සෑම දෙයකටම ඔබට දොස් පවරන සැමියෙක් සමඟ ඔබ කටයුතු කරන්න ඕනේ කොහොමද

August 24, 2020
6,773
How to deal with a fussy husband
ඔබ ජීවත් වෙන්නේ නිතරම ඔබ කරන කියන දේවල් ගැන හේතු කියන්න ඕනේ විවාහයක නම්, ඔබ ගනුදෙනු කරන්නේ, සිදු වෙන සෑම දෙයකටම බොහෝ විට ඔබට දොස් පවරන සැමියෙක් සමඟයි. ඒ විදිහේ ජීවිතයක් ගෙවන්න කවුරුවත් කැමති වෙන්නේ නෑ. කෙසේ වෙතත් ඔබේ සැමියාගේ ඒ ගැටලුව ඔබ දෙදෙනාගේ බැඳීමට බලපාන්නට ඉඩ නොදී ඔහුත් සමඟ යහපත් ආකාරයට ගනුදෙනු කරන්න පුලුවන් ආකාරය ගැන අපි ඔබට කියන්නම්...

සෑම දෙයක් ගැනම ඔබට දිගින් දිගටම දොස් පවරන සැමියෙක් සමඟ ගනුදෙනු කරන්න පුලුවන් ක්‍රමය මෙන්න:

1. ගැටලුව නිවැරදිව පෙන්නලා දෙන්න කියලා සැමියාට කියන්න
 
ගැටලුවකදී ඔබේ සැමියාගෙන් ඔබ වරදක් කරලා කියලා සිතන්නට හේතුව මොකක්ද කියලා විවෘතව අහන්න. තත්වය තාර්කිකව තේරුම් ගත්තාට පස්සේ ඔබේ අතින් වරදක් වෙලා තියනවා නම් ඒක නිහතමානීව පිළිගෙන ඉදිරියට යන්න. කෙසේ වෙතත් ඔබේ සැමියා ඔබට සාධාරණ හේතුවක් නැතුව දිගින් දිගටම දොස් පවරනවා නම්, දෙදෙනා අතර සන්නිවේදන ගැටලුවකට වඩා එහා ගිය ප්‍රශ්නයක් තියෙන බව ඔබ තේරුම් ගත යුතුයි.

2. ඔබේ දැක්ම බෙදා ගන්න

ඇත්තටම සධාරණ විවේචන ඔබට ඔහුගෙන් ලැබෙනවා නම් ඒවා ගැන ඔබ විවෘතව සිතන්න. ඒ එක්කම ඔබ හිතන විදිහ ගැන ඔහුට ඉදිරිපත් කරන්න. සෑම දෙයකටම දොස් පැවරීම නිසා ඔබට අපහසුතාවයක් හා වේදනාවක් දැනෙන්නේ ඇයි කියලා ඔබේ සැමියාට කියන්න. එයින් දෙදෙනාගේම පැත්තෙන් පැවසිය යුතු දේ සහ විය යුතු දේ ගැන පැහැදිලි දැක්මක් ලබා ගන්න පුලුවන්.

3. දළුලන ගැටලුව තුරන් කිරීමට උත්සාහ කරන්න

මුලින්ම ඔබ ඔබේ වැරැද්දක් ගැන වගකිව යුතු තත්වයකදී ඒකෙන් බේරෙන්න බලන්න එපා. ඒ වගේ අවස්ථාවකදී සන්සුන්ව ඉන්න; ඔබේ සැමියා ඒ විදිහට හැසිරෙන්නේ ඇයි කියලා හඳුනාගෙන ගැටලුව නිවැරදි කිරීම සඳහා ඔබට ප්‍රශ්නයේ මුල් කෙලවරේ සිට සිතා බලා ඒ ගැන ඔබට යමක් කරන්න පුලුවන් ද කියලා බලන්න. නැතිනම් අහංකාර නොවී සැමියාගෙන් උදවු ලබා ගන්න.

4. ඉවත්ව යාමට හිත හදා ගන්න

ඔබගේ සම්බන්ධතාවය නැවත ගොඩනගන්න උත්සාහ කළත් එකම කාරණය පිළිබඳව සැරින් සැරේ දීර්ඝ කාලයක් තිස්සේ කතා කළා කියලා, තාමත් ඔහුගේ හැසිරීම වෙනස් වෙන්නේ නති නම් ඔබට එතැනින් ඉවත්ව ඉදිරියට යාමට කාලයයි. මේක දැඩි තීරණයක් වෙන්න පුලුවන්. නමුත් ඔබේ අනාගතය වෙනුවෙන් ඒ තීරණය වඩා හොඳයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1794 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:55:11 AM
Script:/article/1794/how-to-deal-with-a-fussy-husband.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:55:11 AM
Script:/article/1794/how-to-deal-with-a-fussy-husband.html