පිලිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාර 6 ක්

August 30, 2020
25,562
6 remedies for burns
ඔබත් පිළිස්සුම් සම්බන්ධ අනතුරු වලින් පෙළෙනවා නම්, සරල හා ස්වාභාවික නිවෙස් පිළියම් අනුගමනය කිරීමෙන්  පිළිස්සුම් තුවාල සදහා සම්පූර්ණයෙන්ම සුවය ලබා ගන්න පුළුවන්. කලබලයෙන් කුස්සියේ වැඩකරන්න යාමේදී අපේම නොසැලකිලිමත් බව නිසා දරුණු පිළිස්සීම් තුවාල සිද්ධ වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවන්ට ජීවිත කාලය තුළ අඩුම තරමින් එක් වරක්වත් බොහෝ දෙනා මුහුණ දෙනවා. 

මේ ගැනත් ටිකක් හිතන්න වෙනවා. ගින්දරට පොඩ්ඩෝ ඉක්මණින්ම ආකර්ෂණය වන නිසා ළමයින්ට පිලිස්සුම් තුවාල ඇතිවීමේ වැඩි අවදානමක් තියෙනවා. සමහර පිළිස්සුම් තරමක් හානිකර නොවන නමුත් සමහර පිළිස්සුම් වලින් ස්ථිර කැළැල් ඇති කරනවා. ඒ නිසා වහාම එයට ප්‍රතිකාර කරන්න ඕනේ. පිලිස්සුම් තුවාල වලට ප්‍රතිකාර කිරීමට ඔයාට උපකාරී වන නිවෙස් පිළියම් කිහිපයක් මෙන්න.

මේ ප්‍රතිකාර කරන්නට කලින් පිළිස්සුනු ස්ථානය ගලන ජලයට, එනම් ටැප් එකකට ඇල්ලීම හෝ භාජනයකින් වතුර වත් කිරීම කරන්න ඕනේ. එය තමයි ඔබ පළමුවෙන්ම කරන්න අවශ්‍ය දෙය. විනාඩි 3-5 ක් මෙසේ කර පහත පිළියම් කරන්න.

1. කෝමාරිකා
ඔයාට අවශ්‍ය වන්නේ :
කෝමාරිකා ජෙල් තේ හැඳි 1

ඔයා කළ යුතු දේ :
කෝමාරිකා ජෙල් පිලිස්සුණු ප්‍රදේශයේ ඒකාකාරීව අලේප කරන්න. මෙය දිනකට දෙතුන් වතාවක් අලේප කරන්න.
කෝමාරිකා ජෙල් වල ඉදිමුම සහ දැවිල්ල සමනය කරන ගුණ සහ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන නිසා පිලිස්සුම් සුව කරනවා. මෙමගින් තුවාල, කැළැල් සහ බිබිලි ආසාදනය වීම වළක්වනවා. වෙළදපොලෙන් හෝ කෝමාරිකා කොළ වලින් කෝමාරිකා ජෙල් ලබා ගන්න පුලුවන්.

2. මී පැණි
ඔයාට අවශ්‍ය වන්නේ :
මී පැණි තේ හැඳි 2 ක්

ඔයා කළ යුතු දේ :
මී පැණි කුඩා හෝ සාමාන්‍ය ප්‍රමාණයේ පිලිස්සුම් වලට යොදන්න පුලුවන්. මී පැණි ටිකක් අර ගෙන එය පිළිස්සු ස්ථානයට දමන්න. අවම වශයෙන් දිනකට තුන් වරක් මෙය කරන්න. ස්වාභාවික ප්‍රතිජීවකයක් වන මී පැණි සම මත ස්වභාවිකවම pH සමතුලිතතාවයක් ඇති කරනවා. එමඟින් පිළිස්සීම් ආසාදනය වීම වළක්වනවා. මී පැණි තුළ ඉදිමුම සහ දැවිල්ල සමනය කරන සහ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති අතර පිළිස්සුම් වේගයෙන් සුව කිරීමට උපකාරී වෙනවා.

3. දන්තාලේප
ඔයාට අවශ්‍ය වන්නේ :
සුදු මින්ටි දන්තාලේප

ඔයා කළ යුතු දේ :
සීතල වතුර වක් කළාට පස්සේ ඔයාගේ පිළිස්සීමට උඩින් දන්තාලේප ටිකක් ආලේප කරන්න. මිනිත්තු 10ක් 15 ක් තබා සෝදා හරින්න. දිනකට එක් වරක් පමණක් මෙය කරන්න. දන්තාලේප මඟින් වේදනාව අඩු කිරීමට උපකාරී වන අතර එහි මින්ට් ගුණය නිසා පිළිස්සීම සමනය කරයි.

4. තේ බෑග්
ඔයාට අවශ්‍ය වන්නේ : 
භාවිතා කළ තේ බෑග් 2 හෝ 3 ක්

ඔයා කළ යුතු දේ :
තේ හදුවට පස්සේ කුණු කුඩයට විසි කරන තේ බෑග් එක ශීතකරණය තුළ තබන්න. පස්සේ ඔයාගේ පිළිස්සුම් ප්‍රදේශය මත තේ බෑග් එක තබන්න. මිනිත්තු 10 සිට 15 දක්වා තේ බෑග් එක රඳවා තබන්න. අඩුම තරමේ දිනකට දෙවරක්වත් මෙය කරන්න. තේ tannic අම්ල වලින් පොහොසත් වන අතර එය පිළිස්සුණු ප්‍රදේශයෙන් රත් වීම අඩු කිරිමට උපකාරී වෙනවා. මේ අනුව තේ බෑග් වලින් වේදනාව සහ දැවිලි සංවේදන සමනය කිරීමට සමත් වෙනවා.

5. පොල් තෙල්
ඔයාට අවශ්‍ය වන්නේ :
පිරිසිදු පොල්තෙල් තේ හැඳි 1ක් හෝ 2 ක් 

ඔයා කළ යුතු දේ :
පිරිසිදු පොල්තෙල් ඔයාගේ ඇඟිලි තුඩු වලින් පිළිස්සු ප්‍රදේශයට කෙලින්ම අලේප කරන්න. පස්සේ ඒක සමට අවශෝෂණය කර ගැනීමට ඉඩ දෙන්න. ඉක්මන් සුවය ලබා ගැනීම සඳහා ඔයා අවම වශයෙන් දිනකට තුන් වරක් මෙම ප්‍රතිකාරය අනුගමනය කරන්න. පොල්තෙල් වල ප්‍රතිඔක්සිකාරකයක් ගුණ ඇති අතර පිළිස්සීම සිසිල් කිරීමට සහ පිළිස්සුණු සමේ බිබිලි හා කැළැල් සුව කර ගැනීමට උපකාරී වෙනවා.

6. විටමින් E 
ඔයාට අවශ්‍ය වන්නේ :
විටමින් E තෙල් තේ හැදී 1

ඔයා කළ යුතු දේ :
කැප්සියුල වලින් විටමින් E තෙල් නිස්සාරණය කර පිළිස්සූ ප්‍රදේශයේ අලේප කරන්න. සමට සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන තුරු එය තබන්න. විටමින් E තෙල්වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය දැවිල්ලට එරෙහිව සටන් කිරීමට උපකාරී වන අතර එහි සම පුනර්ජනනීය කරමින් පිළිස්සීම වේගයෙන් සුව කිරීමට උපකාරී වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,251
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,999
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,984
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed