මදුරු කරදරයෙන් බේරෙන්න

July 15, 2020
7,711
To protect from mosquitoes
මදුරුවා කියන්නේ කවදත් වසංගත රෝග බෝ කරපු චුදිතයෙක්. මැලේරියාවේ පටන් අද ඩෙංගු වසංගතය දක්වාම චෝදනා ලබන මදුරු වසංගතය දුරු කිරීමත් එතරම් පහසු නැහැ. ඩෙංගු රෝගය ගැන දැන් කතා බහ අඩු වුනේ ඊට වඩා වැඩි වේගයකින් කොරෝනා වසංගත තත්වයේ පැතිරීම නිසයි. ඒත් තවමත් ඩෙංගු අවදානමත් අවසාන නැහැ.

අපි මදුරුවන්ගෙන් බේරීමට කරන දේ..
අපි සාමාන්‍යයෙන් මදුරුවන්ගෙන් බේරීමට අනුගමනය කරන සාමාන්‍ය ක්‍රම ගැන ඔබත් දන්නවානේ. අවට පිරිසිදුව තබා ගැනීම, මදුරු විකර්ශන භාවිතා කිරීම වගේම මදුරු දැලක් පාවිච්චි කරනවා නම් ඒ වෙනුවෙන් කෘමි විකර්ශන බාවිතා කිරීම ගැන සමාජය දැණුවත්ව සිටිනවා.

මේ අතර මෑතකදී පර්යේෂකයන් විසින් අපුරු තොරතුරු කීපයක් හඳුනාගෙන තිබෙනවා. මේවා අපට අපේ එදිනෙදා ජීවිතයට ආදේශ කිරීම ඉතාම පහසුයි.

1. රාත්‍රි නින්දට පෙරාතුව ස්නානය කරන්න.

අපි දවල් දවසේ ස්නානය කළත් රාත්‍රි‍ර නින්දට පෙරාතුව ස්නානය කිරීමෙන් මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට විශේෂ වාසියක් ලැබෙන බැව් දැන් හඳුනා ගෙන තිබෙනවා. මිනිස් සිරුරේ දහඩිය සමග ඇති ලැක්ටික් අම්ලයට මදුරුවන් ආකර්ශනය වෙන නිසා ස්නානය සමග මේ ගන්ධය බොහෝ දුරට අඩු වෙනවා. එවිට මදුරුවන්ට අපි සොයා ගෙන ඒම ටිකක් අපහසුයි.

2.මේස් දාන්න
අපේ සිරුර මොනතරම් පිරිසිදු කළත් යටිපතුල් හොඳින් සබන් යොදා ගෙන පිරිසිදුව තබා ගත්තත් යටිපතුලෙන් නිකුත් වෙන ගන්ධය මදුරුවාට ඉව වැටෙනවා. ඒ නිසා යටිපතුල් හොඳින් ආවරනය වන පරිදි මේස් පැළඳ ගැනීම මදුරුවන්ගෙන් ආරක්ෂාවට ඉතා හොද උපායක්.

3.සැර ගන්ධ සහිත සුවඳ විලවුන් 
අපි පාවිච්චි කරන ඇතැම් සුවඳ විලවුන් වර්ගවලට මදුරුවා කැමැත්තක් දක්වන්නේ නැහැ.විශේෂයෙන් පළතුරු සහ මල් සුවඳ තදින් දැනෙන විලවුන් මදුරුවාට ප්‍රිය නොකරන නිසා දස්ටනයෙන් දුරස් වෙනවා. හැබැයි මේ සැර ගන්ධවලට ආසාත්මිකතාවයන් දක්වන අයත් ඉන්නවා.ඒ අය නම් මේ උපදෙස වෙනුවට ඉතිරි උපදෙස් දෙකට අනුගත වුනාට කමක් නැහැ. කොහොම වුනත් මදුරුවා කියන්නේ රෝග වාහකයෙක් නිසා අපි හැකි තරම් මදුරුවාගෙන් දුරස් වීම ඉතාම වැදගත්. ඒ නිසා සාමාන්‍යයෙන් අපි අනුගමනය කරන මදුරු උවදුරෙන් බේරෙන පිලිවෙත්වලට අතිරේකව මේවාත් අත්හදා බලන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1701 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:58 AM
Script:/article/1701/to-protect-from-mosquitoes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:58 AM
Script:/article/1701/to-protect-from-mosquitoes.html