සතියක් වගේ කෙටි කාලයක් තුළ ඔබටත් සම පැහැපත් කර ගන්න පුළුවන්

August 24, 2020
29,056
Make your skin fair within a week
ඔව්. ඔයාගේ සම රැකබලා ගැනීමට, ජීවන රටාව වැඩිදියුණු කිරීමට සහ මේක් අප් භාවිතා කරලා දීප්තිමත් සමක් ලබා ගන්න පුළුවන්. ඒත් නිරෝගී හා දීප්තිමත් සමක් ලබා ගැනීමට මෙන්ම දිගටම පවත්වා ගැනීම සඳහා විශාල කැපවීමක් කරන්න වෙනවා. මේ ලිපියෙන් ඔයාගේ සමේ සෞඛ්‍යය සම්පන්න බව වැඩි දියුණු කරගන්න පුලුවන් ආකාර ගැන වගේම සමේ රැකවරණය, ජීවන රටාව සහ මේක් අප් සමඟ පැහැපත් දීප්තියක් පවත්වා ගන්න පුලුවන් ආකාරය ගැන අපි ඔයාට කියනවා.

සතියකින් ඔයාගේ සම වැඩි දියුණු කරන්න පුලුවන් නමුත් සම දිලිසෙන සහ සෞඛ්‍ය සම්පන්නව තබා ගන්න නම් ඔයා මේ උපදෙස් දිනපතා පිළිපදින්න ඔනේ.

සමට සත්කාර කරන්න...

01. මුලින්ම ඔයාගේ සම හඳුනාගන්න

සමට සත්කාර කරන්න නිෂ්පාදන මිලදීගන්න කලින් ඔබ ඔබේ සමේ වර්ගය හඳුනාගෙන ඉන්න ඕනේ.

වියලි සම (Dry Skin) - තද ගතියෙන් යුක්තයි, පොතු වැනි ගතියක් ඇත, වියළුනු ස්වභාවයක් ඇත

තෙල් සහිත සම (Oily Skin) - ඔයාගේ T-Zone එක තෙල් ගතියෙන් සහිතයි

මිශ්‍ර සම (Combination Skin) - T-Zone එක තෙල් ගතියෙන් යුක්ත නමුත් කම්මුල් සහ හකු ප්‍රදේශය වියලි ගතියෙන් යුක්තයි

සාමාන්‍ය සම (Normal Skin) - ඔබෙ සම තද තෙල් ගතියෙන් හෝ වියලි ගතියෙන් තොරයි

සංවේදී සම (Sensitive Skin) - ඔබේ සම ඉක්මනින් රතු වෙන, කසන සහ දැවිල්ල ඇතිවෙන සමක්



02. දිනපතා CTM  කරන්න
CTM කියන්නේ පිරිසිදු කිරීම (Cleansing), ටෝනින් (Toning) සහ මොයිස්චරයිසින් (Moisturizing) කිරීමයි. දිනපතා ඔයාගේ සම නිසි ලෙස පිරිසිදු කිරීම හා මොයිස්චරයිස් කිරීම අත්‍යවශ්‍යයි. මුලින්ම ඔයාගේ සමේ වර්ගය හඳුනාගෙන පසුව සමට ගැලපෙන ක්ලෙන්සර්, ටෝනර් සහ මොයිස්චරයිසර් එකක් ගන්න. දිනකට දෙවරක් මේක කරන්න.
Grape seed extract, azelaic acids, kojic acid, hydroquinone, mulberry extract වැනි සම පැහැපත් කරන අමුද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන ඔයාට භාවිතා කරන්න පුලුවන්. දීප්තිමත් සමක් ලබා ගැනීමට මේක ඔබට උපකාරී වෙනවා.

