බත් කන්න හොර පොඩ්ඩන්ට රසට වගේම ගුණට බත් කවාගන්න රසවත් බත් රෙසිපි 5ක්

July 16, 2021
10,931
5 rice recipes for kids
පොඩ්ඩො ස්වභාවයෙන්ම බත් කන්න හොරයිනෙ. හැබැයි ඉතින් වෙනස් විදියටක රසට හදල දුන්නොත් නම් එපා කියන්නෙ නෑ. අද අපි අරන් ආවෙ රසට වගේම ගුණට කන්න පොඩිත්තන්ට හදල දෙන්න පුළුවන් ෆ්රයිඩ් රයිස් රෙසිපි ටිකක්. බලන්නකො මේ රෙසිපි වල රස වෙනස.

1. රතු බත් කොත්තුව

තන්තු බහුල, විටමින් B අඩංගු ආහාරයක් වන රතු බත්වලින් රස වගේම ගුණවත් කොත්තුවක් හදාගන්නයි මේ රෙසිපි එක.

පිළියල කිරීමට ගතවන කාලය - විනාඩි 20යි
පිස ගැනීමට ගතවන කාලය - විනාඩි 10යි
4 දෙනෙකුට සෑහේ
කැලරි ප්‍රමාණය - 341 kcal

අවශ්‍ය ද්‍රව්‍ය :

පිසගත් රතු බත් 500g
කටු රහිත චිකන් 200g
ග්‍රේට් කරගත් කැරට් අලයක්
කොටු කපාගත් ලීක්ස් 100g
චොප් කරගත් ළූණු ගෙඩියක්
චොප් කරගත් සුදුළූණු බික් 3ක්
චොප් කරගත් අඟලක පමණ ඉඟුරු කෑල්ලක්
කැබලි කපාගත් සේර ඉත්තක්
Knorr සීසනින් කියුබ් 1ක්
තෙල් මේස හැඳි 2ක්
රස අනුව ලුණු සහ ගම්මිරිස්
කොටු කපාගත් තක්කාලි ගෙඩියක්
මිරිස් කුඩු තේ හැන්දක්
රම්පේ සහ කරපිංචා ස්වල්පයක්

සාදන ක්‍රමය :

භාජනයකට තෙල් දමා රත්කොට ඉඟුරු, ළූණු, සුදුළූණු, සේර, රම්පෙ සහ කරපිංචා එක් කොට තෙම්පරාදු කරගන්න.
දැන් චිකන් එකතු කරන්න. චිකන් හොඳින් පිසගන්න. ඉන්පසුව එළවළු සියල්ල එකතු කර තෙම්පරාදු කරගන්න
මිරිස් කුඩු සහ Knorr කැටය එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. අවසානයට බත් ද එකතු කර මිශ්‍ර කරගන්න. ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණට එකතු කරගන්න.

සූපවේදී උපදෙස - චීස් වෙජස් 2ක් සහ කිරි කෝප්ප භාගයක් එකතු කිරීමෙන් මෙයට චීසි රසයක් ලබාගත හැක.


2. වට්ටක්කා සහ චිකන් ෆ්රයිඩ් රයිස්

ඔබ දැනගෙන හිටියද වට්ටක්කා ඇට තන්තු සහ ඔමෙගා 6 වලින් පරිපූර්ණයි කියල? ඒ වගේම වට්ටක්කා ඇට කියන්නෙ විටමින් A සපිරි ආහාරයක්. මේ ගුණවත් වට්ටක්කා ඇට එක් කරගෙන රසවත් ෆ්රයිඩ් රයිස් එකක් පිළියෙල කරන හැටියි මේ.

පිළියල කිරීමට ගතවන කාලය - විනාඩි 20යි
පිස ගැනීමට ගතවන කාලය - විනාඩි 10යි
4 දෙනෙකුට සෑහේ
කැලරි ප්‍රමාණය - 255 kcal

අවශ්‍ය ද්‍රව්‍ය :

පිසගත් බත් 400g
තීරු කපාගත් වට්ටක්කා 200g
කටු රහිත චිකන් 200g
Knorr සීසනින් කියුබ් 1ක්
චොප් කරගත් සුදුළූණු බික් 2ක්
චොප් කරගත් ඉඟුරු අඟලක්
රම්පෙ කැබැල්ලක්
කරපිංචා ඉත්තක්
තෙල් මේස හැඳි 2ක්
රස අනුව ලුණු සහ ගම්මිරිස්
වට්ටක්කා ඇට 50g

