ඔයාගේ වටාපිටවේ ඉන්න අයව ආකර්ශෂණය කරගන්න මායම් 08 ක්

July 30, 2018
9,001
How to attract people to you
කාන්තාවට නම් මායම් 64 ක් තියෙන්නේ කිව්වට ඉතිං මේ කතාව අද නම් දෙපාර්ශ්වයටම පොදුයි. මොකද කාන්තාවන් වගේම පිරිමි පාර්ශ්වයේ අයත් තමන්ගේ වටේ ඉන්න අයව ආකර්ශණය කර ගන්න එක වගේ දක්ෂයි. මේ හැකියාව ඉතිං පුරුදු පුහුණු නොවී උපතින්ම ගේන අයත් ඕන තරම් අපි අතරේ ඉන්නවා. ඒත් ඉතිං ඔයාට අවශ්‍ය නම් පොඩි ටික්ස් කීපයකින් ඔයා අවට ඉන්න මිතුරු සමාගම් හා ඉක්මනින් මිතුරු වෙන්න පුළුවන්. කෙනෙක්ව ආකර්ෂණය කර ගන්න පුළුවන් එකම ආකාරය බාහිර ස්වරූපය විතරක් නම් වෙයි. රූපයෙන් කොචච්ර ලස්සන වුණත් සමහර අයට තවත් කෙනෙක් ආකාර්ශණය කර ගන්න කිසිම හැකියාවක් නෑ. අද අපි ඔයාට Hadakari.com තුළින් කියන්න යන්නේ ඔයාගේ අවට ඉන්න ඕනෑම කෙනෙක්ගේ ආකාර්ෂණය දිනා ගන්න උදව් වෙන මනෝ විද්‍යාත්මක කරුණු කිහිපයක් ගැන. ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ.

01. ඔයාටම අනන්‍යවු ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න

ඔයා මුලින්ම ඔයාට අනන්‍ය වු ප්‍රතිරූපයක් ගොඩනගා ගත යුතුයි. මොකද හැමදේටම කලින් ඔබ ඔබ විය යුතුයි. ඔයා තව කෙනෙක්ව අනුකරණය කළොත් වෙන්නේ ඔයා තවත් කෙනෙක්ගේ කොපියක් බවට පත් වෙන එක. ඉතිං මෙවැනි අයට කිසිදු පුද්ගලයෙක් ආකර්ෂණය වෙන්නේ නෑ. ඔයා ඔයාට ආවේණික විශේෂ දේවල් මුලින් හදුනා ගන්න. පසුව ඒ අනුව ඔයාගේ ප්‍රතිරූපය සකස් කර ගන්න. මේ කියන්නේ ඔයාගේ ලස්සන ගැන විතරක් නම් නෙමෙයි. ඔයා කතා බහ කරන විදිහ, අදින පළදින විදිහ, ඔයාගේ විලාසිතා ආදී වශයෙන් ඔයාගේ දෛනික ජීවන රටාව ඔයාට ආවේණික විදිහට හැඩගස්වා ගන්න. ඔයාටම අවේණික මේ ලක්ෂණ තිබීමෙන් ඔයාව දන්නේ තැති කෙනෙක්ට වුණත් ඔයාව මතක තියා ගන්න ලේසියි. ඒ නිසා ඔයා කිසි විටෙක තවත් කෙනෙක්ව අනුකරණය කරන්නේ නැතිව ඔයාටම ආවේණික ලක්ෂණ ටිකක් හැඩගස්වා ගන්න. එවිට ඔයා අනිත් අයට ආකාරෂණීය පුද්ගලයෙක් බවට පත් වේවී.

02. ඔයාටම කියලා සිහිනයක් තියා ගන්න

වෙනත් කෙනෙක් ඔයාව වර්ණනා කරන්න නම් ඔයාටම ආවේණික පෞර්ෂයක් තිබිය යුතුයි. ඔයාට නිවැරදි වු අරමුණක් තිබිය යුතුයි. අරමුණක් තිබුණට විතරක් වැඩක් නෑ. ඔයා ඒ අරමුණ කරා ගමන් කිරීමයි වැදගත් වෙන්නේ. ඒ සදහා ඔයාට සිහිනයක් තිබිය යුතුයි. මතු යම් දවසක ඔයා ඒ ඉලක්කය කරා යන අදිටන තිබීම ඉතා වැදගත්. අලුත් යමක් කිරීමේ හැකියාව වගේම ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන් කියලා අනිත් අයට ඒන්තු ගැන්වීමෙන් කෙනෙක් ඔයා වෙත ආකාර්ෂණය කර ගන්න පුළුවන්.

03. ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම ඉතා වැදගත්

ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ වටිනාම දේ තමයි ආත්ම විශ්වාසය. ආත්ම විශ්වාසය නැති ජීවිතෙන් කිසිම අර්ථයක් නෑ. වෙනත් කෙනෙක්ට ළං වෙන්න වගේම වෙනත් කෙනෙක්ව ඇසුරු කරන්නත් ඔයාට ආත්ම විශ්වාසය ඉතා වැදගත්. මොකද ඔයාට ඔයා ගැන විශ්වාසයක් නැත්තම් කොහොමද අනිත් අය ඔයාව විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා ඔයා කවදාවත් ආත්ම විශ්වාසය නැති කර ගන්න නම් එපා. මොකද ඔයාගේ ජීවන ගමනේ එක් ආභරණයක් තමයි ආත්ම විශ්වාසය.

04. ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න

මුලින්ම ඔයා මෙහෙම හිතන්නකෝ නිතරම නෑ බෑ කියන නෙක්ට ඔයා කැමතිද ? ඒ නිසා ඔයා තවත් කෙනෙක්ව ආකර්ෂණය කර ගන්න කලින් සෘණාත්මක සිතුවිලි හා ආකල්ප අයින් කරලා ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න වෙනවා. ඔයා ධනාත්මකව හිතන්න පුරුදු වුණා කියලා එයින් කවදාවත් ඔයාගේ ජීවිතේට පාඩුවක් නම් වෙන්නේ නෑ.

05. පිරිසක් ඉදිරියේ මනාව හැසිරෙන්න

ඔයාව තවත් කෙනෙක් මුලින්ම දකින්නේ ඔයාගේ බාහිර හැසිරීමෙන්. ඒ නිසා ඔයාගේ හැසිරීම තුළින් ආත්ම විශ්වාසය මනාව පිළිබිඹු විය යුතුයි. ඔයා ඇවිදින විට සිරුර කෙලින් තියාගෙන නිවැරදිව ඇවිදිම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි ඔයා කතා කරන එක. තවත් කෙනෙක් එක්ක කතා කරන කොට බාහිර දේවල් අත පතගාමීන් කතාබහ කරන්න එපා. තවත් කෙනෙක් එක්ක සන්නිවේදය කරන විට දෑස් බලාගෙන ආත්ම විශ්වාසයෙන් යුතුව කතා කරන්න.

06. යහපත් දේ පමණක් කතා කරන්න

වෙනත් කෙනෙක්ව ඔයා වෙත ආකර්ෂණය කර ගන්න පුළුවන් හොදම ක්‍රමයක් තමයි මෙය. ඔයා නිතරම හොඳ දේවල් විතරක් කතා කළ යුතුයි. ඔයා නිතරම අල්ලාප සල්ලාපයේ යෙදෙන කෙනෙක් නම්, නිතරම අනුන්ව විවේචනය කරමින් කතා කරනවා නම්, නිතරම හොයන්නේ අනුන්ගේ වැරදි නම් ඔයාට කවුරුත් ආකාර්ෂණය වෙන්නේ නෑ. ඔයා මේ විදිහේ කෙනෙක් වුණොත් නම් ඔයා ගාව ඉන්න කිහිප දෙනත් ඇතැම්විට ඔයාගෙන් ඈත් වෙලා යන්න පුළුවන්.

07. කෙනෙක් ඔයා එක්ක කතා කරන විට ඔහුට අවධානය දෙන්න අමතක කරන්න එපා

ඔයා එක්ක කවුරුහරි කතා කරන කොට ඔයාගේ අවධානය ඔහුට හෝ ඇයට ලබා දීම ඉතා වැදගත්. මොකද ඔයාගේ අවධානය නොලැබෙන විට කතා කරන කෙනෙක් අපහසුතාවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා යම් කෙනෙක් එක්ක කතා කරනකොට ඒ කෙනාගේ ඇස් දිහා බලාගෙනම කතා කරන්න. එයින් ඔයා එක්ක කතා කරන පුද්ගලයාට විශ්වාසයක් ඇති වෙනවා. ඔයාගේ දුරකථනය දෙස බලමින් හෝ වෙනත දේකට අවධානය යොමු කිරීමෙන් වැළකීම ඉතා වැදගත්.

08. වැදගත් පුද්ගලයන් අනුගමනය කරන්න

ඔයාගේ ජීවිතයේ වැදගත් පුද්ගලයින් ඔයාට අනන්තවත් මුණ ගැහිලා ඇති. ඒ චරිත ඔයාගේ ජීවිතය හැඩගස්වා ගන්න ආදර්ශයක් කර ගන්න පුළුවන්. මේ කියන්නේ තවත් කෙනෙක්ගේ කොපියක් වෙන එකක් නම් නෙමෙයි. ඒ වැදගත් චරිත තුළින් ඔයාගේ ජීවිතේට ගන්න තියෙන වැදගත් දේ පමණක් ලබා ගනිමින් ඔයාගේ ජීවන රටාව වෙනස් කර ගන්න. එවිට ඔයා සෙසු අය අතරේ කැපී පෙනෙන චරියක් වනවා නිසැකයි. ඒ විතරක් නෙමෙයි ඔයාගේ වට පිටාවේ ඉන්න අයද ඔයා වෙත ඉක්මනින් ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 986 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:57 AM
Script:/article/986/how-to-attract-people-to-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:58 AM
Script:/article/986/how-to-attract-people-to-you.html