03. සම එක්ස්ෆෝලියේට් කිරීම (Exfoliation) වැදගත්
ඔබේ මුහුණ කළේ නැතිවුනාම, මැරුණු සම එක මත එක එකතු වෙනවා. මෙයින් ඔබේ සමට අඳුරු ගතියක් ගෙනෙනවා. ඔබේ මුහුණ exfoliate කළේ නැතිවුනාම, මැරුණු සම එක මත එක එකතු වෙනවා. මෙයින් ඔබේ සමට අඳුරු ගතියක් ගෙනෙනවා. මෙය ඔබට ෆේස් ස්ක්‍රබ් එකකින් හෝ රසායන ද්‍රව්‍යයක් පවිච්චි කරන්න කැමති නම් Exfoliation Face Acid එකක් පවිච්චි කරන්න පුලුවන්.

ඔබ ස්ක්‍රබ් එකක් පාවිච්චි කරනවා නම් ලොකු සහ රළු ඇට සහිත ස්ක්‍රබ් වලින් වැලකෙන්න. මෙය ඔබේ මුහුණේ සියුම් සමට හොඳ නැහැ.



ඔබ රසායනික එක්ස්ෆෝලියේට් එකක් පාවිච්චි කරනවා නම්, lactic acid, mandelic acid වැනි මෘදු ඇසිඩ් වර්ගයක් පාවිච්චි කරන්න. මෙවැනි දෙයක් භාවිතා කරන විට ඇසුරුම හොඳින් කියවා මිලදී ගන්න. පාවිච්චියට ඇති උපදෙස් හරියටම පිළිපදින්න. උවමනාවට වඩා පාවිච්චියත් ඔබේ සමට හොඳ නැති බවත් මතකයේ තබා ගන්න.



04. පීලින් මාස්ක් එකක්

මෙය සතියකට වතාවක් කරන්න. මෙයින් ඔබේ සමට එකාකාරී පැහැයක් සහ මැරුණු සම තවත් හොඳින් ඉවත් කරන්න උදවු වෙනවා. ස්වාභාවික පළතුරු සාරය (අන්නාසි, පැපොල් වැනි) සහිත මාස්ක් වර්ගයක් තෝරා ගන්න. ග්ලයිකොලික් අම්ල (glycolic acid) අඩු නිෂ්පාදන තෝරා ගන්න.

පීලින් මාස්ක් එකක් කියන්නේ ඉක්මනින් කරගන්න පුලුවන් make-up එකක් වගෙයි. එයින් ඔබට හොඳ පැහැපත් මුහුනක් ලබා ගන්න පුලුවන්



05. ප්‍රයෝජන කීපයක් ඇති නිෂ්පාදන තෝරා ගන්න

උදාහරණයකට ඔබ මොයිචරයිසින් ක්‍රීම් එකක් මිලදී ගන්නවා නම් එහි anti-aging, සම පැහැපත් කරන, කැලැල් අඩු කරන වගේ ගුණ කීපයක් ඇති ක්‍රීම් වර්ගයක් ගන්න. විටමින් A අඩංගු ක්‍රීම වර්ග තෝරාගන්න

06. ස්ටීම් කරන්න
ඔයා සතියකට දෙවරක් හෝ තුන් වරක් මිනිත්තු කිහිපයක් මුහුණ ස්ටීම් කරන්න. එමගින් සමේ සිදුරු ඉවත් කිරීමට සහ අපද්‍රව්‍ය ඉවත් කරන්න පුලුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි දහඩිය දැමීමෙන් විෂ ද්‍රව්‍ය පිට කිරීමට ද ඒ ක්‍රමය උපකාරී වෙනවා.

07. සන්ස්ක්‍රීන් අලේප කිරීම පිළිවෙතක් සේ සිතන්න
හිරුගේ අහිතකර පාරජම්බුල කිරණවලින් ඔයාගේ සම ආරක්ෂා කර ගැනීමත් වැදගත්. ගෙදරින් පිටතට යන්න කලිම් සන්ස්ක්‍රීන් ක්‍රීම් එකක් ආලේප කිරීමට කිසි විටෙකත් අමතක කරන්න එපා. ඒවායින් UVA සහ UVB කිරණ දෙකෙන්ම ඔයාව ආරක්ෂා කරන නිසා අවම වශයෙන් SPF 30 සහ PA+++ අඩංගු නිෂ්පාදනයක් භාවිතා කරන්න. ඔයා එළිමහනේ ඉන්න සෑම පැය 2 කට වරක්ම සන්ස්ක්‍රීන් ක්‍රීම එක නැවත ආලේප කරන්න.


