ඉතා සාර්ථක පිරිමින් විසින් කාන්තාවක් තුළින් සොයන දේවල්

September 23, 2020
6,851
What successful men looking from women
උසස් තත්ත්වයන්හි සිටින පිරිමින් පැමිණෙන්නේ ඉහළ ඔට්ටු සමඟයි. ඒ නිසා ඔවුන් ආකර්ෂණය කර ගැනීමට අපහසු‍යි වගේම දීර්ඝ කාලයක් ජීවිතයේ තබා ගැනීමටත් අපහසුයි. බොහෝ කාන්තාවන්ට ඒ වගේ පිරිමි අවශ්‍ය වන්නේ නිවැරදි හේතු නිසා නෙමෙයි. ඔවුන්ගෙන් තමන්ට ධනය සහ සාර්ථකත්වය ලැබෙන නිසායි. විශේෂයෙන්ම ඒවා මනුස්සයෙක්ගේ පෞරුෂය ගැන හොඳ අවබෝධයක් ලබා දෙන සාධක නෙමෙයි. කාලයට වැරදි නිවැරදි කිරීමේ පුරුද්දක් තියන නිසා සමහර අවස්ථා වලදී මේ කියන කාරණා සම්බන්ධයෙන් මිනිස්සු වෙනස් වෙන්නත් පුලුවන්.

නමුත් පළමුවෙන්ම හා ප්‍රධාන වශයෙන්ම, “පරිපූර්ණ” සහකරුවෙක් ඔබට සොයා ගන්න ඕනේ නම්, ඔබ ඔබේ ආත්මය ප්‍රශස්ත එකක් බවට පත් කරගන්න ඕනේ. එහිදී ඔබ ඔබගෙන්ම අහන්න ඕනේ අවංක ප්‍රශ්න කිහිපයක් තියනවා. කඩවසම් උස මහත මිනිසෙක් ආකර්ෂණය කර ගැනීමෙන් ඔබට ලැබෙන්නේ මොනවාද, සෑම දෙයක්ම සම්පූර්ණ සහකරුවෙක් වෙනුවෙන් ඔබට ලබා දෙන්න පුලුවන් දේවල් මොනවාද කියලා ඔබෙන්ම අහලා බලන්න.

ඇත්ත වශයෙන්ම, ඔබට මොනා හරි සුදුසුකමක් අඩුයි කියලා දැනෙනවා නම් ඔබ ඔබවම පහත් කර ගන්න ඕනේ නෑ. සියල්ල සම්පූර්ණ සහකරුවෙක් සොයා ගැනීම වෙනුවෙන් කාලය මිඩංගු කරනවා වෙනුවට ඔබ ඔබටම අවංක වෙන්න. මුලින්ම තමන් තමන්වම අගය කරන සහ තමන්ගේ වටිනාකම දන්නා කාන්තාවක් වන්න.

හඳුනා ගන්න, සබඳතා කියන්නේ හුවමාරුවක්. ආපසු ලබා දීමට තරම් වටින ගති ගුණ කිසි දෙයක් ඔබ සතුව නැත්නම් ඔබට සම්පූර්ණ කාන්තාවක් නෙමෙයි. ඔබේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා තව දුරටත් වැඩ කටයුතු කීපයක් කරන්න ඕනේ කියලා ඔබට හැඟෙනවා නම්, ඔබ ඔබම ගැන හිතලා ඒ වැඩේට අවධානය යොමු කරන්න. සම්බන්ධතාවයක් පිළිබඳ ඔබේ බලාපොරොත්තුව ටික කාලයක් පසුපසට දාන්න. ඒක තමයි ඔබට අවශ්‍ය ඕනෑම සහකරුවෙක් වෙත ලබා දෙන්න පුලුවන් හොඳම ගුණාංගය. 

