කරීනා කපූර්ගේ තරුණ පෙනුම ගැන ඇය කියූ රූපලාවන්‍ය රහස් 5 ක් මේ

September 28, 2020
12,462
5 beauty secrets Kareena Kapoor shared
මේ වෙද්දී බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයේ දශක දෙකක කාලයක් සම්පූර්ණ කර ඇති කරීනා කපූර් පහුගිය දා ඇගේ රංගන කුසලතාවයෙන් බොලිවුඩය ජයගෙන අවසන්. පසුගියදා ඇය සිය 40 වන උපන් දිනය සැමරුවා. නමුත් අදටත් ඇයගේ රසිකයන් ඇගේ චිත්‍රපට ගැන විතරක් නෙමෙයි දීප්තිමත් සම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ගැන ද සොයා බලනවා. ඉතින් ඇය ඇගේ රූපලාවණ්‍ය රහස් කීපයක් එදා තමන්ගේ රසිකයන් වෙතට ප්‍රසිද්ධ කරා. කරීනාගේ සම ලස්සනට තියා ගන්න මේ උපක්‍රම ලොකු බලපෑමක් ඇති කරනවාලු. අපි දැන් බලමු ඒ රූපලාවණ්‍ය රහස් මොනවද කියලා. මොකද අපිත් ආසයිනේ ලස්සනට හැඩට ඉන්න...

1. වතුර සහ පොල් වතුර බොන්න
රූපලාවණ්‍ය උපදෙසක් විදිහට පිරිසිඳු ජලය විශාල ප්‍රමාණයක් පානය කරන ලෙස අපට පැවසූ පළමු කීර්තිමත් පුද්ගලයා කරීනා නෙමෙයි. නමුත් ඇත්තටම ජලය මගින් සිරුරේ විෂ ද්‍රව්‍ය පිට කිරීමට සහ සමේ තෙතමනය රැකගන්නත් උපකාරී වෙනවා. කරීනාට අනුව ජලය කියන්නේ අපේ සමේ තෙතමනය රැකගැනීම සඳහා ආශ්චර්යමත් ඖෂධයක් වන අතර, සමේ ඇති වන ගැටළු වළක්වා ගැනීමට ද ජලයෙන් පුලුවන් බව ඇය විශ්වාස කරනවා. පොල්/තැඹිලි/කුරුම්බා වතුර විටමින් වලින් හා ඛනිජ ලවණ වලින් පොහොසත් නිසා සමේ කොලජන් සෑදීමට ඒවා උපකාරී වෙනවා.  

“මම දිනකට වතුර බෝතල් හතරක් හෝ හයක් පානය කරනවා, මගේ සියලු පීඩාකාරී ගමන් වලින් වෙහෙසට පත්ව සිටියත් මගේ හිසකෙස් සහ සම සජලීව තබා ගැනීමට වතුර මට උපකාරී වෙනවා.” යනුවෙන් ෆෙමිනා සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කරීනා පවසා තිබුණා.

2. සම සම්බාහනය කිරීමට මී පැණි භාවිතා කරන්න
ඇයගේ සමට නිරන්තරයෙන්ම දීප්තියක් ලබා ගැනීම සඳහා ආලේප කරන්නේ සරල මේක් අප් එකක් විතරයි. නැත්නම් පුලුවන් සෑම විටම මේක් අප් මඟ හරින්න ඇය කැමතියි ලු. කරීනා විසින් මී පැණි ඇගේ සම රැකවරණ සලසන වීරයා ලෙස සලකනවා. කරීනා මී පැණි භාවිතා කරන්නේ ඒවායේ ප්‍රතිබැක්ටීරීය හා මොයිස්චරයිසින් ගුණ ඇති නිසා සහ ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති නිසායි.

දීප්තිමත් සමක් ලබා ගැනීම සඳහා කරීනා කපූර් සෑම දිනකම මිනිත්තු කිහිපයක් ඇගේ සමට අමු මී පැණි භාවිතා කරමින් සම්බාහනය කරන අතර එමඟින් ඇයට සිනිඳු, මෘදු හා ගැටළු රහිත සමක් ලැබෙන බව කියනවා.

3. සම මත කිරි සහ ආමන්ඩ් තෙල් භාවිතා කරන්න
අපි හැමෝම කරීනා ගැන නොදන්නා කරුණක් නැහැ. ඒත් ඇය මේ දේ කරනවා කියලා ගොඩක් දෙනෙක් දන්නේ නෑ. ආමන්ඩ් තෙල් විටමින් E වලින් පොහොසත් නිසා ඒකෙන් සම මොයිස්චරයිස් කරන නිසා සමට ඉතාම ප්‍රයෝජනවත් තෙල් වර්ගයක්. පාරජම්බුල කිරණවලින් සිදුවන හානිය වළක්වා ගැනීමට සහ වයස්ගත පෙනුම මග හරවා ගැනීමට ද ආමන්ඩ් තෙල් උපකාර කරනවා. 

කරීනා පවසා ඇත්තේ “මම සෑම දිනකම මගේ සමට සහ හිසකෙස් වලට ආමන්ඩ් තෙල් ආලේප කරනවා. මගේ අම්මා සහ ආච්චි ද දැන් දශක ගණනාවක් තිස්සේ ආමන්ඩ් ඔයිල් භාවිතා කරනවා. සමහර වෙලාවට මම කිරි සහ ආමන්ඩ් ඔයිල් වලින් සාදන ලද ෆේස් මාස්ක් එකක් ද භාවිතා කරනවා. ඒක මගේ පවුලේ කාන්තාවන් විසින් මට භාර දුන්නු පුරුද්දක්.”

4. සම තෙතමනය සහිතව තබා ගන්න
ඇය දිනකට දෙවරක් මුහුණ සේදීමේ සිට ගුණාත්මක රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතය ද අතපසු කරන්නේ නෑ. ඒ අතර කරීනා තමන්ගේ සම නිතරම මොයිස්චරයිසින් කර තබා ගැනීමට වග බලා ගන්නවා.

5. ගෙදර හැදූ ෆේස් පැක් සහ ෂීට් මාක්ස් 
නිරෝධායන කාලය අතරතුර කරීනාගේ සුන්දර සම වෙනුවෙන් ඇය කාබනික ප්‍රතිකර්ම සිදු කරමින් රසිකයන් සමඟ සම්බන්ධ වෙලා තියෙනවා. කරීනාගේ ප්‍රියතම DIY ෆේස් මාස්ක් එක මී පැණි සහ කිරි මිශ්‍රණයක් වන අත‍ර එයින් ඇයගේ සම පැහැපත් කර ගැනීමට සහ සමට පුනර්ජීවනයක් ලබා ගන්නට ඇය සමත් වෙලා තියනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1846 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:34 AM
Script:/article/1846/5-beauty-secrets-kareena-kapoor-shared.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:34 AM
Script:/article/1846/5-beauty-secrets-kareena-kapoor-shared.html