සාදන ක්‍රමය :

පෑන් එකක තෙල් රත් වෙන්න තියන්න. එයට ඉඟුරු, සුදුළූණු, රම්පෙ සහ කරපිංචා එක්කර සුවඳ හමනතුරු තෙම්පරාදු කරන්න.
දැන් කපාගත් චිකන් එක්කර චිකන් පිසෙනතුරු තෙම්පරාදු කරන්න. ඊළඟට වට්ටක්කා එක්කර විනාඩියක් තෙම්පරාදු කරගන්න.
වට්ටක්කා ඇට එක්කර Knorr සීසනින් කියුබ් එක එකතු කරන්න. හොඳින් මිශ්‍රකර අවසානයේ පිසගත් බත් එක්කරන්න. රස අනුව ලුණු ගම්මිරිස් මිශ්‍ර කර උණුවෙන්ම පිළිගන්වන්න.

සූපවේදී උපදෙස - වට්ටක්කා ඇට පිළියෙල කරගැනීමට වට්ටක්කා ඇට හොඳින් සෝදා, අවුවේ වියළා, පොතු හැර ගන්න. වියළි සිසිල් ස්ථානයක ගබඩා කර තබන්න.


3. කරපිංචා ෆ්රයිඩ් රයිස්

අපි නිතරම අපේ කෑම වලට එක් කරගන්න කරපිංචා කියන්නෙ විටමින් A, ෆෝලේට් සහ කැල්සියම් ලබාගන්නා එක් ප්‍රභවයක්. මේ කරපිංචා එක් කර හදාගන්න පුළුවන් රසවත් බත් එකක්.

පිළියල කිරීමට ගතවන කාලය - විනාඩි 20යි
පිස ගැනීමට ගතවන කාලය - විනාඩි 10යි
4 දෙනෙකුට සෑහේ
කැලරි ප්‍රමාණය - 363 kcal

අවශ්‍ය ද්‍රව්‍ය :

පිසගත් බත් 500g
කොටු කපාගත් කටු රහිත චිකන් 200g
Knorr සීසනින් කියුබ් 1ක්
චොප් කරගත් සුදුළූණු බික් 2ක්
චොප් කරගත් ඉඟුරු අඟලක්
කරපිංචා කොළ කප් එකක්
පරිප්පු මේස හැඳි 2ක්
මුං ඇට 50g
තෙල් මේස හැඳි 2ක්
කොටු කපාගත් තක්කාලි ගෙඩියක්
රම්පෙ අඟලක කැබැල්ලක්
චොප් කරගත් ළූණු ගෙඩි 1/2ක්
රස අනුව ලුණු සහ ගම්මිරිස්

සාදන ක්‍රමය :

පෑන් එකකට මුං ඇට එක්කර විනාඩි 2, 3ක් බැදගන්න. එයටම පරිප්පු එක් කර විනාඩියක් බැද ගන්න. දැන් කරපිංචා කොළ එක්කර යන්තම් ක්‍රිස්පි ගතිය එනතුරු බැදගෙන ලිපෙන් ඉවත් කරගන්න. නිවුණු පසු ග්‍රයින්ඩ් කර කුඩු කරගන්න.
පෑන් එකකට තෙල් රත්වෙන්න තබා ඉඟුරු, සුදුළූණු, ළූණු, රම්පෙ එක්කර විනාඩි කීපයක් තෙම්පරාදු කරන්න. චිකන් එක්කර විනාඩි 2ක් පමණ පිස ගන්න.
එයට තක්කාලි සහ Knorr සීසනින් කියුබ් එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. කරපිංචා පවුඩර්ද එක් කරන්න. බත් දමා හොඳින් මිශ්‍ර කරන්න. රස අනුව ලුණු ගම්මිරිස් දමා උණුවෙන්ම පිළිගන්වන්න.

සූපවේදී උපදෙස - කුඩු කරගත් කරපිංචා මිශ්‍රණය වෙනත් කරි වර්ග උකු කිරීමට සහ රස කිරීමට භාවිතා කළ හැක.


4. අළු කෙසෙල් ෆ්රයිඩ් රයිස්

ඔබ දැනගෙන හිටියද අළු කෙසෙල් ලෙලි වල පොටෑසියම් සහ ෆෝලික් ඇසිඩ් අඩංගුයි කියල. අළු කෙසෙල් එකතු කරල ගුණ වගේම රස බත් එකක් පිළියෙල කරන හැටියි මේ.