ඊට පස්සේ ඔබට හමු වෙන සහකරුට පිරිනැමීමට විශිෂ්ට දෙයක් ඔබ සතුව තියනවා කියලා ඔබට හැඟෙනවා නම්, ඒක මොකක්ද? එය වටහා ගැනීම වැදගත්. මොකද සමාජයේ විශාල තරඟයක් තියනවා උසස් සහකරුවන් සඳහා. ඒ තරඟයට සෑම වර්ගයකටම, වර්ණයකටම සහ ජාතියකටම අයත් පරිපූර්ණ කාන්තාවන් ගොඩක් ඉන්නවා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉතාම ලස්සනයි සහ ඉතා දක්ෂ ආකාරයට උපාධි කීපයක් ද දරනවා. නමුත් සැබෑවටම උසස් මිනිසෙක්ට ගැහැණියකගෙන් ඕනේ දේවල් කීපයක් තියනවා. ඒවා දැනගන්න ඔබ මොකක්ද දන්නවාද කරන්න ඕනේ? ඔබ ගැන පරීක්ෂාවක් කරලා බලන්න ඕනේ. ඒකට අවශ්‍ය වෙන ප්‍රශ්න ලැයිස්තුව මෙන්න: 

අනෙකා වෙනුවෙන් උනන්දු සහගත ඇස් දෙකක් සමඟ හොඳ සවන්දෙන්නෙක් වෙන්න ඔබට පුලුවන් ද?

පුද්ගලයෙක් තුළින් හොඳ ගුණාංග දැකීමටත්, ඒවා ගැන අවධානය යොමු කිරීමටත්, ඒවා විවෘතව අගය කිරීමටත් ඔබට පුලුවන්ද ?

ළඟා වෙන්න අමාරු උස අරමුණු ළඟා කර ගැනීමට ඔබට ඔබවම පොළඹවගන්න පුලුවන්ද?

අවශ්‍ය වෙලාවට නිශ්ශබ්දව සිටීමින්, සහකරුට තීරණ ගැනීමට ඉඩ දෙන්න පුලුවන්ද?

ඔබ හොඳ මනෝභාවයකින් සිටින, ආශ්‍රය කරද්දී පහසුවක් දැනෙන කෙනෙක්ද?

ඔබට නිවසක රැජිනක් වෙන්න පුලුවන්ද සහ නිවසේ සැබවින්ම සන්සුන් වාතාවරණයක් ඇති කරන්න පුලුවන්ද?

ජීවිතය සතුටින් ගත කරන්න පුලුවන්ද?

ඔබ දෙයක් සතුටින් භුක්ති විඳින අතරතුර ඔබේ සහකරුවත් සතුටු කරන්න පුලුවන්ද?

ඔබේ මුළුතැන්ගෙයිදී ඔබේ මිතුරන්, සහකරු පුදුමයට පත්වන තරමට රසවත් ආහාර පිසීමට පුලුවන්ද?

මිනිසෙක් තුළ අඩුපාඩු හා වටිනාකම් දෙකම ඇති බව ඔබට පිළිගන්න පුලුවන්ද? 

සෑම දෙයකටම, කුඩා දේවලට පවා ඔබට සැබවින්ම කෘතඥ වෙන්න පුලුවන්ද?

ඔබේ සහකරුවා ගැන විශ්වාසය තබලා ඔහුව අනුගමනය කරන්න පුලුවන්ද?

ඉහළ ආත්ම විශ්වාසයක් පවත්වා ගැනීම වෙනුවෙන් ඔබට වැඩ කරන්න පුලුවන්ද?

අවම වශයෙන් මේ ප්‍රශ්න වලින් භාගයකට වඩා "ඔව්" කියලා පිළිතුරු දෙන්න ඔබට පුලුවන්ද? එහෙනම් ඔබ ගොඩක් වටින කාන්තාවක්! මේ ප්‍රශ්න වලින් අපි අහලා තියෙන්නේ අද කාලයේ යහපත් පිරිමියෙක් කැමති වෙන, කාන්තාවකට තියෙන්න ඕනේ අද්විතීය හා අතිශයින්ම ප්‍රිය කරන ගුණාංග ගැනයි. ඒ නිසා ඔබට අවශ්‍ය පුරුෂයා ආකර්ෂණය වෙයි.