ජීවන රටාවත් වැදගත්...

01. වතුර ගොඩක් බොන්න
ඔයා දිනපතා පානය කරන වතුර ප්‍රමාණය පිළිබඳව අවධානයෙන් සිටින්න. ශරීරයේ අවශ්‍යතා සපුරාලීම සඳහා දිනපතා පානය කරන්න ඕනේ වතුර ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒත් පොදුවේ ගත්තාම සෑම දිනකම ජලය ලීටර් 2 කට වඩා පානය කිරීමෙන් ඔයාගේ සම සජලීකරණය වන අතර ඔබේ ශරීරයේ සමස්ත සෞඛ්‍යය වගේම පෙනුම ද සැලකිය යුතු ලෙස පැහැපත් වෙනවා.

** ලෙමන් යුෂ හෝ පළතුරු පෙති කිහිපයක් වතුර කෝප්පයට එකතු කර පානය කරන්න පුළුවන් නම් වඩා හොඳයි.



02. දහඩිය 
ව්‍යායාම මගින් ඔයාගේ ශරීරයේ රුධිර ප්‍රවාහය වැඩි කරවන අතර එමඟින් ශරීරය පුරා ඔක්සිජන් බෙදා හරිනවා. මෙමගින් වඩාත් පැහැපත් ඔබට සමක් ලැබෙන අතර සතියකට දෙවරක් හෝ තුන් වරක් ව්‍යායාම කරන්න. නැත්නම් නටන්න, පනින්න, ඇවිදින්න... ඒ වගේ ක්‍රියාකාරකම් කරන්න.

03. සීනි සහ සැකසූ ආහාර වලට සමුදෙන්න
බිස්කට්, කැන්ඩි, කප් කේක් සහ කෝලා වගේ ආහාර වල සිත් ඇදගන්නා සුළු බවක් පෙනෙන්නට තිබුණත් ඒවා ඔබේ ශරීරය සහ සමට අහිතකරයි. සම නිරෝගීව තබා ගැනීමට අවශ්‍ය නම් සැකසූ ආහාර වලට ඇත් වීම හොඳයි. මෙමගින් ඔබේ කුරුලෑ සහ වයසට යාම වගේ සමේ ගැටළු රාශියක් අඩු කර ගන්න පුලුවන්.

** ඒ වගේම විවිධ වර්ණයන්ගෙන් යුත් පලතුරු හා එළවළු ඔයාගේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් සමේ පැහැය වැඩි දියුණු කර ගන්න පුළුවන්.

Make-up කරද්දී…

01. දියරමය ෆවුන්ඩේශන් එකක් මිලදී ගන්න
ෆවුන්ඩේශන් එකකින් ඔයාගේ මුහුණේ ඇති සියලුම ලප කැළැල් ආවරණය කර ගන්න පුළුවන්. දියරමය ෆවුන්ඩේශන් එකකින් මුහුණේ තෙතමනය රැකදෙන නිසා මුහුණට දීපතියක් ගෙන දෙනවා.



02. ෆේස් ඔයිල් භාවිතා කරන්න
බොහෝ රූපලාවන්‍ය ශිල්පීන් මුහුණේ ෆවුන්ඩේශන් ආලේප කිරීමට පෙර ෆේස් ඔයිල් ස්වල්පයක් ෆවුන්ඩේශන් එක සමග මිශ්‍ර කරනවා. මෙයින් මුහුණට නැවුම් පෙනුමක් ගෙන දෙනවා. කැමති නම් මුලින්ම ෆේස් ඔයිල් ආලේප කරලා ෆවුන්ඩේශන් ආලේප කරන්නත් පුලුවන්.




Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1793 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:12 AM
Script:/article/1793/make-your-skin-fair-within-a-week.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:12 AM
Script:/article/1793/make-your-skin-fair-within-a-week.html