පිරිමි ගල් ගැහෙන ගැහැණු කතා

July 31, 2017
13,086
Woman Stories
පිරිමි සහ ගැහැණු එකිනෙකට ලොකු වෙනසක් තියෙන දෙකොටසක්. මේ දෙගොල්ලෝ කතා බහේදී, තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේදී එකිනෙකට ලොකු වෙනස්කම් පෙන්නුම් කරනවා. පිරිමින් ලොකුවට නිහඬව ඉන්න ප්‍රිය වෙද්දී ගැහැනුන් කතාව ප්‍රිය කරනවා. මේ වෙනස්කම් නිසාම පිරිමින් සහ ගැහැණුන්ගේ සම්බන්ධකම් වඩා වර්ධනය වෙනවා. ඒ වගේම තමයි, ගැහැණුන්ගේ සමහර කතා පිරිමින්ව හරියට ව්‍යාකුල කරවනවා. ගැහැණු කියන දේ හරියටම තේරුම් ගන්න බැරිව, පිරිම උන්නු තැනම ගල් ගැහෙන ගැහැණු කතා ඔබත් ඔබේ සැමියාට පෙම්වතාට කියනවද?

1. මම හොඳින්

ගොඩාක් වෙලාවට ගැහැනුන් ලොකු අවුලක පැටලිලා ඉන්න වේලාවකදී තමයි ගැහැනුන් පෙළඹෙන්නේ මම හොඳින් කියන්න. එහෙම අහුනහම පිරිමින්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඇත්තටම ඔබ කරදරයකින්ද නැද්ද කියලා විශ්ලේෂණය කර ගන්න එක පිරිමින්ට අමාරුයි. ඉතින් හොඳම දේ ඔබ අවුලෙන් නම් ඔහුට ඒක කෙලින්ම කියන එක.

2. ඇයි ඔයාට කෙල්ලෙක් නැත්තේ?

ගොඩාක් වෙලාවට පිරිමින්ගෙන් මේ ප්‍රශ්නය අහන්නේ, ඔහු හිතේ ඉන්න කෙල්ලමයි. ඉතින් ඔහු ගල් ගැහෙන එක අහන්නත් දෙයක්ද?

3. මම මහත් වේගෙන එනවද?

මේ වගේ ප්‍රශ්නයක් ඔබේ ගැහැණු යාලුවන්ගෙන් ඇහුවට කමක් නෑ. නමුත් කවදාවත්ම පිරිමියෙක්ගෙන් අහන්න සුදුසු නෑ. මොකද ඔහු හිතන්නේ ඔබ හොඳ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ඔබ මහත් වේගෙන එනවා උනත්, ඔහු කියන්නේ එහෙම නෑ, ඔබ ලස්සනයි කියලයි. ඉතින් ඔබේ පිරිමියාව මෙහෙම හිර වෙන ප්‍රශ්න අහන්න යන්න එපා.

4. ඒක මමම තනියම කර ගන්නම්

ගොඩාක් වෙලාවට ඔබ මෙහෙම කියන්නේ, ඔහුව අපහසුතාවයට පත් කරන්න නෙමෙයි. ඔබට ඔහුට වඩා හොඳින් යම් වැඩක් කර ගන්න පුළුවන් නිසා. නමුත් ඔහු ඒකෙන් තේරුම් ගන්නේ ඒ කතාවේ අනිත් පැත්ත. ඔහු හිතන්නේ ඔබ ඔහුව දකින්නේ කිසිම වැඩකට නැති කෙනෙක් විදිහට කියලා. ඉතින් ඔහු ඒ කතාවෙන් හිත රිද්ද ගන්නවා.

5. මොනවද හිතන්නේ?

පිරිමියෙක් එක වෙලාවක ගොඩක් දේවල් හිතන්නත් පුළුවන්. කිසිම දෙයක් හිතන්නේ නැති වෙන්නත් පුළුවන්. මේ කොහොම වුනත්, තමන්ගේ සිතුවිලි වචන කරන්න පිරිමින්ට අපහසුයි. ඉතින් පිරිමියෙක් නිකන් ඉන්න වෙලාවක එක පාරටම ඔබ ගිහින් ඇහුවොත් මොනවද හිතන්නේ කියලා ඔහු එක පාරටම ගල් ගැහෙනවා.

6. කලින් කොල්ල නම් මේක හොඳට කළා

ඔබේ කලින් පෙම්වතා හා ඔහුව සංසන්දනය කිරීම පිරිමියෙක්ට දරා ගන්න අමාරුයි. නිකන් එක පාරටම කම්බුලට ගැහුවා වගේ තමයි ඒ කතාව නම්. ඉතින්, කිසිම වෙලාවක ඔබ අතහැර පැමිණි පරණ සම්බන්ධතාවය එක්ක වර්තමානයේ ඉන්න ඔහුව සංසන්දනය කරන්න එපා.

7. ඒක කාගෙන්ද?

කොල්ලෙක්ට, සැමියාට sms එකක්, කෝල් එකක් අවහම ඒක කාගෙන්ද කියලා එක පාරටම ඇහුවහම ඔහු හිතන්නේ ඔහුව ඔබ අනවශ්‍ය විදිහට පාලනය කරන්න යනවා කියලා. ඉතින් පිරිමි ඒකට අකමැතියි කියලා ඔබ දන්නවනේ. පුළුවන් තරම් මේ වගේ ප්‍රශ්න වලින් ඇත් වෙලා ඉන්න.

8. එයා ලස්සනයි නේද?

ඔබත් ඔහුත් ඉන්න වේලාවකදී, ලස්සන ගැහැණු ළමයෙක් යනවා කියලා හිතන්න. එතකොට ඔබ ඔහුගෙන් අහනවා, ඒ කෙල්ල ලස්සනයි නේද කියලා. උත්තරය ඔව් වුනත් ඔහු එහෙම කියන්නේ නෑ. ඔබගෙන් පරිස්සම් වෙන්න ඕනේ නිසා. නමුත් ඔබ අවබෝධ කර ගත යුත්තක් තියෙනවා. කසාද බැන්දා කියලා හෝ පෙම්වතෙක් වුනා කියලා, පිරිමියෙක් අන්ධයෙක් වෙන්නේ නෑ කියන එක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 362 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:52:04 AM
Script:/article/362/woman-stories.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:52:05 AM
Script:/article/362/woman-stories.html