නින්ද කියන්නේ ගැහැණු පිරිමි භේදයකින් තොරව වගේම වයස් භේදයකින් තොරව අත්‍යාවශ්‍ය දෙයක් කියලා ඔයා හොඳින්ම දන්නවානේ. මම ඔයා වගේම අපි හැමෝම ජීවිතයේ වැඩිම කාලයක් වැය කරන්නේ නින්ද වෙනුවෙන්. නිදා ගැනීම සඳහා භාවිත කරන ඉරියව් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඔබ වම් පැත්තට හැරී නිදා ගැනීමෙන් සුවපත් නින්දක් ලබා ගැනීමට හැකි වන අතර උදැසනට ඔබට සහනයක්ද දැනෙයි. ඔබ වම් පැත්තට හැරී නිදා ගැනීමෙන් ඔබට අත්වන ප්‍රතිලාභ කිහිපයක් මෙන්න. අද Hadakari අපි ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ.
ගොරවීම අඩු කරයි
මුළු රාත්‍රිය පුරාම ඔබේ ගෙරවීම ගැන ඔබේ සහකරු දොස් කියන නිසා ඔබ කනස්සල්ලට පත් වී සිටින්නේද? ඔබ වම් පැත්තට හැරී නිදා ගැනීමෙන් ඔබට මෙය පාලනය කිරීමට හැකි වෙනවා. විශේෂයෙන් ඔබ මුණින් අතට නිදා ගන්නේ නම්, ඔබ හයියෙන් ගොරවන ප්‍රවනතාවය වැඩියි. එයට හේතුව ඔබ නිදා සිටින විට ඔබේ දිව, මුඛය සහ හකු මුළුමනින්ම ලිහිල් වන බැවිනි.
අම්ල ප්‍රවාහයට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා
නින්දට පෙර වැඩිපුර ආහාර ගන්නවාද? මෙය රාත්‍රිය පුරාම ඇසිඩ් ප්‍රවාහයට හේතු විය හැකියි. ප්‍රවීණයන් පවසන්නේ ඔබ ඔබේ වම් පැත්තට හැරී නිදා ගත යුතු අතර එම අපහසුතාවය අඩු කර ගත හැකි බවයි.
ඔබේ හදවත නීරෝගීව තබා ගැනීමට උදව් කරයි
ඔබ වම් පැත්තට හැරී නිදා ගැනීමෙන් ඔබේ හදවත වෙහෙස මහන්සි වී වැඩ කිරීම අඩු කර ගත හැක. ඔබ මේ ආකාරයට නිදා ගන්නේ නම්, ඔබේ හදවතට මෙන්ම ඔබේ ශරීරය පුරා රුධිර සංසරණය පහසු කරයි.
ගැබිනි කාන්තාවන්ට මෙයින් ප්‍රයෝජන ගත හැක
ගැබිනි කාන්තාවන්ට වම් පැත්තට හැරී නිදා ගැනීමට නිතරම උපදෙස් දෙනු ලබනවා. මන්ද? ඔබ දකුණු පැත්තට හැරී නිදා ගන්නේ නම්, ඔබේ ගර්භාෂය ඔබේ අක්මාව තද කරයි.
ඔබේ වසා ගැටිති අවම කිරීමට උපකාරී වෙනවා
ඔබ වම් පසට හැරී නිදා ගැනීමෙන් ඔබේ වසා ගැටිති වලට පවා ප්‍රයෝජන ගෙනදෙයි. මෙය ඔබේ සිරුරට ඉක්මනින් දියර පෙරීමට උපකාරී වෙනවා. ඔබේ දකුණු පැත්තට හැරී නිදාගන්නවාද? මෙය ඔබේ වසා ගැටිති වඩාත් සෙමින් වැඩ කිරීමට හේතු වෙනවා.