ගර්භනී සමයේ පසුවන මව්වරු බොහෝ දෙනෙක්ට පවුල් සෞඛ්‍ය උපදෙස් මාලාවක් දරු ප්‍රරසුතිය තෙක් ලැබුණද ගොඩක් අම්මලා මේ පිළිබදව එතරම් අවධානය යොමු කරන්නේ නැහැ. ඇතැම් විට එහි බලපෑම මවගේ පමණක් නෙමෙයි දරුවාගේ ජීවියටද අභියෝගයක් විය හැකියි. ගැබිනි මවක් නොයෙක් විලාසිතා කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු රැසක් පවතිනවා. හැඩකාරී තුළින් මේ ගැන ඔබව දැනුවත් කරන්න සුදානම්.
01. ලස්සන වෙන්න ඖෂධ භාවිත කරන්න එපා
බොහෝ කාන්තාවන් සම පැහැපත් කරන්න, හිස කෙස් වර්ධනය කරගන්න විවිධ වර්ගයේ ඖෂධ වර්ග භාවිත කරන්න පෙළඹෙනවා. මෙය ඉතාමත් භයානක තත්ත්වයක්. විශේෂයෙන්ම ගැබිනි මවක් විසින් නම් නොකළ යුතුම දෙයක්. මුඛ මාර්ගයෙන් වගේම බාහිර ආලේප වර්ග භාවිතයේදීත් ඔබ සැළකිලිමත් විය යුතුයි. ෆේස් වොෂ් භාවිත කිරීම තරමක් හොදයි. මොකද ෆේෂ් වොෂ් ඉක්මනින් පිරිසිදු කර ඉවත් කිරීමක් සිදුවන බැවින්. නමුත් විවිධ වර්ගයේ ආලේපන වර්ග භාවිත කිරීමේදී ඔබ වඩාත් සැළකිලිමත්ව කටයුතු කරන්න. මොකද පැය ගණනාවක් ආලේප වර්ග සමෙන් ඉවත් නොකරන බැවින් යම් ආසාත්මිකතාවක් ඇති වීමට හේතුකාරක විය හැකියි.
අද වෙළෙදපොළේ හම සුදු වෙනන වයිට්නින් ක්‍රීම් වර්ග රැසක් තිබෙනවා. මේවායෙහි විවිධ බ්ලිචින් වර්ග අන්තර්ගත වෙනවා. මෙම ක්‍රීම් වර්ග භාවිත
කිරීම මගින් ඉතා භයානක ප්‍රතිඵල රැසක් ඇති විය හැකියි.
02. ඇඟට තද හිර ඇදුම් අදින්න එපා
ගර්භණී සමය කියන්නේ ඔබත් ඔබේ දරුවාත් යන දෙදෙනාම ආරක්ෂා සහිතව සිටිය යුතු කාලයක්. මේ අවධියේ ඔබ කුස තුළ තවත් ජීවියෙක් වර්ධනය වන බව කිසි විටෙක අමතක කරන්න එපා. විශේෂයෙන් මේ අවධිය තුළ ඔයාගේ ශරීර ක්‍රියාකාරිත්වය සමාන්‍ය තත්ත්වයෙන් බැහැරව ක්‍රියා කරනවා වගේම නිරන්තරයෙන් වෙනස්වීම් වලටද ලක් වෙනවා. පොඩි කටයුත්තකදි පවා ඔබට දහඩිය දැමීමට වගේම වෙහෙසට පත් වෙන්න පුළුවන්. එබැවින් ශරීර උෂ්ණත්වය දරා ගත හැකි ඇදුම් වර්ග භාවිත කළ යුතුයි. කපු වර්ගවලින් නිමවු ඇදුම් භාවිත කිරීම වඩාත් සුදුසුයි. ඒ වගේම ඇඟට හිර ඇදුම් ඇදිමෙන් ඈත්ව කටයුතු කරන්න.
