ඔබ ඔබේ සුරතලා සමඟ දිනපතා කතා කරනවාද? ඒකෙන් ලැබෙන ප්‍රතිඵල මෙන්න

September 22, 2020
5,410
Benefits you get when you talk to your pet
සුරතල් සතුන් එක්ක නිතරම සම්පූර්ණ සංවාද පවත්වන අය අද කාලයේ සුලභයි. ඔබත් එහෙම කෙනෙක් නම් සතුටු වෙන්න. ඇත්ත වශයෙන්ම මෙම සංවාදය කෙරෙන්නේ ඔබේ පැත්තෙන් විතරක් තමයි. ඒ හරහා ඔබේ හැඟීම් ඔබගේ සුරතල් සතුන් වෙතට ලබා දෙන්න ලැබෙන එකම ඇත්තෙන්ම සතුටක්. කොහොම වුණත් අපි ඔවුන් සමඟ කතා කරන්න උත්සහ කරන්නේ අපේ අවට වෙනත් පුද්ගලයින් නොමැති වෙලාවට විතරයි. ඒත් ඇත්තටම ඔබේ සුරතල් මිතුරා සමඟ කතා කිරීම ගැන ඔබට ලැජ්ජා හිතෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම අනවශ්‍ය දෙයක්. ලෝකයේ කරපු පර්යේෂණ වලින් පෙනී ගිහින් තියෙන්නේ සුරතලෙක් එක්ක කතා කරද්දී මිනිස්සුන්ට විශාල සෞඛ්‍ය ප්‍රතිලාභ ලබන්න පුලුවන් කියලායි. ඒක ඉතාම හොඳ සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් වෙන්නේ මෙහෙමයි...

සුරතලාගේ වැදගත්කම
ඔබට සුනඛයෙක්, පූසෙක් හෝ ගෝල්ඩ්ෆිෂ් කෙනෙක් සිටියත් ඔබේ ඒ සුරතලා සමඟ සෑම විටම කතා කිරීම හරහා ඔබට ඇත්තෙන්ම සතුටක් ලැබෙනවා. දැන් පර්යේෂණවලින් හෙළි වෙලා තියෙන්නේ ඒක මිනිස්සුන්ගේ මානසික සෞඛ්‍යයට ද යහපත් විදිහට බලපානවා කියලායි. විශේෂයෙන්ම සුරතල් සතුන් ඇති කිරීම සහ එයාලා එක්ක කතා කිරීමෙන් මිනිස්සුන්ට හට ගන්න සෞඛ්‍යමය ගැටලු රැසකට එරෙහිව සටන් කිරීමට ඒ පුරුද්ද උපකාරී වෙනවා කියලා පර්යේෂකයෝ සොයාගෙන තිබෙනවා.

විනිශ්චය කිරීමක් නැ
තනිකමක් දැනෙනකොට අපිට ඒ සඳහා කාවහරි ඕනේ වෙනවා. ඉතින් ඔබේ ඒ අවශ්‍යතාවය නිවසේ ඉන්න සුරතලා සපුරලා දෙනවා. කොටින්ම එයාලට දෙයක් කියනකොට ඔබ කියන දේවල් වල රහස්‍යභාවය සුරැකීම ගැන, ඔබව විනිශ්චය කරයි ද කියන එක ගැන ඔබට කරදර වෙන්න ඕනෙත් නෑ. ඔබේ සුරතලා සමඟ කතා කිරීම ඔබට ඒ තරම් හොඳ වීමට හේතුව ඒකයි. ඔබ දන්නවා ඔබ කියපු දෙයක් එයාලා නැවත කාටවත්ම කියන්නේ නෑ කියලා. ඒක ඔබට ප්‍රසන්න හැඟීමක් ගේනවා. ඒ වගේම ඔබේ කතා ඇහුවාම එයාලා සිතන දේවල් හෝ කියන දේවල් ගැන ඔබට කරදර වෙන්න ඕනෙත් නෑ.

මානව සම්බන්ධතා
ඔබේ සුරතලා සමඟ කතා කිරීමෙන් ලැබෙන තවත් වාසි කිහිපයක් තියෙනවා. සුරතල් සතුන් විසින් ඔබට වෙනත් පුද්ගලයින් සමඟ සම්බන්ධතා ඇති කර ගන්න උපකාර කරනවා. ඒ සුරතල් සතුන් සමඟ කතා කරද්දී ඔබේ ලැජ්ජාශීලී බව නැති වෙලා යන නිසා. ඒ නිසා ඔබට මිනිස්සු එක්ක කතා කරන්න තියන බිය සහ ලැජ්ජාශීලීත්වයත් ටික ටික අඩු කරගන්න පුලුවන් වෙනවා. ඒ හරහා මිනිසුන් වෙත ළඟා වීම වෙන්න අවශ්‍ය විශ්වාසය ඔබට වැඩියෙන් දැනෙන්න පටන් ගන්නවා. ඒක ඔබට පෞද්ගලිකවම ලැබෙන ජයග්‍රාහී තත්වයක්! ඒ නිසා ඔබේ ගෙවුණු දවස ගැන නිවසේ ඉන්න සුරතල් මිතුරාට නොකඩවාම කියන්න උත්සහ කරන්න. ඒ පුරුද්ද ඔබේ ජීවිතයට ඇත්තටම හොඳයි!

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1838 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:40:04 PM
Script:/article/1838/benefits-you-get-when-you-talk-to-your-pet.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:40:04 PM
Script:/article/1838/benefits-you-get-when-you-talk-to-your-pet.html