සහකරුවෙක් බලාපොරොත්තු වෙද්දී ඔබ ඔහු තුළින් බලාපොරොත්තු වෙන ඉහළම අගයන් වන්නේ අලංකාරය, ස්මාර්ට් බව සහ කඩවසම් ශරීරයක් නම් බොහෝ විට ඔබව පිරිමින් විසින් භාවිතා කරන්න පුලුවන්. ඒවා තමයි පිරිමියෙක්ගේ වඩාත්ම අගය කරන ලක්‍ෂණ කියලා ඔබ විශ්වාස කරනවා නම්, ඕනෑම පිරිමියෙක් ගැහැණියකගේ ආත්මය ස්පර්ශ කිරීමට උත්සාහ කරන්නේ ඇයි?

ඔබ ඔබේ මනස ප්‍රධාන වශයෙන්ම ඉතත කාරණය ගැන අවධාරණය කරනවා නම්, පිරිමියෙක් සමඟ ගොඩ නැඟෙන ඔබේ සබඳතාව සමානාත්මතාවයේ මූලධර්ම මත පදනම් වෙලා, මිත්‍රත්ව වේදිකාවක් මත විතරක් ගොඩනැඟෙයි. කෙසේ වෙතත් ඒකෙන් ඔබේ ජීවිතයට අලංකාරයක්, ආදර හැඟීමක් හෝ සැලකිලිමත් වීමක් අපේක්ෂා කරන්න බෑ.

සම්බන්ධතාවලට සැබවින්ම වැදගත් වන සහ කාන්තාවන්ගෙන් සාර්ථක පිරිමින් විසින් අපේක්ෂා කරන ගුණාංගවල සාරාංශය මෙන්න :

ස්වකීය සියලු වුවමනා පිරිමසාගත හැකි වීමේ හැකියාව
කෘතඥතාව
ඔබ ගැනම තෘප්තියක් දැනීම
මිනිසුන් තුළ සහ ඔබ තුළ යහපත් දේ දැකීමේ හැකියාව
සෑම විටම හොඳ මනෝභාවයකින් සිටීමට ඇති හැකියාව
විනිශ්චයක් නොමැතිව අනෙකාව පිළිගැනීමේ ඇති හැකියාව
ජීවිතය සහ ඔබ ගැන උනන්දුවක් තිබීම
ජීවිතයේ ඉලක්ක තිබීම
ජීවිතය භුක්ති විඳීමේ හැකියාව
නිහඬව සිටීමේ හැකියාව
පිළිගැනීමට සහ අනුගමනයට කිරීමට ඇති හැකියාව
විනිශ්චය කිරීමෙන් හෝ දොස් පැවරීමෙන් තොරව සන්නිවේදනය කිරීමේ හැකියාව
සවන්දීම
ආත්ම විශ්වාසයෙන් වැඩ කටයුතු කිරීමේ හැකියාව

ඔබටත් මේ වගේ ගුණාංග තියනවා නම් දෛවය විසින් ඔබට සුදුසුම සහකරුවාව මුණගස්වයි. වඩාත්ම වැදගත් දෙය තමයි ඔබ වගේ වටින කාන්තාවක් සොයා ඒමට සැලසුම් කරන, උසස් ප්‍රමිතියකින් යුත් මිනිසෙක්ව ජීවිතයේ හැමදාටම තබා ගන්න එක. ඔබේ ජීවිතයට ලබා ගන්නට උත්සාහ කරන්න ඕනේ, ප්‍රාර්ථනා කරන්න ඕනේ අවංකවම ආදරය කරන බැඳීමක් මිස මුදල් මත පදනම් වූ එකක් නොවෙයි. ඔබ ඔබම ගැන සොයා බලන ගමන් හොඳ සහකරුවෙක් ගැනද සොයා බලන්න. ඒ සඳහා පිරිමියෙක්ගේ සමාජ තත්ත්වය වත්, ආදායම් තත්ත්වය වත් නෙමෙයි අදාළ වෙන්නේ. ඔහු නිවැරදි පුද්ගලයෙක් වෙන්නයි ඕනේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1840 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:28:31 AM
Script:/article/1840/what-successful-men-looking-from-women.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:28:31 AM
Script:/article/1840/what-successful-men-looking-from-women.html