පිළියල කිරීමට ගතවන කාලය - විනාඩි 20යි
පිස ගැනීමට ගතවන කාලය - විනාඩි 10යි
4 දෙනෙකුට සෑහේ
කැලරි ප්‍රමාණය - 563 kcal

අවශ්‍ය ද්‍රව්‍ය :

කහ සහ මිරිස් කුඩු ටිකක් එක්කර තම්බාගත් පරිප්පු 100g
පිසගත් බත් 400g
සිහින්ව පෙති කපාගත් අළුකෙසෙල් 200g
කටු රහිත චිකන් 150g
Knorr සීසනින් කියුබ් 1
චොප් කරගත් සුදුළූණු බික් 2යි
චොප් කරගත් ඉඟුරු අඟලක්
රම්පෙ කැබැල්ලක්
කරපිංචා ඉත්තක්
තෙල් හෝ මාගරින් මේස හැඳි 1ක්
කහ තේ හැඳි 1/2ක්
මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
කෑලි මිරිස් මේස හැන්දක්
ගැඹුරු තෙලේ බැදීමට තෙල්
චොප් කරගත් ළූණු ගෙඩි 1/2ක්
රස අනුව ලුණු ගම්මිරිස්

සාදන ක්‍රමය :

අළුකෙසෙල් ලෙලි හැර සිහින්ව පෙති කපාගන්න. කහ සහ මිරිස් කුඩු එක්කර කළවම් කරගන්න. ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැදගන්න.
පෑන් එකක් තෙල් රත්වෙන්න තියන්න. ඉඟුරු, සුදුළූණු, ළූණු, රම්පෙ සහ කරපිංචා සුවඳ එනතුරු තෙම්පරාදු කරගන්න. එයට බැදගත් අළුකෙසෙල් පෙති, කෑලි මිරිස්, තම්බාගත් පරිප්පු, Knorr සීසනින් කියුබ් එක එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.
අවසානයට පිසගත් බත් එක්කර, රස අනුව ලුණු ගම්මිරිස් දමා උණුවෙන් පිළිගන්වන්න.


5. කැසරෝල් ෆ්රයිඩ් රයිස්

නිතරම අපි කෑමට එක් කරගන්න කැරට් විටමින් A වලින් අනූනයි. ඒ වගේම ලීක්ස් වලත් විටමින් A වගේම ෆෝලේටුත් අඩංගුයි. බලන්නකො මේ ජාති එකතු කරල රසවත් කැසරෝල් රයිස් එකක් හදන විදිය.

පිළියල කිරීමට ගතවන කාලය - විනාඩි 40යි
පිස ගැනීමට ගතවන කාලය - විනාඩි 15යි
4 දෙනෙකුට සෑහේ
කැලරි ප්‍රමාණය - 324 kcal

අවශ්‍ය ද්‍රව්‍ය :

කපාගත් ලීක්ස් 200g
කුඩාවට කොටු කපාගත් කැරට් 150g
තම්බා කැබලි කරගත් චිකන් 200g
තලාගත් සුදුළූණු බික් 4යි
බිත්තර 4යි
Knorr කියුබ් 1යි
මිරිස් කුඩු තේ හැඳි 1/2යි
සන්ෆ්ලවර් හෝ කෝන් තෙල් මේස හැඳි 2යි
මේද අඩු (Low Fat) කිරි මිලි ලීටර් 180යි
පිසගත් සුදුබත් 300g
රස අනුව ලුණු

සාදන ක්‍රමය :

පෑන් එකක තෙල් රත්වෙන්න තබා ලීක්ස්, කැරට්, චිකන්, සුදුළූණු සහ Knorr කියුබ් එක තෙම්පරාදු කරගන්න.
බිත්තර 4ට කිරි එක්කර බීට් කරගන්න. තෙම්පරාදු කරගත් සියල්ල පිසගත් බත් සමග මිශ්‍ර කරන්න. බීට් කරගත් බිත්තරත් එයටම එක් කරන්න. මිශ්‍රණය බේක් කරගත හැකි බෝල් එකකට දමා, ෆොයිල් කොළයකින් ආවරණය කර, විනාඩි 30ක් ස්ටීම් කරගන්න. උණුවෙන්ම පිළිගන්වන්න.

සූපවේදී උපදෙස - බත් වෙනුවට ඔබ කැමති ධාන්‍යයක් හෝ කැමති එළවළුවක් එක්කර ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2024 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:55:33 AM
Script:/article/2024/5-rice-recipes-for-kids.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:55:34 AM
Script:/article/2024/5-rice-recipes-for-kids.html