03. සපත්තු පැළඳීමේදී වඩාත් සැළකිලිමත් වෙන්න
ගර්භණී සමය ආරම්භ වූ අවධියේ සිටම දරු ප්‍රසූතිය දක්වාත් ඉන් පසු කෙටි කාලයක් දක්වා අඩි උස පාවහන් පැළඳීමෙන් මදක් වැළකි කටයුතු කරන්න. මන්ද මේ
කාලය තුළ ඔබගේ ශරීරයට නම්‍යශීලි බව ඉතාමත් වැදගත්. ඔබ අඩි උස පාවහන් පැළඳීමේදී සිදුවන්නේ ඔබගේ ශරීරයේ නම්‍යශීලීත්වය නොමැති වීමයි. යම්
හෙයකින් ලිස්සා වැටීමකට, පය පෙරළීමකට ලක් වුවහොත් ඔබට පමණක් නොව ඔබ කුස තුළ සිටින දරුවාගේ ජීවයටද ප්‍රබල අභියෝගයක් විය හැකියි. එම නිසා මෙම කාලය තුළ පාවහන් පැළඳීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන්න.
04. පමණට වඩා මේකප් කරන්න එපා
බොහෝ තරුණියන් පුරුද්දක් විදිහට මේකප් භාවිත කරනවා. විශේෂයෙන්ම ගර්භණී සමය තුළ පමණට වඩා මේකප් කිරීමේදී සැළකිලිමත් වෙන්න. මේකප් භාවිත නොකරන කාන්තාවන් මේකප් කරන්න නොයන තරමට හොදයි මේ කාළය තුළ. හුරු පුරුදු අය වුණත් තමන් කාලයක් තුළ භාවිත කළ නිෂ්පාදයන්ට අමතරව අලුත් නිෂ්පාදනවලට යොමු නොවෙනවා නම් හොදයි. මන්ද යම් ආසාත්මිකතාවයක් ඇති වුවහොත් එය ඔබට මෙන්ම දරුවාටද බලපෑ හැකියි. ඇතැම් මව්වරුන්ගේ සම ගර්භණී සමය තුළ පැහැපත් වෙනවා ස්වභාවිකව. නමුත් විවිධ ක්‍රීම් වර්ග නම් කිසිම අවස්ථාවක භාවිත කරන්න එපා. ඔබට හැකි සෑම අවස්ථාවකම ජලය පානය කරන්න. ස්වභාවික එළවලු හා පළතුරු බහුලව ආහාරයට එකතු කර ගන්න. එවිට යම් ප්‍රමාණයකට හෝ ඔබේ සමට නව පැහැයක් එකතු කරාවි.
05. විටමින් ගන්න
ගර්භණී කාන්තාවන් විටමින් ගත යුත්තේ පළමු මාස තුන ඉක්ම විමෙන් අනතුරුවයි. එතෙක් ලබාගත යුත්තේ ෆෝලික් අම්ලය පමණයි. ඇතැම් මව්වරුන් පැහැපත් වෙන්න විවිධ විටමින් වර්ග භාවිත කරනවා. විටමින් වුණත් මාත්‍රාරාව ඉක්මවා නොගත යුතුයි.
06. කොණ්ඩා මෝස්තර කරන්න විවිධ රසායනික ද්‍රව්‍යය ගැල් වීමෙන් වළකින්න
ඔබ ගැබිනියක් වෙන්න පටන් ගත් අවධියේ සිට කොණ්ඩා මෝස්තර කරන්න කලින් මේ ගැනත් හිතන්න. කොණ්ඩය ස්ට්‍රේටි කිරීම, රිලැක්සින් හා රීබෝන්ඩින් වැනි
දේවල් කරන්න යන්න එපා. මෙවැනි දේවල් සිදු කිරීමේදී අධික රසායනික ද්‍රව්‍යය භාවිත කරන බැවින් එය ඔබේ සෞඛ්‍යය තත්ත්වය කෙරෙහි අහිතකර ලෙස
බලපාන්න පුළුවන්. ඒ නිසා එවැනි ක්‍රියාවන්ගෙන් වැළකී කටයුතු කරන්න. තාවකාලික ස්ප්‍රේ වර්ගයකින් කොණ්ඩා මෝස්තරයක් කළාට වරදක් නැහැ. ගර්භණී අවධිය තුළ හෝමෝනවල වෙනස්කම් හා මානසික තත්ත්වයෙහි ඇතැම් වෙනස් වීම් ඇති විය හැකියි. මෙවායෙහි ප්‍රතිඵලයන් විදිහට කුරුළෑ අසාදනයන්, ලප
කැළැල් හා බෙල්ල කළු වීම් හා ඉන්නන් වැනි දේවල් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වය සමාන්‍යයි වගේම තාවකාලිකයි. දරු ප්‍රසූතියෙන් පසුව මෙවැනි තත්ත්වයන් ඉබේම පහව යනවා.