආමාශය තුළ ආහාර ජීර්ණ අම්ල නිපදවීමට උත්තේජනය වන අතර ආහාර වේලක් සඳහා පද්ධතිය ඵලදායී ලෙස සකස් කර ගන්නවා. ආහාර ගිල දැමීම පහසු කිරීම පමණක් නොව, ආමාශය සූදානම් කිරීමෙන් ආහාර ජීර්ණය වැඩි දියුණු කරනවා.

3. ඔක්කාරයට එරෙහිව සටන් කරනවා

චුවින්ගම් ආහාරයට ගැනීමෙන් චලන රෝගාබාධ වලට(motion sickness) ගොදුරු වන පුද්ගලයින්ට සහනයක් ලබා ගන්න පුළුවන්. ඔක්කාරය සඳහා  චුවින්ගම් ඵලදායී වෙනවා. එවගේම අතුරු ආබාධ නොමැති වීම සහ අඩු පිරිවැය හේතුවෙන් මිලදී ගත හැක.

4. බර පාලනය කිරීමට උපකාරී වේ

බර අඩු කර ගැනීමට උත්සාහ කරන විට චුවින්ගම් කියන්නේ හොඳ ක්‍රමයක්. අධික කැලරි සහිත සුලු කෑමෙන් ඔයාව වළක්වා ගැනීමට මෙය කදිම ක්‍රමයකි. එමනිසා ඔයා ආහාර වලට ඇති ආශාව අවම කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, අනවශ්‍ය කැලරි සියල්ල කපා හැරීම සඳහා චුවින්ගම් සුදුසුයි. 

5. මතකය වැඩි දියුණු කරයි

මොළය විශාල කාර්යභර්යයක් අප වෙනුවෙන් සිදු කරනවා. ඒ නිසා මොළයට සැහැල්ලුවක් ගෙන දීමට චුවින්ගම් එකක් කන්න. හෘද ස්පන්දන වේගය සහ මොළයට රුධිර ප්‍රවාහය වන බව පරීක්ෂණ වලින් සොයා ගෙන තියෙනවා. චුවින්ගම් නිසා ඉගෙන ගන්න ළමුන්ට අවශ්‍ය විවේකය අඩු කාලයක් තුල ලබා ගැනීමට උදවු වන අතර මානසික ආතතිය අඩු කරනවා.

6. ආතතිය හා කාංසාව අඩු කරයි

ඔයා කවදා හෝ දවසක නොසන්සුන් හෝ කනස්සල්ලට පත්ව සිටී නම්, ඔයා කකුල් සොලවන බව හෝ සුවපහසුව සඳහා නියපොතු කනවා නම්, චුවින්ගම් කෑම ඔයාගේ ස්නායු ශක්තිය මුදා හැරීමට හොඳ ආදේශකයකි.  චුවින්ගම් මගින් මනස සන්සුන් කිරීමට හැකියාවක් තියෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1534 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:38:13 AM
Script:/article/1534/marvellous-benefits-of-chewing-gum.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:38:14 AM
Script:/article/1534/marvellous-benefits-of-chewing-gum.html